IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මෝටර් රථ එකලස් කිරීමේ කම්හලට මුල්ගල තියයි

‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි‘ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා අද (3) කුලියාපිටිය ලබුයායේ දී මුල්ගත් තැබිණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැති අතර කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු වසර දෙකකදී නිම කිරීමට නියමිතය.

RDS_0005 RDS_0018 RDS_0065 RDS_0124 RDS_0145



අදහස් (0)

මෝටර් රථ එකලස් කිරීමේ කම්හලට මුල්ගල තියයි

එඩ්වඩ් Tuesday, 03 January 2017 05:39 PM

ජයවේවා යහපාලනයට! (නි)

:       0       0

කැලුම් වෙරෝන Tuesday, 03 January 2017 06:24 PM

මෙතන කවුද ඉන්න විදේශ ආයෝජකයො? අඩුමතරමේ නියොජිතයෙක්? මේ කරන්නෙ අවු.02 බලයේ රැදෙන්න තවත් එක් රැවටිල්ලක් පමණද? (නි)

:       0       0

චන්දිම Tuesday, 03 January 2017 06:33 PM

මේ කපේ හැදෙන්නේ නැහැ මේක (නි)

:       0       0

හසන්ත Tuesday, 03 January 2017 07:05 PM

චන්දනත් සමඟ මම එකගයි. මේක ඩීසල් වාහන එකලස් කරන තැනක්. මෙමඟින් බරපතල වායු දුෂණයක් වෙනවා. එංගලන්තයේ පරිසර ඇමති පිළිගත්තා පෙට්‍රල් වලින් ඩිසල් වාහන වලට ගිය එක වැරදි තීරණයක් කියලා. එමඟින් දැනට අහිමිවෙලා තියෙන ජීවිත ගණන 29,000ක් (නි)

:       0       0

මංජුල Tuesday, 03 January 2017 07:07 PM

අනෙක ඉන්දියාවෙන් එන අයටත් රස්සා දෙන්න එපායැ. (නි)

:       0       0

ලලිත් Tuesday, 03 January 2017 08:50 PM

බොහොම වැදගත් පියවරක්. ඉදිරියේදී ඉන්දියාව නිදහසේ එයාලගේ රටේ හදන කාර් අපේ රටට පටවන්කොට අපට පුළුවන් මේවා නිදහසේ ඒ රටට පටවන්න. අපේ රටේ සෑම පවුලකටම කාර් එක ගණනේ විකුණලා ලැබෙන ලාබෙට වඩා ඉන්දියාවේ ජනගහණයෙන් සියයට එකකට අපේ කාර් විකුණුවත් අපට ලැබෙන අාදායම වැඩියි. හැබැයි වැඩේ ෂුවර් නේද? ආයේ තව අවුරුදු දෙකකින් විතර ඇවිල්ලා තව සැරයක් මුල්ගල් තියන්න එහෙම එපා. (නි)

:       0       0

අබය Tuesday, 03 January 2017 08:52 PM

අපේ රටත් ජර්මනිය වගේම සරුසාර වෙයි එහෙනම්... (නි)

:       0       0

සෑම් Tuesday, 03 January 2017 08:56 PM

චන්දන, කෑලි පූට්ටු කරන ගරාජ් වලටත් මෝටර් රථ එකලස් කරන කම්හල් කියලත් කියනවා. ඒ වගේම ඩිසල් වාහන එකලස් කළත් පෙට්‍රල් වාහන එකලස් කළත් පරිසරයට වෙන හානියේ වෙනසක් නැති බවත් ඔබ හැර හැමෝම දන්නවා (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 03 January 2017 09:35 PM

යහපාලනය වැඩ පටන් අරන් වගෙයි (නි)

:       0       0

ජෙරමි Tuesday, 03 January 2017 09:39 PM

ප්‍රේමදාස මහත්තයා ඇඟලුම් කම්හල් හදනකොට සමහරු කිවුවා සුන්දන්ට යට ඇඳුම් මහන්න යනවා කියලා. දැන් ඔවුන්ගේ දරුවන් කීයක්හරි හොයාගන්නේ ඒ මනුස්සයා කරපු වැඩ වලින්. මේ වැඩේටත් එක එක කතා කියනවා. ඒත් රස්සා ඉල්ලාගෙන ඉස්සරහින්ම ඉන්නේ ඔවුන්මයි. රටේ හොඳ වැඩක් කරනකොට අනවශ්‍ය කතා නොකියා ඒවා අගය කරන්න. (නි)

:       0       0

ජෙරමි Tuesday, 03 January 2017 09:44 PM

ජයවේවා!!! අපෙන් සුබ පැතුම්. (නි)

:       0       0

චන්දුල‍ Tuesday, 03 January 2017 09:53 PM

නිපුන්, ඔයාලට මොකුත් කළේ නැතත් වැරදියි. කරනකොට ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් තවත් රැවටිල්ලක්. ඔයාලට පාට කණ්ණාඩි ගලවල බලනකන් හරි දෙය පෙනෙන්නේ නැත (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 03 January 2017 09:56 PM

චන්දන මහත්මයාණනි, වාහන නිපදවීමට අමුද්‍රව්‍ය ඇති රටවල් වල වාහන නිපදවන කම්හල් හදනවා. එහෙම නැති රටවල් කරන්නේ මෝටර් රථ එකලස් කරන එකයි. පොඩ්ඩක් හිතලා බලලා අදහස් පළකරන්න දේශපාලන කුහකකමෙන් එළියට ඇවිල්ලා (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 03 January 2017 11:06 PM

මේවා තමයි යහපාලනය! (නි)

:       0       0

නයන් Tuesday, 03 January 2017 11:53 PM

චන්දන, මෝඩ කතා කියන්න එපා. ඉන්දියාවට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ලබා නොදුන්නේ ඉන්දියාවේ අකමැත්ත නිසා නොවෙයි. "ස්කෝඩා" කියන කාර් වර්ගයත් අයිති වෙන්නේ වොක්ස්වැගන් සමාගමටමයි. ස්කොඩා ෆැක්ටරියක් ඉන්දියාවේ තියෙන නිසයි වොක්ස්වැගන් හදන්නේ නැත්තේ. ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් අන්තර්ජාලයේ බලන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 04 January 2017 01:52 AM

මේ ව්‍යාපෘතිය නිසා මහින්ද මහතාගේ ඡන්ද පදනම අඩුවෙන්න පුළුවන්. ඒ හින්දා අපිට ඕවා ඕනෑ නැහැ. (නි)

:       0       0

රෝහණ Wednesday, 04 January 2017 02:04 AM

සෙනරත්, නිපුන්, චන්දන යන අයගේ අදහස් බැලුවම මොවුන් කුහකයන් බවයි හැඟෙයි. වැඩක් කරන්න හදනකොට තමන්ගේ කුහකකම ඉස්සරහට දාලා හැසිරෙන්න එපා. (නි)

:       0       0

සජිනි Wednesday, 04 January 2017 02:48 AM

ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ බොරුවලට රැවටිලා පාඩමක් ඉගෙනනොගෙන තවමත් යහපාලනයට කඩේ යන සුපිරි බුද්ධිමතුන්ට නොව යමක් තමන්ගේ බුද්ධියෙන් තේරුම් ගතහැකි පාඨකයන් පහත වොක්ස්වැගන් ආයතනයේ නිල වෙබ් අඩවියෙන් ඔවුන්ගේ නිෂ්පාදන, කර්මාන්ත ශාලා පිහිටුම සහ අනාගත සැළසුම් ආදිය පිළිබඳව අවබෝධය ලබගනිත්වා! (නි)

:       0       0

සකුන්තලා Wednesday, 04 January 2017 02:53 AM

මුල්ගල තියන්න ඔපමණ කාලයක් ගියා නම් කර්මාන්ත ශාලාව විවෘත කරනකොට වසර 3000 වත් වේවි. ඡන්දෙ කිට්ටුව දාන දේශපාලන ගුණ්ඩු වලට නම් අද කාලේ මිනිස්සු අහුවෙන්නේ නැහැ. පුද්ගලික සමාගමක මුල්ගල තියන්න ජනාධිපතිම අගමැතිම යන්න ඕනෑද. මෙයාලාට හෙලිකොප්ටර් වල යන වියදම එදාවේල අමාරුවෙන් පිරිමහගන්න ජනතාව දරන්න ඕනෑ නේද ?ආයතනය විවෘත කරන්න නම් කමක් නැහැ. (නි)

:       0       0

ජනහිත Wednesday, 04 January 2017 03:14 AM

අපේ අය කෑලි පූට්ටු කරලා හරි උවමනා දේ ගන්න හරිම දක්ෂයෝනේ. (නි)

:       0       0

කුමාර Wednesday, 04 January 2017 03:30 AM

මේක හරියට සිදුවුණොත් නම් අපි ගොඩ (නි)

:       0       0

සුදේශ් Wednesday, 04 January 2017 03:35 AM

නිපුන්, ඔයා හරි. අපි මේවට රැවටෙන්නේ නැහැ. වොක්ස්වැගන් නමත් වෙනස් වෙලා, මුල්ගල පැලවෙයි. ඒක නම් ෂුවර් (නි)

:       0       0

රේණුක Wednesday, 04 January 2017 03:37 AM

කරුණාකරලා පිටකොටුවේ සාප්පු වලට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න පිටරටින් ගෙනා බඩු ඔක්කොම එළියට ගන්න කියලා. ෂෝ කේස් වල දේශීය නිෂ්පාදන තියනවාද කියලා ඇස යොමා බලන්න. මොකුත් නැතිවෙයි. අපිට ලැජ්ජා හිතෙන්නේ නැද්ද. බයිසිකලයක්වත් මිළදී ගන්න බැරි අහිංසක ගොවියෝ කීදාහක් ඇද්ද? නරකද බයිසිකල් ටිකක් හදන්න කර්මාන්ත ශාලාවක් පටන්ගන්න කටයුතු කළාම. මිනිස්සුන්ට කීයක්හරි අඩුවෙන් බයිසිකලයක්වත් ගන්න පුළුවන්වෙයි. ඒකත් හොඳ පුණ්‍යකර්මයක් වේවි. (නි)

:       0       0

අතුල Wednesday, 04 January 2017 03:43 AM

කීප දෙනෙක් මේ වගේ ආයෝජන වලට කැමති නැහැ වගේ. එයාලගේ ලොක්කා කළා නම් වස හදන එකක් වුණත් හොඳයි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 03 January 2017 11:51 AM

වොක්ස්වැගන් නැතත් කමක් නැහැ මේකවත් හැදෙනවා නම් (හේ)

:       0       0

නිපුන් Tuesday, 03 January 2017 11:59 AM

ඉදිරිදී එන පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් තවත් රැවටිල්ලක් ! (හේ)

:       0       0

සම්පත් Tuesday, 03 January 2017 11:59 AM

අපිටත් අඩුවට වාහන ගන්න පුළුවන් වෙයි.(හේ)

:       0       0

කයිලා Tuesday, 03 January 2017 12:00 PM

දැනට දශක කිහිපයකට කලින් කරන්න තිබුණ දෙයක්.. දැන්වත් කරපු එක ගොඩාක් වටිනවා... (හේ)

:       0       0

චන්දන Tuesday, 03 January 2017 12:02 PM

"මෝටර් රථ කම්හල" කිව්වට මේක මේ කැලි පූට්ටු කරන ගරාජ් එකක් වගේ එකක්,,, වොක්ස්වැගන් කොම්පැනිය රටවල් ගණනාවකම මේ ප්‍රොජෙක්ට් එක අරගෙන කරක් ගැහුවත් කිසිම රටක්, අඩුම ගානේ ඉන්දියාවවත් මේකට අනුමැතිය දුන්නේ නැහැ "ඩිසල් වාහන එකලාස කිරීමෙන්\" සිදුවන පරිසර හානිය ගැන හිතලා, හැබයි ලංකාව නම් අර "ගුගල් බැලුන්\" වගේම ඇදල අරගෙන තමගේ රටට දා ගත්තා, සමහර විට චන්ද පොරොන්දුවකුත් සම්පූර්ණ වෙන නිසා වෙන්න ඇති., මොනවා වුනත් රටට වඩා බලයනේ වටින්නේ (හේ)

:       0       0

ආරියරත්න Tuesday, 03 January 2017 12:12 PM

රැකියා දහස් ගණන් ලැබෙයි.(හේ)

:       0       0

රෝහිත Tuesday, 03 January 2017 12:18 PM

අන්න වැඩ. කොහොමද අපේ කට්ටිය වොක්ස්වැගන් කාර් වලින් ලංකාව පුරහම යනකොට.....(හේ)

:       0       0

ජැකී Wednesday, 04 January 2017 06:29 AM

ඉන්දියාව දැනටමත් කාර් හදනවා. චන්දන ඔස්ට්‍රේලියා, ජපන් රට කාර් හදන්නේ මොන අමුද්‍රව්‍ය තිබිලද.? (ර)

:       0       0

තිලක් ඉන්දික සෙනෙවිරත්න Tuesday, 03 January 2017 01:33 PM

සුබ පැතුම් (හේ)

:       0       0

රොකී Tuesday, 03 January 2017 02:32 PM

චන්දන, ඉන්දියාව 1950 ගණන් වලදී මොරිස් කාර් ඇසෙම්බල් කරන්නත් ඉන්පසු ලේලන්ඩ් බස් ඇසෙම්බල් කරන්නත් පටන්ගත් බව අමතක කරන්න එපා! කවුරු කෙරුවත් වැඩේ හොඳයි නම් එය පිළිගැනීම සුදුසුයි! (නි)

:       0       0

සමන්ත Tuesday, 03 January 2017 02:53 PM

මේ හැමදේකටම දොස්කියන, ඇද කියන ඔය මහා ලොකු පම්පෝරිකාරයන්ට අද වෙනකන් එක දෙයක් මේ රටට ගෙනෙන්න පුළුවන් වුණාද? (නි)

:       0       0

සිරි Tuesday, 03 January 2017 03:12 PM

ඔන්න.. ඔන්න... දැන්ම ඉඳලම මොන ෆොක්ස්වැගන්ද? කොහොමද අප්පා රටක් හදන්නේ? (නි)

:       0       0

කමල් Tuesday, 03 January 2017 03:14 PM

යහපාලනේ ආණ්ඩුවේ තවත් පොරොන්දුවක් ඉටුවුණු වගයි (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 03 January 2017 03:17 PM

චන්දන, කොහොමද ඩීසල් වාහන එකලස් කිරීමෙන් පරිසර හානි වෙන්නේ? කොහෙද ෆොක්ස්වැගන් කොම්පැනිය මේක අරන් රට රටවල කරක්ගැහුවේ. (නි)

:       0       0

ගයාන් Tuesday, 03 January 2017 03:23 PM

විදේශීය ආයෝජන ලංකාවට ගෙනෙන්න ඕනෑ හිතකර විදියට. මම දකින්නේ නැහැ මේ ආයෝජනයේ අඩුපාඩුවක්. කුමන ආණ්ඩුවක් ආවත් මෙවැනි තීරණ ගතයුතුයි (නි)

:       0       0

කයිලාස් Tuesday, 03 January 2017 03:45 PM

චන්දන, සමහරවිට දන්නේ නැතුව ඇති පෙට්‍රල් වාහන වලට වඩා ඩීසල් වාහන වල කාබන් මොනොක්සයිඩ් විමෝචනය ඉතාමත් අඩු බවත් ඒ නිසා යුරෝපීය රටවල ඩීසල් මෝටර් රථ භාවිතය ප්‍රචලිත කරවන බවත්. විශේෂයෙන්ම යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයන් ඩීසල් මෝටර් රථ නිෂ්පාදනය කෙරෙහි වැඩිපුර උනන්දු වන්නේ ඒ නිසයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 03 January 2017 03:57 PM

ලංකාවේ කට්ටියට මොනවා කළත් වැරදියි. පක්ෂ පාට ඉවතලා හොඳ වැඩේට හොදයි කියමු. කවුරු කළත් හොඳ දෙයක් වෙන්න ඕනෑ රටට. (නි)

:       0       0

චන්න Tuesday, 03 January 2017 03:57 PM

චන්දන දන්නා දෙයක් නැති බව පේනවා. අද ලෝකයේ සියලුම මෝටර් රථ නිපදවන කම්හල් එකලස් කිරීමේ කම්හල් විදියට තමා ක්‍රියාත්මක වන්නේ (නි)

:       0       0

සුදාර Tuesday, 03 January 2017 04:11 PM

චන්දන, තමන්ගෙ මැදමූලන නායකයා පැරදුනා කියා ඊර්ෂ්‍යාවේ නටන්න එපා. රටට යමක් වෙන එක ගැන සතුටුවෙන්න. ලංකාව වගෙ දියුණුවෙමින් පවතින රටවල මුලින්ම ආරම්භ කරන්නෙ එකලස් කිරීමේ කර්මාන්තශාලා තමයි. නැතුව සම්පූර්ණ වාහනයම යුරෝපයෙන් පිට එ් අය හදන්නෙ නැහැ (නි)

:       0       0

දම්මික Tuesday, 03 January 2017 04:19 PM

චන්දන, මොනවා දන්නවද මේ කොම්පැනිය ලෝකේ වටේ මොනවද කරනේ කියලා? මම වැඩකරන්නේ මේ කොම්පැනියේ චීන සමාගමක. අපි දන්නවා මේ මොඩල් එක මොන විදිහටද ලෝකයේ ව්‍යාපාර ව්‍යාප්ත කරන්න සැළසුම් කරලා තියෙන්නේ කියලා (නි)

:       0       0

නිමල් Tuesday, 03 January 2017 04:47 PM

රනිල් මයිත්‍රී 2020 වෙනකොට ලොකු වැඩ කොටසක් කරලා තමයි පස්ස බලන්නේ. ඒ වගේම චීනය විසින් කර්මාන්ත 16000 ක් අරින්න යනවා හම්බන්තොට මොනරාගල මාතර යන දිස්ත්‍රික්ක වල. රට තුළ රැකියා ලක්ෂ ගණනින් ඇතිවෙන්නේ. ඉදිරි පරපුරට වෙන රටවල යන්න ඕනෑ නැහැ. රට තුළම හොද පඩියක් ගන්න ලැබේවි. සියලු දෙනාම එකතු වී රට ගොඩ නගමු. (නි)

:       0       0

සේනක Tuesday, 03 January 2017 05:21 PM

මේ කම්හලේ නිෂ්පාදන පිටරටත් යවන්න පටන්ගත්තට පස්සේ පිටරට මිනිස්සු මේ රටට කියන්න පටන්ගනියි "වොක්ස්වැගන් ශ්‍රී ලංකා" කියලා. ෂා .... කාටද එතකොට ආඩම්බර! (නි)

:       0       0

ජනහිත Tuesday, 03 January 2017 05:23 PM

මේ හිටගෙන තියන මුල් ගල් මොනවද කියලා මම දන්නේ නැහැ. සිමෙන්ති තියලා තියෙන්නේ තාච්චියක නොවෙයි, කිරිබත් තියලා තියනවා වගේ කොලයකනේ. කර්මාන්තශාලාව හදලා ඉවරවුණාම විවෘත කරන්න ඔයගොල්ලන්ටත් ආරාධනය කරන්න බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 62 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4914 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4126 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6701 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 936 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1653 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site