IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මෝඩ පාලම නුවණින් කළ වැඩක්

උලපනේ පුස්සැල්ලාව “මෝඩයගේ පාලම / කණපිට පාලම” මතු පරපුරට දැක බලාගැනිමටවත් සංරක්ෂනය කරන්නැයි ප්‍රදේශවාසිහු පවසති.

එවකට ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය යටත් විඡිත යුගයේදී  තේ වතු වලට බඩු බාහිරාදිය  තවලම්, අශ්ව කරත්ත, මගින් ගෙන යැම සදහා ආරුක්කුව පහතට සිටින සේ ඉදි කර ඇති නිසා මෙම පාලම “මෝඩයගේ පාලම / කණපිට පාලම” නමින් ඡනප්‍රවාදයේ පවතින බවත් ප්‍රදේශ වාසිහු පවසති.

ප්‍රදේශවාසින් පවසන්නේ කඩිනම් මහවැලි ව්‍යාපාරය සදහා අවශ්‍ය බඩු භාහිරාදිය ගෙන යාමට අවශ්‍ය වු බැවින් “මෝඩයගේ පාලම / කණපිට පාලම”  වෙනුවට තවත් පාලමක් ඒ අසලින්ම ඉදි කිරිමට මුල පුරා පාලමේ එක් පැත්තක කොටසක් ඉදි කරත් එය අතර මගදි නවතා අලුතින් යකඩ පාලමක් ඉදි කළ බවයි.

එම යකඩ පාලම වසර 30 ක් පමන ගමනා ගමනයට යොදා ගත්තද 2010 වසර පමන වන විට එම පාලම ගමනාගමනයට නුසුදුසු ආකාරයට අබලන් විම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නව කොන්ක්‍රිට් පාලමක් ඉදි‍කරනු ලැබුවා.

කෙසේ වෙතත් ප්‍රදේශ වාසීන් පවසන්නේ 1904 දි පමණ ඉදිකළ “මෝඩයගේ පාලම”   තවමත් ශක්තිමත් බවයි. මේ වන විට එම පාලම තිබෙන ස්ථනයට ගමන් කිරීමටවත් නොහැකි ලෙස කැලැ වැදි ඇත.

කඩුගන්නාව මාර්ග සංවර්ධන අධිකාරියේ  විධායක ඉංඡිනේරු කමල් ඡයවීර මහතා පැවැසුයේ “මෝඩයගේ පාලම” නමින් ජනයා ජනප්‍රවාදයේ මෙම නම ව්‍යවහාර කලත් මෙම පාලම පාලම් සෑදීමේ ක්‍රම අනුව නිවැරදි ක්‍රමයකට ඉදිකර ඇති බවයි.

1-Picture-363 1-Picture-368 1-Picture-369 3-Picture-360

2-a 2-d 4-a 5



අදහස් (0)

මෝඩ පාලම නුවණින් කළ වැඩක්

සුනිල් Saturday, 02 April 2016 03:26 AM

අපේ සිංහලයා කොහොමත් මෝඩයිනේ (නි)

:       0       0

චන්දි Saturday, 02 April 2016 03:51 AM

කාරණා නොදන්නා අයට හරිදේත් වැරදියට පේනවා. අපේ මිනිස්සු කිසිදු විචාරයකින් තොරව දේවල් පිළිගන්නත්, දේවල් ප්‍රතික්ෂේප කරන්නත් හරි දක්ෂයි. මේ පාලම නැවත භාවිතයට යොදන්න. මෙරිවිල වතුයායට යන පාරට මේ පාලම සම්බන්ධ කරන්න පුළුවන්. (නි)

:       0       0

විපුල Saturday, 02 April 2016 05:40 PM

කඩිනම් මහවැලියේත් හැදුවේ තාවකාලික පාලමක්. නමුත් මහින්ද මහත්තයාගේ කාලයේ තමයි පවතින පාලම හදල තියෙන්නේ. එතුමා ලග තාවකාලික වැඩ නැති බව මෙයින් පෙනෙනවා.(රේ)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 04 April 2016 03:03 AM

ඉතාම ශෝචනීය කතාවක්. මේක දැක්කම මට සිහිවන්නේ ගුත්තිල කාව්‍යය (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 April 2016 01:26 PM

මෙවැනි පාලමක් ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝහි ක්ලීව්ලන්ඩ් නගරයේ ඊරි ඇළ හරහා ඉදිකර ඇත. මට මතක අන්දමට මෙය ඉදිකර ඇත්තේ 1901 දීය. මෙවැනි පාලම සාදන්නේ මිනිස් සහ වාහන ගමන් නොකරන රේල්පාරවල් ආශ්‍රිතවය. පාලම සවිමත් කිරීමට අවශ්‍ය පැති ආධාරක රේල්ලුවට බාධා නොවන පරිදි යටින් සාදා ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 109 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 812 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1689 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1089 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 456 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 280 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site