කහවත්ත රෝහලේ වෛද්‍ය නිල නිවාසයක් අසලින් මහ දවාලේ මැණික් ඉල්ලම් කපා ඇදීමේ සිද්ධියක් ගැන වැඩබලන වෛද්‍ය අධිකාරී එම් ජී දේවිකා මහත්මිය කහවත්ත පොලීසිටය පැමිණිළි කැර ඇත.
තෙවරක්ම ඉල්ලම් පස් රැගෙන ගොස් ඇතැයිද පැමිණිල්ලෙන් පසුව පස් යළි රෝහලට ගෙන ගොස් ඇතැයි ද ඒවා මැණික් ඉල්ලම් බවමැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසා ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් භූමියේත් පතල් හාරන්න. ප්‍රාෙද්ශීය ජනතාව එකමුතුවී සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයත් රෝගී ජනතාවටත් සහයෝගය දක්වන්න.(නදී)
බලවතෙක් පිටුපස ඉන්නවා වගේ.(නදී)
කහවත්තේ කනත්තේ පසුත් අරන් යයි.(නදී)
රටේ අහිංසක ජනතාවද මේ වැරදි කරන්නෙ?රටේ නීති කඩකරමින් වැරදි කරන්නන් දිනෙන් දින වැඩි වෙනවා. හේතුව වගකිව යුත්තන් නීතිය බාල්දුවට පත්කිරීම සහ සාදාරණීය නොකිරීම.(නදී)
ඉන්දික, මාත් හිතනවා 'බලවතෙක්'මේක පිටුපස ඉන්නවා කියලා. නැත්නම් අපි වගේ පොඩි මිනිස්සුන්ට පුලුවන්ද ආණ්ඩුවේ දේපල "හාරන්න"? නිල නිවාසය කඩා වැටෙනවාට දුකේ පස් ටික ආපහු ගෙනත් දාන්නෙත් රජයට තියෙන ආදරේ නිසානේ. (නදී)
ලෙඩ්ඩුත් පන එපා කියල මැණික් ගරනවා ඇති. (නදී)
ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකාර මහතුනේ. ඔය ඉල්ලම් අනවසරයෙන් ගෙනියන්න ඉදිරිපත් උනේ "පළාතේ දේශපාලන බලවතෙක්" නම් ඔය රෝහල තව "කොටකෙතනක්" වෙන්න වැඩි කාලයක් නැහැ. මිනිස් ජීවිතයක වටිනා කම නොදන්නා මෘගයින් සමග වැඩ කරන අශික්කිත දේශපාලුවන් මේ අපරාධ කාරයින් බේරා ගන්නා නිසා මේ පැමිණිල්ල කළ තැනැත්තියට ආරක්ෂාව ලබා දෙන අන්දමේ ප්‍රවෘර්ති දිගටම පළකරන්න.(නදී)
අපේ රටට වෙච්චි විනාසේ නම් ..දුර ඉඳන් බලන් ඉන්න අපිට කියාගන්න වචන නැහැ ..? ඇයි හත් දෙවියනේ අපේ රටේ පාලකයෝ මේවට ඇස් ඇරලා නොබලන්නේ ...? (ස)
විදේශගතව සිටින වෛද්‍ය වරුන්ට මවුබිමට ඇවිත් සේවය කරන්න කියල කියන්නේ නිල නිවසේ තියෙන පස් ටිකත් කපාගෙන යන තැනට රටක් බාල්දු කරලද? (නදී)