ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ උරුමයේ වටිනාකම පිළිබඳව පොදුජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මේදිනවල මහා බ්‍රිතාන්‍යයට වැඩමකර සිටිති.
බ්‍රිතාන්‍යයේ විවිධ නගරයන්හි පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකිකයෝ බොහෝදෙනෙක් උන්වහන්සේ හමුවීමටත්, ධර්මදේශනාවන්ට සවන්දීමටත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්නා ආගමික සහ සංස්කෘතික වාතාවරණය පිළිබඳව කරුණු විමසා දැනගැනීමටත් උනන්දුවක් දක්වති.
ඒ අනුව එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකමුතුවී පඤ්ඤාලෝක හිමියන්ගේ ධර්මදේශනා සහ සුහද හමු පෙළක් එංගලන්තයේ ප්‍රධාන නගර කිහිපයකම සංවිධානය කිරීමට යති.
මේ සම්බන්ධ විස්තර 07728799123 සහ 07834564706 යන දුරකතනයන්ට කතා කිරීමෙන් ලබා ගතහැකි බව සංවිධායකයින් පවසති.
පඤ්ඤාලෝක හිමියන් නොවැම්බර් මාසයේ මැද භාගය දක්වා එංගලන්තයේ නැවතී සිටීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල, බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී හිටින නිහතමානීම භික්ෂුවක්... තමන් සසුන්ගත වූ උතුම් කරුණද මහා ජාතියක් හා දර්ශනයක් පෙර ගමන වෙනුවෙන් කැප කල පඤ්ඤාලෝක හිමියන්ට තමන් කැපවූ කාර්ය සාර්ථක කරගැනීමටත් කෙළවර අමා මහ නිවන් සුව ලැබීමටත් හේතු වාසනා වේවා!! සාධූ සාධු සාධු! (ස)
අහන්නත් සතුටුයි. අපේ ගෞරවනිය හාමුදුරුවෝ ලන්ඩනයේදී දකින්න ලැබීම වාසනාවක්. ලංකාදීප එසැන පුවත් සහ තිස්ස මඩවලට අපේ ස්තුතිය මේ වගේ වැදගත් තොරතුරක් ලබා දුන්නට. ධර්ම දේශනා, සාකච්ඡා තියෙන ස්ථානත් දැනගන්න සලස්වන්න. කාලෙකට පස්සේ ලන්ඩනයේ ලාංකිකයන්ට හොඳ අවස්ථාවක් වේවි. (ස)
ලංකාවේ ඉන්න අයවයි කලින් හදන්න ඕනෑ, මෙන්න මෙහෙ ලංකාවේ ඉන්න දුෂ්ශීලයන්ට පළමුව ධර්මදේශනා කරන්න හාමුදුරුවනේ (නි)
අනේ අපටත් වාසනාව තියෙනවද හමුදුරුවන්ගෙන් බණක් අහන්න ලන්ඩන්වලදී? මේ ගැන දැනුම් දුන්නාට ලංකාදීපයටත් තිස්ස මඩවල වර්තාකරුටත් ගොඩක් පිං (නි)
සාදු, සාදු! හාමුදුරුවෝ වැඩම කර ඇත්තේ අපේ බෞද්ධ උරුමය ගැන කියා දෙන්න කිවුවාම හිතෙනවා, පිටරට වෙසෙන අයටත් මෙරට වෙසෙන සංඝයා වහන්සේලාටත් ගුරුහරුකම් කියා දුන්නොත් හොඳයි කියා.පන්සලකට ආධාර පිණිස කියා පැදුරු පාටියක් දමනවා කියා දැන්වීමක් දැක්කා.තවත් පන්සලක හාමුදුරුවන්ට ව්‍යායාම කරන්න මැෂිමක් පුජාකරලා...බුදු දහම හරියට කියා දෙන්න මේ අයට. ගිහියන්ට වඩා සමහර පැවිදි අය දහම පිළිබඳ දැන ගතයුතුයි අනිවාර්යයෙන්.මෙය කියවන අයට පහර ගහන්න නොවෙයි මෙය ලිවුවේ.අපි අපේ වැරදි හදා ගන්න ඕනෑ. (නි)
බෞද්ද කටයුතු අමාත්‍යංශයේ තොරතුරු වලින් කියවෙන පරිදි භික්ෂූන් වහන්සේ නැතිව පන්සල් 284 වැසිලා තියෙන කොට (අ)
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියනි, ඔබ වහන්සේ අපට මහා මෙරක් වන ශක්තියකි. වියැකෙන ජාතික සටනට පෑයූ පුන් සඳකි. ඔබ වහන්සේ එතෙරට වැඩම කොට මේ සිදු කරන්නේ මේ මොහොතේ සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයත් අවශ්‍යම මෙහෙවරකි. ඔබ වහන්සේට අපගේ සුභ පැතුම්..! (නි)
අනේ හාමුදුරුවනේ, අපේ රටේ ඉන්න අයට ඕක කියලා දීලා ඉන්නකෝ පළමුව. (නි)
කුමාර හරියටම හරි. සමහර පන්සල් වල බොහොමයක් හාමුදුරුවන්ට බණක් දේශනා කරගන්නත් බැහැ. සමහර පන්සල් වල සංවිධාන කල්ලි එක එක්කෙනාට දොස් පවරා ගන්නවා. සමහර උපාසිකාවන් හැසිරෙන්නේ බොහොම අශීලාචාර විදියට. එක දවසක් දවල් දානයක් හදිස්සියේ පන්සලට හදාගෙන ගියාම පන්සලේ එක හාමුදුරුවෝ කෙනෙක්වත් නැහැ. දවල් බුද්ධ පුජාවවත් තියන්න වුණේ අපට. මෙන්න මෙහෙ පන්සල් වල තරම. ලියනවා නම් ලියන්න පුළුවන් පිටු පිරෙන්න. එහෙත් වැඩක් නැහැ. ඒ තරමට මෙහෙ ප්‍රසිද්ධ පන්සල් ගැන කළකිරිලා. අනගාරික ධර්මපාලතුමා සිංහල ජනතාවට කරපු සේවාවට දැන්වත් නිගා නොකරව්!!! (නි)
හාමුදුරුවනේ,සුද්දට වඳින, දරුවන්ට බලෙන්ම සිංහල අමතක කරවන, ලංකාවේ ඉන්නකොට ඉංග්‍රීසි බැරි සහ මෙහෙ පැමිණි පසු සිංහල බැරි ලක් මාතාවට පිළිලයක් වූ මෙහි ඉන්න ලංකා කළු සුද්දන්ගේ මොළය පිරිසිදු කරන බණක් කියන ලෙස නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. (නි)
මහේෂ්, ඕක තමා ප්‍රශ්නය. (නි)
මහේෂ්, පන්සල දෙවාලයක්ය සහ පන්සලේ හාමුදුරුවෝ පූසාරියෙක්ය කියන මතයේද ඔබ ඉන්නේ? එදින හාමුදුරුවෝ වෙනත් දානයකට හෝ රෝහලක රෝගියෙක් බලන්න හෝ වෙනත් කාර්යයකට වඩින්න ඇති. ඔබ රෑ දැකපු සිහිනයකින්ද කොහෙද කලබල වී කරපු පවක් මතක් වී සිතට නැගුනු දුක වේගයෙන් නිවා ගන්න 'හදිසියේ' පන්සලට නොකියා දානේ අරන් ගියාට හාමුදුරුවෝ පලි නැහැ. මින් පසු හාමුදුරුවන්ට කතා කර දානයට ආරාධනා කර දානය සපයන්න. (නි)
අපි මෙහේ තියන අපේ ප්‍රශ්න ගැන ලිවුවොත් පොතක් ගහන්න වෙයි.වැරදි කරන කවුරු වුණත් ලොකු කුඩා බේදයක් නැතිව සසුනෙන් පන්නා දමන්න ඕනෑ.විශේෂයෙන් පිටරටවල මේ ප්‍රවණතාවය වැඩියි.අපි නිදි නැහැ.ලියන්න ඕනෑ වැරදි කළු සුද්දන්ට ඇස් ඇරෙන්න. (නි)
ආධාර පිණිස ඩාන්ස් එකක් දමනවා නම් අපිත් එනවා නටන්න.අනේ අපට වෙච්ච දෙයක්.කාටවත් බැනලා වැඩක් නැහැ. (නි)
ඔබ වහන්සේට ගොඩක් පින් මගේ ආගම වෙනුවෙන් කරන දේවල් වලට.(නදී)
බොහොම වටිනවා. තිසරණ සරණයි හාමුදුරුවනේ (නි)