පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හලේ විෂ කාන්දු වීමේ සිද්ධිය අද කැස්බෑව අධිකරණයදී විභාගයට ගැනේ.
ගම්වාසීහු 500 ක් පමණ දෙනා අද උදෑසනම උසාවි බිමට ආහ.
සුදු ඇදුමින් සැරැසී සිටි හත් අට දෙනෙක් උසාවි ශාලාවටද ගියහ.
පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හලේ විෂ කාන්දු වීමේ සිද්ධිය අද කැස්බෑව අධිකරණයදී විභාගයට ගැනේ.
ගම්වාසීහු 500 ක් පමණ දෙනා අද උදෑසනම උසාවි බිමට ආහ.
සුදු ඇදුමින් සැරැසී සිටි හත් අට දෙනෙක් උසාවි ශාලාවටද ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමෙන් මිනිසුනේ. හාමුදුරුවරු නම් ගාවගන්න එපා. .(නදී)
ඔය සමහර අය කියන විදිහට ඔය වගේ දේවල් වලදී ආයෝජකයෝ බය වෙනවා නම් දැන් මෙලහකට කම්හල් ගලෝගෙන ගිහින් ආයෝජන කලාපය ඇතුළේ සවි කරන්න පටන් ගන්න ඕනෑනේ.. එහෙම වෙලා නැහැනේ. ඒ කියන්නේ ඔය සමහර උදවිය හිතන්නේ මිනිස්සු වතුර වහ වුණත් පානය කළ යුතුයි කියලාද. (නි)
මෙහෙම කලබල කරන එක බොරු වැඩක්. මිනිස්සු හිතා මතා ගෑස් බැරල් හිල් කරලා වාතයට මුදා හරින්නේ නැහැ. මේ වගේ අනතුරු හදිසියේ ඇති වෙන්න පුළුවන්. නඩුකා වරයට මිනිස්සු බලපෑම් කරන්න උසාවිය ළඟ ඉන්නේ මොකටද. කරුණු බලලා උසාවිය තීරණයක් ගනීවි. වෙන්න ඕනේ මිට පස්සේ මේ වගේ දේවල් නොවෙන විදිහට කර්මාන්ත ශාලාව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමියි . නැතුව කර්මාන්ත ශාලා ඔක්කොම වහන එක්ක නෙමෙයි. මීට කලින් විෂ වායු මෙතනින් අහසට මුදා හැරිලා නැති නිසා ඔවුන්ට තව අවස්ථාවක් දීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන් වෙන තැනකට කර්මාන්ත ශාලාව ගෙන යනකන් ටික කාලයකට ආරක්ෂා සහිතව වැඩ කරන්න අවසර දිය හැකියි. බොරුවට හැම දේටම එලියට බැහැලා මෙහෙම කිරීම වැඩක් නැති දෙයක්. මගේ සාදාරන හැඟීම මේක. (නදී)
මෙතන විශාල අඩුවක් තියෙනවා කටද කියන්න පුළුවන් (අ)
හාල් වල ආසනික් ටික දවසකින් නැති උනා! කිරි පිටි වල වස ස්ටිකර් එකත් එක්ක නැති උනා! රතුපස්වල වතුර හොඳ උනා ! මෙයටත් කුමක් වෙයිද කියල කාටද කියන්න පුලුවන් ? (ස)
බහුතරයක් මිනිසුන්ට හානි කරන මිනිසුන්ට දඩුවම් නැත. ඇයි එහෙම වෙන්නේ. කිරිපිටි,රතුපස්වල, ඇල්කොහොල් හෙරොයින් අත කපපු දොස්තරලා තාම නිදැල්ලේ.(නදී)
සාදාරන නීතියක් ලංකාවේ නැති නිසා .(නදී).
එක එක උන්දැලට එක එක හැඳි වලින් හොදි බෙදන්නේ! (ස)
සිදුවෙමින් පවතින කඩිනම් සංවර්දනේට අනුව ළඟදීම ලංකාවට බොන වතුර ටිකත් හුස්ම ගන්න හුලන් ටිකත් ආනයනය කරන්න වේවි වගේ !!.(නදී)
හැමදේටම වඩා ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කල යුතුය. හුස්ම ගන්න වාතය , බීමට ගන්න ජලය යන දෙකම ජීවිතය රැක ගැනීම සඳහා අවශ්‍යයි. මොවුන් මේ ඉල්ලා සිටින්නේ ඒ අයිතිය නේද? ආයෝජන කර්මාන්ත සියල්ල ඊට පසුවය. අප මෙය තේරුම් ගත යුතුය.(නදී)
ආයෝජකයින් බය කරන වැඩ පිළිවෙලක් වගේ. ලංකාවේ අය ව්‍යාපාර කරන්නේ බොහොම පරිස්සමින්. නිකම් හරි වැටුනොත් පාගලම තමා ඉවර වෙන්නේ. . (නදී)
අපේ රටේ පරිසර විනාශය අති විනාශකාරියි. කුනු හැමතැනම. වන සතුන් විවිධ ආකාරයට මරනවා. මේ ගැන අවධානය යොමු කළ යුතුයි. කර්මාන්ත ශාලාවන වෙළ‍්ද කලාපයන් තුල පිහිටෙව්වොත් ප්‍රශ්න ගොඩක් ඉවරවෙනවා. අපද්‍රව්‍ය බැහැර කිරිමත් පිළිවෙලකට තිබිය යුතුයි. ඒ වගේම කර්මාන්තශාලාවල ලාබයෙන් සියයට 20 ක් සේවකයින් අතරේ බෙදා දිය යුතයි.(නදී)
නිශාර්ඩ්, ඔබේ අදහසට මාත් එකඟයි. සංජිවට කියන්න තියෙන්නේ පිස්සා කවුද කියල හරියට හදුනා ගන්න කියලයි. (ස)
මට හිතෙන්නෙ මේ මිනිස්සුන්ට නිකනුත් ගඳක් එනව වගේ. නහය වහගෙන ඉන්නේ. මේක පිටිපස්සෙ මොකක් හරි වෙන මගඩියක් තියෙනව වගේ. ඔක්කොම මිනිස්සු හොඳට සංවිධානය වෙලා එන්නෙ... (ස)
මොකද මේ උසාවිය ගාව නහය වහගෙන.? පිස්සු මිනිස්සු. (ස)
මිනිසුන් කලබල කරන්නේ මරණයට ඇති බිය නිසයි. නිතිය ක්‍රියාත්මක වන්නේ විනාශය සිදුවූ පසුවයි. (ස)
මටත් තේරෙන්නේ නැත්තේ නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙද්දී මිනිස්සු ඇයි කලබල ඇති කරන්න බලන්නේ කියලයි. ඔන්න ඒක වහන්න දෙන්නේ නැතුව පාලකයෙක් මැද්දට පැන්න නම් මිනිස්සු කලබල උනාට කමක් නෑ. මෙතන වෙන මොකක් හරි තියෙනවා. (ස)
හොඳම දෙය තමා විවිධ දේවල් වලට ගැලෙපන මහජනයාට හානියක් නොවෙන විදියට කර්මාන්ත ශාලා පිහිටුවීමට කලාප පිහිටුවීම. විශේෂයෙන් රසායන ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත. කර්මාන්තශාලා වහපල්ලා කියල උද්ගෝෂණය කරනවාට වඩා හොඳම දේ තමා සුදුසු කලාප වල නිර්දේශිත කලාපවල පමණක් පිහිටුවීමට වග බලා ගැනීම. (ස)
රන්ජිත් ඔබ හරි. ඔය කාරණේ නිසා තමයි නිදහස් වෙළඳ කලාපය පටන් ගන්න කොට වෘත්තීය සමිති පිහිටුවීමට කලාපය තුල ඉඩ දුන්නේ නැත්තෙත්. ඒක හොඳ නැහැ කියමුකෝ. නමුත් නීති මාර්ගයෙන් කල හැකි දේට මහා කලබැගෑනී ඇති කිරීමෙන් නම් අපි කරන්නේ ආයෝජකයෝ බය කිරීම තමයි. හරියට වාහන අනතුරක් වුනාම හරි වැරැද්ද නොබලා වාහනය ගිනි තියනවා වගේ. (ස)