කහවත්ත රෝහලේ වෛද්‍ය නිල නිවාසයක් අසලින් මහ දවාලේ මැණික් ඉල්ලම් කපා ඇදීමේ සිද්ධියක් ගැන වැඩබලන වෛද්‍ය අධිකාරී එම් ජී දේවිකා මහත්මිය කහවත්ත පොලීසිටය පැමිණිළි කැර ඇත.
තෙවරක්ම ඉල්ලම් පස් රැගෙන ගොස් ඇතැයිද පැමිණිල්ලෙන් පසුව පස් යළි රෝහලට ගෙන ගොස් ඇතැයි ද ඒවා මැණික් ඉල්ලම් බවමැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසා ඇතැයි පොලීසිය කියයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මැණික් ඉල්ලන් කපන්න කහවත්ත රෝහලටත් පනී
සතයයා Monday, 02 December 2013 09:49 AM
ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකාර මහතුනේ. ඔය ඉල්ලම් අනවසරයෙන් ගෙනියන්න ඉදිරිපත් උනේ "පළාතේ දේශපාලන බලවතෙක්" නම් ඔය රෝහල තව "කොටකෙතනක්" වෙන්න වැඩි කාලයක් නැහැ. මිනිස් ජීවිතයක වටිනා කම නොදන්නා මෘගයින් සමග වැඩ කරන අශික්කිත දේශපාලුවන් මේ අපරාධ කාරයින් බේරා ගන්නා නිසා මේ පැමිණිල්ල කළ තැනැත්තියට ආරක්ෂාව ලබා දෙන අන්දමේ ප්‍රවෘර්ති දිගටම පළකරන්න.(නදී)
දයා Sunday, 01 December 2013 08:52 PM
රටේ අහිංසක ජනතාවද මේ වැරදි කරන්නෙ?රටේ නීති කඩකරමින් වැරදි කරන්නන් දිනෙන් දින වැඩි වෙනවා. හේතුව වගකිව යුත්තන් නීතිය බාල්දුවට පත්කිරීම සහ සාදාරණීය නොකිරීම.(නදී)
රූපවතී Monday, 02 December 2013 11:11 AM
අපේ රටට වෙච්චි විනාසේ නම් ..දුර ඉඳන් බලන් ඉන්න අපිට කියාගන්න වචන නැහැ ..? ඇයි හත් දෙවියනේ අපේ රටේ පාලකයෝ මේවට ඇස් ඇරලා නොබලන්නේ ...? (ස)
උපාලි Monday, 02 December 2013 01:49 AM
ඉන්දික, මාත් හිතනවා 'බලවතෙක්'මේක පිටුපස ඉන්නවා කියලා. නැත්නම් අපි වගේ පොඩි මිනිස්සුන්ට පුලුවන්ද ආණ්ඩුවේ දේපල "හාරන්න"? නිල නිවාසය කඩා වැටෙනවාට දුකේ පස් ටික ආපහු ගෙනත් දාන්නෙත් රජයට තියෙන ආදරේ නිසානේ. (නදී)
දුමින්ද Sunday, 01 December 2013 05:04 PM
රෝහල් භූමියේත් පතල් හාරන්න. ප්‍රාෙද්ශීය ජනතාව එකමුතුවී සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයත් රෝගී ජනතාවටත් සහයෝගය දක්වන්න.(නදී)
චාමික Monday, 02 December 2013 01:33 PM
විදේශගතව සිටින වෛද්‍ය වරුන්ට මවුබිමට ඇවිත් සේවය කරන්න කියල කියන්නේ නිල නිවසේ තියෙන පස් ටිකත් කපාගෙන යන තැනට රටක් බාල්දු කරලද? (නදී)
ඉන්දික Sunday, 01 December 2013 06:23 PM
බලවතෙක් පිටුපස ඉන්නවා වගේ.(නදී)
චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 02 December 2013 07:07 AM
ලෙඩ්ඩුත් පන එපා කියල මැණික් ගරනවා ඇති. (නදී)
අමිළ කටුනායක Sunday, 01 December 2013 06:45 PM
කහවත්තේ කනත්තේ පසුත් අරන් යයි.(නදී)