බටකැත්තර එස් ඇන්ඩ් ඩී කම්හලේ විෂ රසයාන බැරල් 70ක් පොලිස් සෝදිසිය යටතේ එකතුකර ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ සුපරීක්ෂණය යටතේ විනාශ කිරීමට නියමිතය.
එම ද්‍රව්‍ය කම්හලේ සේවකයන් ලවා එකතු කරද්දී 200ක් පමණ ගැමියෝ එහි පැමිණ ඒ ගැන විමසුම් කළහ.
ඒ අවස්ථාවේ ඇති වූ කලබලය සංසිඳුවීමට පොලිසිය සමත් විය.
පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී සමාගමේ අමෝනියම් විෂ රසායන විනාශ කිරීමට අවසර ලැබෙන තුරු ඔවුන්ගේ කළුතර කම්හලට රැගෙන ගියේය.
(ඡායාරූප සිරි මහබෙල්ලන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් කරදරයක් එහෙම නැතුව ඇති නේද? (නි)
අවස්ථා දෙකකදී මෙරටට ගෙන්වන ලද ෆෝමලින් කන්ටේනර් දෙකට සහ මෙතලින් කන්ටේනර් දෙකට වුණ දෙයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නි)
අනවසර ගරාජ වලින් පිළිකා, ශ්වසන රෝග, මන්දබුද්ධිකභාවය, රෝග ඇතිවේ. පිළියන්දල අනවසර ගරාජ වලින් පිරී පවතී. (නි)
ඇයි මේවා විනාශ කරන්නේ? නිෂ්පාදනයක් සඳහා නේද ආනයනය කරන්න ඇත්තේ? ආරක්ෂිතව ඒ නියමිත භාණ්ඩ නිෂ්පාදන වැඩට මේවා යොදාගන්න බැරිද? අපරාදේ අපේ විදේශ විනිමය! (නි)
ෆෙඩ්රික්. ඉක්මනට කාර් එකක් ගන්න. එතකොට ඔය ඉරිසියාව නැති වෙයි. ගරාජ් වලට ඔය තරම් විරුද්ධ මොකද? ඔය වයසට ඉරිසියාව හොඳ නෑ. (ස)
උපාලි, ඔය හරියටම හරි. මේවා විෂ රසායන නම් කොහොමද ලංකාවට ගෙනාවේ. මේවා මහා මෝඩ දේවල්. (ස)
මිනිස්සුන්ට තියන ලෙඩ මදිවට කම්හල් වලිනුත් තව ලෙඩ හදවන්නද උත්සහ කරන්නේ(නදී)