(බිමල් ශ්‍යාමන් ජයසිංහ- )
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අද (16) අලුයම මෝටර් රථයක් අනතුරට පත්වීමෙන් එය පැදවූ තරුණයකු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළඳ නාවිකයෙකු ලෙස රැකියාව කරන අකිල සංදීප නැමති 26 හැවිරිදි තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවාය.
සිදුවූ අනතුරින් මෝටර් රථයට මෙන්ම අධිබලැති විදුලි කණුවකට බරපතල අලාභ සිදුවිය. අනතුරත් සමගම බණ්ඩාරගම ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වු අතර පැයක පමණ කාලයක් තුළදී යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයෝ පියවර ගත්හ.
මියගිය තරුණයා බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස කරා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී ගම්මන්පිල වැව් තාවුල්ල මධ්‍යයේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවත ඉවතට ගොස් අධිබලැති විදුලි කණුවක ගැටී අඩි පහළොවක් පමණ බෑවුමෙන් පහළට රූරා ගොස් බණ්ඩාරගම ප්‍රදේශයේ සිට කැස්බෑව ප්‍රදේශයට ජලය රැගෙන යන ජල නල පද්ධතියේ කොන්ක්‍රීට් බැම්මේ ගැටි මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ
මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.
2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැත
ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ග
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක වන ගනේමුල්ල සංජීව නොහොත් , මාකිලංගමුවේ සංජීව හෙවත් කුමාර සමරත්න නැමැත්තාට අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාත
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මෝටර් රිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට
MD Sunday, 16 February 2025 04:07 PM
ගෙන ආ ආයුෂ අවසන්. හිතවතුන්, ඥාතීන් හැකි පමණින් අවසන් කටයුතු වලට සම්බන්ධ වී ඔහුට අවසන් ආගමානුකූල කටයුතු සිදුකොට විසිර යන්න....