IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද‘

ඉදිකිරීම් කටයුතු අතරමග නතර කළ පරෙයිපඤ්ඤන්- ඊච්චන්කුලම් උස්සාන ජල යෝජනා ක්‍රමය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හා දේපළවලට තර්ජනයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි ආර්ථික සංවර්ධන විශේෂඥ ආචාර්ය කරුණාරත්න පල්ලේගෙදර මහතා කියයි.

ආචාර්ය කරුණාරත්න මහතා කන්තලේ ඉපිද ඇමරිකාවේ හොනලූලු සරසවියෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේය. ඔහු කියනුයේ පානීය ජලය සඳහා මේ වැව ලොව ස්වභාවික වැව් අතරින් ඉස්තරම්ම තත්ත්වයේ පවතින බවයි. පරෙයිපඤ්ඤන් කියන්නේ ‘කුරුල්ලන් පනින වැව‘ යන්නයි.

අදාළ වාරි යෝජනා ක්‍රමයේ මූලික ඉදිකිරීම් පමණක් කර ඇති අතර තඹලගමුව පරෙයිපඤ්ඤන් වැවේ සිට ඊච්චම්කුලම දක්වා කොන්ක්‍රීට් බට මාර්ගයෙන් ජලය රැගෙන යාමට සැලසුම් කර තිබේ. කිං පරෙයි පඤ්ඤන් උස්සාන ජල යෝජනා ක්‍රමය කිංපරෙයි පඤ්ඤන් වැවේ සිට පිටතට කොන්ක්‍රීට් බට එළා තිබේ. වැව් බැම්ම ඉක්මවා නොයන එම බටයෙන් ගලා එන ජලයෙන් බැම්ම සෝදා පාළුවට ලක්වන බව ඒ මහතා පෙන්වා දෙයි.

බැම්මේ පස් ඉවත් කළ කොටස නැවත සම්පූර්ණයෙන් වසා නැත. අඩි දහයක් පමණ ගැඹුරු හා පළල කැපුම් කඩක් බැම්ම හරහා දකින්නට ලැබේ. මෙම කැපුම්කඩ හරහා වැව් ජලය පිටතට ගලා ඒම වැළැක්වීමට වැලි කොට්ට යොදා ඇති අතර ඉදිකිරීම් ආරම්භ කළ සොරොව්වේ වැඩ අවසන් කර නැත. එබැවින් සොරොව්වට සම්බන්ධ කර ඇති බට හරහා ගලායන ජලය පාලනය කිරීමටද ක්‍රමයක් නැත.

‘‘මේක විශාල අනතුරක් දින දෙක තුනක් එක දිගට වැස්සොත් මෙතැනින් වතුර පිටවෙලා බැම්ම කඩාගෙන යනවා. දැනටමත් බැම්මේ කොටසක් සෝදා පාළුවට ලක්වෙලා. බැම්ම බිඳුනොත් වැවට පහළින් පදිංචි වී සිටින පවුල් දහස් ගණනක් ලොකු අනතුරකට ලක්වෙනවා. කොන්ක්‍රීට් වේල්ලක් සහිත ජලාශයකින් නම් මැදින් බටයක් දාලා ජලය පිටතට ගන්න පුළුවන්. නමුත් පස් බැම්මක් කපලා ඒ වැඩේ කරන්න අමාරුයි. මේක ජල පෝෂිත ප්‍රදේශයකින් වටවූ දුර්ලබ වැවක්.‘‘ යැයි ආචාර්ය පල්ලේගෙදර මහතා පැවසීය.

මෙම යෝජනා ක්‍රමයට රුපියල් මිලියන තිස්තුනක් වෙන්කළ බවත් පරෙයිපඤ්ඤන් වැවෙන් ඊච්චම්කුලම් වැවට ජලය ලබාගැනීමට ඇති පහසුම ක්‍රමය එය බවට වාරි ඉංජිනේරුවන් නිර්දේශ කළ බවත් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිළමේ මහතා කීවේය. යම් යම් ගැටළු හේතුවෙන් නියමිත කාලයට වැඩ අවසන් කළ නොහැකි වූ බවත් ඒ අතරතුර ආණ්ඩු මාරුවෙන් කරගෙන ආ සංවර්ධන කටයුතු නතර කළ බවත් මේ යෝජනා ක්‍රමයද ඒ අනුව අතරමග නතරවිම හේතුවෙන් විශාල අනතුරක් ඇතැයි තමාද පිළිගන්නා බවත් පුංචි නිළමේ මහතා කීවේය.

IMG_4037 IMG_4044 IMG_4049 IMG_4075



අදහස් (0)

‘මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 677 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 922 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2021 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4311 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2253 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 841 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site