පිළියන්දල මඩපාත එස් ඇන්ඩි ඩී සමාගමෙන් පරිසරයට ඇති වන බලපෑම් ගැන බටකැත්තර ශ්‍රී සුමනාරාමයේදී සියලු පාර්ශව අතර පැවැති සාකච්ඡාවකින් තොරව අවසන් විය.
මුල සිටම උණූසුම් ස්වාභාවයක් ගත් රැස්වීමට කම්හලේ පාලකයෝද පොලීසියද ,පරිසර අධීකාරියද ගැමියෝද පැමිණ සිටියහ.
මහජනයා ගැන කම්හල හා බලධරයන් නිසි සැළැකිල්ලක් නොදැක්වු බවට ගැමියෝ චෝදනා කරති .
කම්හලට සම්බන්ධ බව කියන පුද්ගලයකුට එහි රැස්ව සිටි පිරිස පහර දෙන්නට ගිය බවත් පොලීසිය නිසා ඔහු බේරුණූ බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්නකෝ සමුළුව අවසන්වෙන තුරු. (නි)
බන්දුල පෙරේරා නමින් . 2013-10-23 00:10:09 ට අදහස් දාල තියෙන්නේ ඇත්තටම රතුපස්වල ගැන ලියු බන්දුල පෙරේරා මහතාමද?.අපට නම් සැකයි. හිතෙන්නේ කඩාකප්පල් කරයෙක්ගේ වැඩක් කියලා. (ස)
නිමල් රණසිංහ මහත්තයා, මේක පිට දාල කට හරි කෙලින්න යන්නේ නේද? කුහකකම තිබ්බට ඔහොම පෙන්නන්න එපා. (ස)
මම දන්නා විදියට මෙම ආයතනයේ හිමිකරු ඉතා උත්සාහයෙන් දියුණු වුණු කෙනෙක්. ඉතාම සාර්ථක සිංහල, දේශීය ව්‍යාපාරිකයෙක්. මෙහෙමෙ කෙනෙක්ව කපා දැමීම අනුවණ කමක්. වරදක් වෙන්න ඇති. ඒත් ව්‍යාපාරය වසා දමන්න තරම් වරදක් නෙමේ.මෙහෙම කර්මාන්තශාලා වසා දමන්න ගියොත් රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? (ස)
හොදම විසදුම තිබෙන්නේත් විශේෂඥ දැනුම තිබෙන උපාලි,බන්දුල පෙරේරා වගේ අය ළග තමයි. මහදැනමුත්තගේ විසදුම් එයාලා ළග තිබෙනවා.කම්හල වහන්නම බැහැ.පළමු කොන්දේසිය එයයි.මේවා රසායන ද්‍රව්‍ය නැතුව හදන්නත් බැහැ. (නි)
ෆෙඩ්රික්, ඕකට කියන්නේ ඉරිසියාව කියලා. ඔයාගේ වයසට දැන් පිනක් දහමක් කරගෙන හිටියා නම් නේද හොඳ? (ස)
මෙම ආයතනයේ හිමිකරු උත්සාහයෙන් දියුණු වුණ, කාර්යශූර පුද්ගලයෙක්. මෙම පුද්ගලයාව නැත්තටම නැති වන විදියේ තීරණ ගන්න එපා. (නි)
ෆෙඩ්රික් කියන විදියට පිළියන්දල සියල්ල වහලා දාලා මිනිස්සුන්ට කන්න දෙන්නේ එයාද ? (නි)
පිළියන්දල ගරාජයන් ගොඩක් තියනවා පරිසර සතික නැතුව ගණන්කාරයන් කරන, සියල්ල වසා දමන්න. (ස)
එතකොට සාකච්ඡාවකින් තොරව අවසන් වුණේ මොකක්ද? (නි)
වතුරත් පිටරටින් ගෙන්නන තැනට ආවම රට කොච්චර දියුණුද? මොනවා වුණත් වතුර වලට මිනිස්සු මරන්න එපා (නි)
කම්හල හම්බන්තොටට ගෙනයමු.(නදී)
නරකද මේකට රතුපස්වලට වගේ කැලණියේ තුමාව ගෙන්නුවොත්.(නදී)
කම්හලත් ඕනෑ, ගමත් ඕනෑ, පරිසරයත් ඕනෑ. විසඳුම අමාරු වෙන්න පුළුවන්, නමුත් නිසැකවම විසඳුමක් තිබෙනවා. ඒක සොයාගන්න එක පහසුයි. ඒකට විශේෂඥ දැනුම තිබෙන අයයි, පරිපාලනයයි (අවශ්‍ය නම්) දේශපාලනයයි එකතු වෙන්නයි ඕනෑ. (නි)
ප්‍රශ්නය පොඩ්ඩක් දික් කරලා ඇදලා පැදලා ගන්න ඕනෑ නම් අපි අර කට්ටියට එන්න කියමු. එතකොට අනිවාර්යයෙන්ම හමුදාවත් ගෙන්වන්න වෙනවා. (නි)
මාත් කියන්නේ වරායකුත් තිබෙන හන්දා හම්බන්තොට හොදයි ඕක හදන්න (නි)
කම්හල වහන්න ඕනෑ නැහැ.ගම්වැසියෝ ටිකක් ඉවසන්න ඕනෑ.එහෙම නැත්නම් රතුපස්වලට වගේ හමුදාව යවලා උණ්ඩයෙන් විසදුම් දෙන්න ඕනෑ.කම්හල පැවතුනොත් ලොකු අයට හොඳයි.එයාලට හොද වුණාම අපිටත් හොදයි.එම නිසා අපි ගන්න ඕනෑ කම්හලේ පැත්තයි. (නි)
මේ වගේම තැනක් තියනවා සිද්දමුල්ල කුඩමාදුව පාරේ. සදහම් උයන පාරට හැරෙන තැන ලොකු බැරල් වල පුරවලා. මොනවද ඒ කියලා බලධාරින් පොඩ්ඩක් බැලුවොත් නරකද? ලොකු විනාශයක් වෙන්න පෙර (නි)
හම්බන්තොට තමා මේකට නියම තැන.(නදී)
හමුදාව නම් මේ පැත්ත පළාතේ ගෙනියන්න එපා. (නි)
හොඳම වැඩේ තමයි ඉක්මනින්ම ජනාදිපතිතුමාගෙන් සහනයක් ඉල්ලන එක.නැත්නම් රතුපස්වලට වඩා අමුතු පස්වලක් වෙයි.(නදී)
මේ ප්‍රශ්නයත් රතුපස්වල වගේ වෙන්න කලින් බුද්ධිමත් ලෙස ඉක්මනින් විසදීමට බලධාරීන් උත්සහ ගන්නවානම් හොදයි .(නදී)