IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මැණිකේ දෙකෝටියක් බකමුණ කැලෙන්

ලග්ගල හත්තොට අමුණේ මැණික් ව්‍යාපාරිකයකුට අයත් පතලකින් සොරකම් කරන ලදැයි කියන  නිල් මැණික රත්නපුර  මැණික් ව්‍යාපාරිකයකුට විකුණා ඉන්  ලබා ගත් රුපියල් කෝටි තුනක මුදලින් රුපියල් දෙකෝටි අනුහත් ලක්ෂක් සොයා ගත් බව ලග්ගල පොලීසිය  කියයි.

මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත්  ලග්ගල දාස්ගිරියේ පදිංචි සැකකරුගේ  බකමුණ සෝමිල් ප්‍රදේශයේ පදිංචි සහෝදරයකුගේ  නිවසක් ආසන්නයේ  රම්පේ පඳුරක් යට සඟවා තිබු  රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂයක්  ද ඒ ආසන්නයේම ලඳු කැළැවක සඟවා තිබු රුපියල් එක්කෝටි තිස් එක් ලක්ෂයක්ද සොයා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය සදහන් කළේය.

තමන්ට අයිති මැණික් පතලකින් සේවකයකු විසින්  සොරා ගත් නිල් මැණික් රත්නපුර ප්‍රදේශයේ විකිණිම සදහා ගෙනවිත් ඇති බවට ගැනුම්කාර ව්‍යාපාරිකයාගෙන් ලැබුණු තොරතුරක් අනුව නිල් මැණික අයිති ලග්ගල හත්තොට අමුණ  කේ එම් පියදාස මහතා මාතලේ මුලස්ථාන පොලීසියට මේ පිළිබද පැමිණිලි කළේ ඉකුත් 27 වැනිදාය.

ඒ අනුව පරික්ෂණ කළ මාතලේ  විමර්ශණ ඒකකය  හා ලග්ගල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර  ඔහුගෙන් සිදු කරනලද ප්‍රශ්න කිරීම් වලදී  මැණික් ගල විකුණා ඔහු ලබා ගත් මුදල් කොටස් වශයෙන් සොයා ගත් බව ද පොලීසිය කීයයි.

රත්නපුරයේ මැණික මිලට ගත් ව්‍යාපාරිකයා සොයා ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත්  ඔහුගේ කළමණාකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

මැණික් ගල විදේශීය සංචාරකයකුට විකුණා ඇති හෙයින් එය සොයා  ගැනීමට හැකි නොවු බව ද පොලීසිය සදහන් කළේය.



අදහස් (0)

මැණිකේ දෙකෝටියක් බකමුණ කැලෙන්

පෙරුමාල් Thursday, 28 November 2013 03:06 PM

කොහොම හරි විදේශ විණිමය ලැබුනනේ. දැන් ඉතින් ඕක අමතක කරල දාන්න. (ස)

:       0       0

සනත් - ඇෆ්ඝනිස්ටනය. Thursday, 28 November 2013 03:18 PM

පියදාස මුදලාලි සල්ලි කාරයෙක්නෙ .මැණික සොරාගත් සේවකයා සමාජ දැනුම සහ බුද්ධිය අඩු කෙනෙක් වගේ පෙනන්නේ .නැත්නම් ටපේ ගස් අස්සේ සල්ලි හංගනවද.අනික තමන්ට හිමි නැති වස්තුවක්නේ .එයා හිර දාන්නා එපායැ .හොරා ගත් හැටි අහල ගානක් දන්නා ඕන. (ස)

:       0       0

ලන්කා පුතා Friday, 29 November 2013 10:08 AM

දැන් කොහොමද ඔප්පු කරන්නේ මැණික හම්බ උනේ පතලෙන්මයි වික්කේ ඒකමයි කියලා. වලක් කපනකොට හමු උනා වික්කා. පියදාස මහත්තයා බොරු කියනවා වගේ? (නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 28 November 2013 03:44 PM

මොලෙය් නැති මිනිහා, ලැබුනාට වාසනාව කන්න පින නැහැ. (ස)

:       0       0

ෂේන් Thursday, 28 November 2013 04:50 PM

මැණික් ගලේ පය හැපුනත් සල්ලි රම්පෙ ගස්යට කියන්නේ මේවට තමා. (නදී)

:       0       0

ශාන්ත හෝමාගම Thursday, 28 November 2013 04:58 PM

අනේ අපේ පැත්තේ මැණික් හම්බ වෙන්නේ නැහැනේ , නැත්තම් අධි වේගේ පාර කපනකොට කොයි තරම් පස් කැපුවද ? මැණිකේ අගය කනා දන්නේ නැහැ. නමුත් අගය බාල වෙන්නේ නැහැ.(නදී)

:       0       0

උපාලි Friday, 29 November 2013 12:26 AM

මේ හොරකම හරියි කියලා දාලා තියෙන අදහස් දැක්කාම මට හිතුනේ අපේ පොලිසි උසාවි ටික වහලා දැම්මා නම් හොඳයි කියලා. (නි)

:       0       0

සිරියලතා කෙන්ය Thursday, 28 November 2013 07:34 PM

මට අර පරණ කොළඹ සන්නිය කියන චිත්‍ර පටිය මතක් උන,නොබලපු ය බලන්න,යු ටියුබ් එකේ තියනවා,(දිල්)

:       0       0

කින් බෙනට් Thursday, 28 November 2013 07:47 PM

පියදාස මුදලාලි සල්ලි කාරයෙක් හින්ද ඔහොම මැණික් ගලක් පතලෙන් හම්බ උනේ නෑ කියල හිත හදාගත්තනම් ඉවරයි නේ .. එහෙමනම් හොරෙක් උනත් ලංකාවට තව කෝටිපතියෙක් බිහිවෙනවා නේ ...සල්ලි කොච්චර තිබුනත් මදි කියන්නේ ඕකට තමයි .. අන්තිමේට කෝටි ගානක් ටික වෙලාවකට හරි රම්පෙ ගස් අස්සෙත් තිබුන ... ඕක නිකන් හරි වෙන මනුස්සයෙක් දැක්ක නම් ඒ මනුස්සය මොන තරම් වාසනාවන්තයෙක්ද ...(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 842 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 751 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1021 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1211 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site