මඩකලපුව පට්ටිපොල කෙවිලියාමුඩුව ගම් හතරක හාරසියයක් පමණ වන වැසියනට ග්‍රාම සේවා සහතික ,පොලිස් සහතික ඇතුළු රජයේ ලියවිලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙන් නොදෙතියි පවසමින් පවසමින් ගම්වාසිහු අද මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය අසල ඇරැඹු උද්ඝෝෂණය පැය තුනකට පසු අවසන් විය.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් බී එස් එම් චාර්ල්ස් මහත්මිය එහි පැමිණ රජයෙන් සැලසෙන සියලු පහසුකම් ලබා දෙන බව ලිඛිත පොරොන්දුවක් දුන් පසු උද්ඝෝෂණය අවසන් විය.
සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම, අම්පාර මඩකලපුව දෙදිසාවේ උප සංඝනායක අම්පිටියේ සුමනරත්න හිමි වරුන් ඇතුළු භික්ෂුහු මේ උද්ඝෝෂණය මෙහෙයවුහ.
මඩකලපුවේ පදිංචිව සිටි මෙම සිංහල වැසියෝ යුද්ධය සමයේ අම්පාර වැනි පෙදෙස් වලට ගොස් සාමය උදා වු පසු යළි සිය ගම් බිම වලට ආහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට දායක වු සිහල රාවය සංවිධානයට හා අනෙකුත් සියලුම දෙනාට අපගේ ස්තුතිය...(දිල්)
දැන් ලංකාවේ උද්ඝෝෂණ නොකර කිසිම දෙයක් බේරගන්න,ඉෂ්ට කරගන්න බැරිද.(දිල්)
අත අරින්ඩ එපා මේක අපේ රට.(නදී)
සිංහලයාගේ රටේ ඕන තැනක ජීවත් සිංහල ජනතාවට පුලුවන් මඩකලපුව කියන්නේ තමිල් නඩුවේ කොටසක් නෙමේ නිසා. අපේ සිංහල මිනිස්සුන්ටම ඇයි වල කපන්න හදන්නේ. මේ වගේ බලදාරී ඇයි මෙහෙම කරන්නේ අහිංසක ජනතාවට. යුද්දෙන් වසර ගානක් පිඩාවට පත් වෙච්චි ජනයාට උද්ගෝෂණ කරන්නේ නැතිව තමාගේ අවස්‍ය තාවයන් ලබාගන්න බැරිද. (නදී)
ඉස්සර නම් මෙවැනි දේවල් කළේ සුළු ජාතිය. දැන් මහජාතියටත් කරන්න වෙලා.(නදී)
ස්වාමීන්වහන්සේලා කරන දේ අනිවාර්‍යෙයන්ම ඇගයිය යුතුයි.(නදී)
"ලෝකේ නරකම සුළු ජාතීන් ඉන්නේ ලංකාවේ" ඒ වගේම ලෝකේ අසරණම පීඩිතම මහා ජාතිය ඉන්නෙත් ලංකාවේ, මේ අසරණ මහා ජාතිය චුට්ටක් හරි තමන්ගේ උරුමය ගැන කතකොලොත් ජාතිවාදී ලෙස ලේබල් ගහල ලෝකෙටම කෑගහන්න මේ සුළු ජාතීන් දත නියවන් ඉන්නේ. ඒවා දඩමීම කොරගෙන මේ සිංහල බොදු සිස්ටචාරයට පහර ගහන්න බටහිර ජාතීනුත් මාන බලමින් ඉන්නේ. අද සිංහලයට උතුරට යන්න බැහැ, නැගෙනහිරට යන්න බැහැ, අපේ විරුවන් දහස් ගණන් සිහල ලේ හලලා දිනපු රට උන්ට ලියල දෙන්නලු දැන්.(නදී)
හැකිතරම් සිංහල ජනතාව උතුරු නැගෙනහිර පදිංචි වෙන්න ඕනා. ලංකාවේ අනෙක් පැතිවල වගේ ජන සංයුතිය වෙනස් කරන්ට ඕනා. එතකොට ඔය නිජබිම් කතා, වෙනම රටක් ඕන කියන කතා, ඔක්කොම හකුලාගන්න වෙනවා. (නදී)
ඔබවහසේලාට ජාතියේ ප්‍රණාමය ! (නදී)
ස්වාමීන්වහන්සේලා නැත්තම් රටත් අපිට නැත.කුඩාපොළ හිමියන්ද මතකයට එයි.(නදී)
අගය කල යුතුයි මේ අයිතිවාසිකම් ලබා දෙන්න බලදාරීන් කරුණාවෙන් අවදානය යොමු කරත්වා.(නදී)
ජය වේවා.(දිල්)
කෙනත් හරියටම හරි (දිල්)
ඔබ වහන්සේලාට මුළුමහත් සිංහල ජාතියේම උත්තමාචාරය හා ගෞරවය පිරිනමනවා (දිල්)