IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මඩකලපුවේ සිංහලයෝ අද අමාරුවේ

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත්  කෙවිලියාමඩුව,පන්සල්ගල ප්‍රදේශයේ  පදිංචි සිංහල පවුල් අසු එකක් පමණ පොදු පහසුකම් නොමැතිව අසීරුතාවට ලක්ව සිටිති.

ජලය,විදුලිය,ඇඳුම් ,පැළැඳුම් ,ආහාර,නිවාස,සෞඛ්‍ය,අධ්‍යාපනය ඇතුළු පොදු පහසුකම්  කිසිවකු නොලැබෙන ගම්මුන්ට මඩකලපුව මංගලාරාමාධිපති  අම්පිටියේ සුමනරතත්න හිමියන්ගේ උදව් ලැබී ඇතැයි ගම්මු පවසති.

මෙම ගම්මු සතියකට වරක් දිය නාන බවත් බීමට  ඇති  ජලය දැඩි  අපිරිසිදු තත්ත්වයේ  ඇති බවත් ඔවුහු කියති.

දිනකට එක් වේලක්  සරි කැර ගන්නා  මොවුන් ජීවත් වීම උදෙසා  ජනතාවගේ සහාය ඉල්ලති.

( 077 -1791883 මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරත්න හිමියන්ගේ දුරකතන අංකයෙන් මේ පිරිස ගැන විස්තර ලබා ගත හැක.)

 



අදහස් (0)

මඩකලපුවේ සිංහලයෝ අද අමාරුවේ

වරුණ Wednesday, 28 August 2013 12:08 PM

කන්න වතුර නැතුව මිනිස්සු මලත් කොළඹ මහජන මුදල් නස්ති කරලා ජවුසන් නැටුවොත් ඒ ඇති. (ස)

:       0       0

ධම්ම Wednesday, 28 August 2013 12:16 PM

දිනකට තුන් වේලම කාලා බෙහෙත් පෙති හොන්ඩර ගානක් ගිල දාන මිනිසුන්ට වඩා මේ මිනිස්සු මොන තරම් නිරෝගීද. පොදු පහසුකම් සපයනවා නම් මේ මිනිස්සු 120 ට 220 ක් ජීවත්වේවි. (ස)

:       0       0

දසුනි Wednesday, 28 August 2013 12:19 PM

අපේ රටේ බඩගින්නේ ඉන්න අය නැහැ කියලා මීට දවස් දෙක තුනකට කලින් අදහස් දාපු අය ඉන්නවද? (නි)

:       0       0

සන්ජය Wednesday, 28 August 2013 12:20 PM

ඔව්. අපි තව කාර් රේස් එහෙම තියමු (නි)

:       0       0

නදී Wednesday, 28 August 2013 12:23 PM

කෝ , අපේ ඇමතිලා ටික නිදිද? මේ අසරණයන්ට ඉක්මනට පිහිට වෙන්න. (නි)

:       0       0

සංජීව Wednesday, 28 August 2013 12:33 PM

මේ ගම ලංකාවේ වෙන්න බැහැ. ලංකාවේ ඉන්න හැම මිනිහටම ගුවන් තොටුපළවල් දෙකක් , වරායවල් තුනක් , අධිවේගී මාර්ග හතරක් පහක් තියෙනවා ....එහෙව් ආශ්චර්ය උතුරා ගිය මිනිස්සු ඉන්න රටක මෙහෙම හිගන්නෝ වගේ ජීවත්වෙන මිනිස්සු ඉන්නවද ? (ස)

:       0       0

දයාල් Wednesday, 28 August 2013 12:43 PM

ඔය වගේ ජීවිතයක් මටත් තිබුණා, අද මම උගත් මිනිහෙක්. එංගලන්තෙ ඉන්නෙ. (ස)

:       0       0

පැතුම් මිහිරංග Wednesday, 28 August 2013 12:59 PM

මම නිතරම කියනවා වගේ ඇති නැති පරතරය මේ තරම් අධිකව පවතින එකම රට ලංකාව වෙන්න ඇති. (ස)

:       0       0

ඉස්මෛල් හුසේන් Wednesday, 28 August 2013 01:05 PM

අර සංජීව කිව්වා වගේ මේ ගම ලංකාවේද? ජිවිතේ ජයගන්න මොවුන්ට උදව් ඕන. ආසියාවේ හොඳම රට වෙන්න නං මේවා එක්ක බැ. මුස්ලිම් ජාතිකයොත් ඉන්නවා මේවගේම. (ස)

:       0       0

අමිල - කටුනායක Wednesday, 28 August 2013 01:11 PM

මේ අපේම අය, ගොඩක් දේශපාලකයින්ට එයාලව ඕන එක කාලෙකට විතරයි. ඒ අයගෙ පිහිටට එන්නෙ එක්කො හාමුදුරු කෙනෙක් නැත්නම් ස්වාමි කෙනෙක්.අන්තිමට එයාලටත් බනිනවා. (ස)

:       0       0

දමිත් Wednesday, 28 August 2013 01:14 PM

එන්.ජි.ඕ. වලින් සිංහලයන්ට සෙතක් කරන්නේ නැද්ද? (නි)

:       0       0

සුමනා Wednesday, 28 August 2013 06:53 PM

මේ මිනිස්සුන්ට ගෙවල් වතුර නැතිවුනාට අපේ මන්ත්‍රීවරුන්ට මාදිවෙල අලුත් ගෙවල් හදන්න පටන් අරගෙන තියෙනවා නේද? (නි).

:       0       0

දිල්ශානි Wednesday, 28 August 2013 01:15 PM

මේ සිංහල මිනිසුන්ට උදව් කරමු. පෙළපාලි ගිහින් උද්ඝෝෂණ කරනවට වැඩිය වැඩක් බොදු සංවිධාන වලට කළ හැකියි. (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 01:16 PM

අනේ දයාල්, ඔයාට හැකිනම් ඔයාගේ අතීතය මතක් කරලා එංගලන්තයේ ඉන්න අනෙක් ශ්‍රී ලාංකිකයන්වත් එකතු කරගෙන මේ මිනිස්සුන්ට යම් උපකාරයක් කරන්න. එය මහා පුණ්‍යකර්මයක් (නි)

:       0       0

වීරවංශ Thursday, 29 August 2013 07:45 AM

"දිනකට එක් වේලක් සරි කැර ගන්නා මොවුන් ජීවත් වීම උදෙසා ජනතාවගේ සහාය ඉල්ලති". ජාත්‍යන්තර කුන්ත්‍රණයක්.දෙසප්ප්‍රේමී රජය අපහසුතාවයට පත් කිරීමට ගන්න උත්සහයක්. (අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 28 August 2013 01:32 PM

කෙස් පැලෙන තර්ක/අදහස් දානවට වඩා කවුරු කවුරුත් එකතුවෙලා මේ මිනිසුන්ට උදවු කරොත් නරකද? (ස)

:       0       0

සමන් Wednesday, 28 August 2013 01:40 PM

මේ ප්‍රදේශවල ජනතාව ගැන බලන්න ඇමතිලා ඉන්නවා ආණ්ඩුවෙන් පත්කරලා. මේවා ඉතින් කාට කියන්නද ? (නි)

:       0       0

සම් Wednesday, 28 August 2013 02:10 PM

මට මතකයි ටික දවසකට කලින් කවුදෝ කිවුවා රට සහලින් ස්වයං පෝෂිතයි කියලා. වෙන රටක් ගැන වෙන් නැති කියන්න ඇත්තේ. (ස)

:       0       0

රසික Wednesday, 28 August 2013 02:18 PM

හරියටම හරි අමිල. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 August 2013 09:46 PM

පිලි ගන්න කැමති වුනත් අකමැති වුනත් ලංකාවේ ජීවත් වෙන 90% කගේ ජීවිතයේ යතාර්ථය ඕක තමයි. මම නම් මගේ පෙම්වතියගේ උපන් දිනයට සුදු අස්වයෙකුයි, ලැම්බෝගිනි කාර් එකකුයි තැගි කළා.(නදී)

:       0       0

සුජීව Wednesday, 28 August 2013 03:55 PM

කෑගහන සේනාවලට පුලුවන් මේවා බලා උදව් කරන්න... (ස)

:       0       0

අස්මිත් Wednesday, 28 August 2013 04:29 PM

අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ.තව හුඟ දෙනෙක් මෙහෙම තමයි ජීවත් වෙන්නේ.නමුත් ලැජ්ජාවට නිහඩව ඉන්න ජනතාව එමටයි.ඒවගේම අපේ පාලකයින් වැය කරන නාස්තිකාර වියදම මඩින්න කටයුතු නොකලොත් වැඩි කල් නොයා රටෙන් බාගයකට වැඩිය ඔය තත්වයට ඇදෙනවා වලක්වන්න නම් බැරියෝ. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 28 August 2013 11:06 PM

අපේ අයට පිහිට වෙන්න කිසිකෙනෙක් න්දද? (නි)

:       0       0

රෝහණ Wednesday, 28 August 2013 11:17 PM

හැම එකටම කලින් ඒ පැත්තේ ඉන්න බල්ලෝ ටික අල්ලලා පෝරුවේ තියලා කසාද බන්දලා හිටියා නම් තමයි හොඳ. දැන් ඒ ටිකනේ සිරි ලංකාවට අඩු වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සරත් බුද්දනගල Wednesday, 28 August 2013 11:20 PM

අපි මයිකල් ජැක්සන් ගේ අයියා ගෙනල්ලා මේ ගොල්ලන්ට පෙන්වමු මේ ප්‍රශ්න අමතක වෙන්න. (නි)

:       0       0

මනෝහරන් Wednesday, 28 August 2013 11:21 PM

මේක රජය අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)

:       0       0

ධම්මික Thursday, 29 August 2013 01:28 AM

දයාල් මල්ලි, ඔන්න කරනවා නම් ඔයාට වැඩක්. නරකද යාලු මිත්‍රයෝ එකතු කරගෙන මේ මිනිස්සුන්ට උදව් කළොත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 13 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 345 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2416 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2037 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1512 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8384 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34506 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site