IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මැණික් ව්‍යාපාරිකයන්ගෙන් කුරුවිට ගවයන්ට අභය දානය

කුරුවිට ගව ඝාතකාඝාරය ජනවාරි පළමු වැනි දා සිට වසා දමන බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් රත්නසිරි මහතා කියයි.

2014 සිට කුරුවිට ගවයන්ගේ දිවි රැකීමට එහි මැණික් ව්‍යාපාරිකයෝ පිරිසක් ඉදිරිපත් වී සිටිති.

කුටුවිට ප්‍රාදේශීය සභාවේ වාර්ෂික මස්කඩ ටෙන්ඩර්  රුපියල් හත්ලක්ෂ හැට එක්දහසක ලන්සුවකට ලබා ගැනීමෙන් ඔවුහු මේ පියවර තැබූහ.



අදහස් (0)

මැණික් ව්‍යාපාරිකයන්ගෙන් කුරුවිට ගවයන්ට අභය දානය

ලක්ෂ්මන් මෙල්බන් Tuesday, 19 November 2013 10:53 PM

අනේ පිටිගල,ජාතියට කිරි දෙන කිරි අම්මා ගැන කතා කළත් ජාතියටම බිත්තර දෙක 'බිත්තර අම්මා' වන කුකුළෝ ගැන කතා නොකරන්නේ මන්ද? (නි)

:       0       0

නන්ද Tuesday, 19 November 2013 05:14 PM

පවු හරක් ටික (නි)

:       0       0

දෝහ Wednesday, 20 November 2013 11:28 AM

ගව ඝාතකාගාවලට ගවයන් ලබාදෙන්නේ බෞද්ධයන් මොකද ගවයන් වැඩියෙන් ඉන්නේ සිංහලයන් ලග ඉතිං සිංහලයන්ට පුළුවන් ලේසියෙනම් ගවයන් මරණයෙන් බේරාගැනීමට නමුත් අපි වරැද්ද අනුන් පිටට පටවන්නෙමු සිතාබලන්න(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 November 2013 05:28 PM

බොහොම හොඳ දෙයක්. පින් සිද්ධ වෙනවා මේකට සම්මාදම් වූ අයට. ප්‍රශ්නේ තියෙන්නේ මේ සතුන්ට අභය දානය ලැබෙන්නේ 2014 විතරද ? මොකද 2015 නැවතත් මේ ටෙන්ඩර් එක එළියට එනවා නේද ? (නි)

:       0       0

නාමල් Wednesday, 20 November 2013 12:07 AM

මොහොමඩ් , නිකන් කටමැත දොඩවන්න එපා. රත්නපුරේ ඉන්නේ මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයන් විතරද? මුදල් දුහුවිල්ලට සමාන කිරීම ඔබේ ආගමේ හැටියට පවක් නේද? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 19 November 2013 05:30 PM

මේ මහ පින්කමට අතහිත දුන් ව්‍යාපාරික ඔබසැමගේ ව්‍යාපාර දියුණු වේවා! (නි)

:       0       0

ධම්ම Tuesday, 19 November 2013 05:43 PM

දැන් හරක් මස් කන අයට පුළුවන් රටින් ගෙනා හරක් මස් කන්න. ගෙදර හදන සතා වුණත් මරාගෙන කන්න බැරියැ අවශ්‍යම නම්. මස් නැහැ කියලා කවුරුත් චෝදනා කරන්න ඉස්සර මා මේ කිව්වේ. (නි)

:       0       0

නාමල් Tuesday, 19 November 2013 06:10 PM

දැන් සමහර මස් වැද්දන්ට කුකුලන් සහ මාලුන් ගැන අසීමිත දුකක් ඇති වෙයි. ඇත්ත. ඒ සතුනුත් ඝාතනය කිරීම පවු. නමුත් මස් වැද්දන්ට ඒ සතුන් ගැන දුක හිතෙන එකනේ වැඩේ (නි)

:       0       0

සජිත් Tuesday, 19 November 2013 06:25 PM

මේක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Wednesday, 20 November 2013 12:28 PM

ගව ඝාතනය පවක් කියල තහනම් කලාට කමක් නැහැ. ඒ වගේම හැමදාම පවුල් පිටින් ඝාතනය වන අපේ සහෝදරයන්වත් බේරගන්න ක්‍රමයක් හොයමු. හරකාට දක්වන කරුණාව මිනිසාට දැක්වීම වැදගත් නේද? මේ තරම් මිනී මැරුම් සිදුවෙනවා ඝාතකයන් නිදැල්ලේ ඉන්නවා කවුරුත් කතා කරනේ නැහැ. හරක් ප්‍රශ්න දාගන්න කලින් මිනිසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර.මු ඒ වෙනුවෙනුත් සටන් කරමු. මට නම් 110% විශ්වාසයි කුකුල් මස් හා මාළු වලට කවුරුත් එරෙහි වන්නේ නැහැ මොකද මුස්ලිම් අය විතරක්ම නෙමේනේ කන්නේ ඒ නිසා. (ස)

:       0       0

අමරේ Tuesday, 19 November 2013 06:40 PM

මෙන්න වැඩ. අවුරුද්දක් නෙමෙයි දවසක් හරි සතෙකුට ජීවත් වෙන්න ලැබෙන එක භාග්‍යයක්. සැමට බුදු සරණයි! සාදු සාදු සාදු !!! (ස)

:       0       0

සමන්ති Wednesday, 20 November 2013 05:43 AM

හරක් විතරක් මරණයට පත් නොකළහම ඇද්ද? ඇයි එළුවෝ මරන එක නවත්වන්න ඕනෑ නැද්ද? ඇයි කුකුළෝ? හැම සතාටම ජීවත්වීමේ අයිතියක් නැද්ද ? (නි)

:       0       0

සරත් Tuesday, 19 November 2013 06:44 PM

ගොඩාක් හොද වැඩක්. ගොඩක් පින් සිදු වෙනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ. තවත් පින් කරන්න (නි)

:       0       0

හිල්මි සමදරා Wednesday, 20 November 2013 05:47 AM

සතුන් නොමැරීම නම් හොදයි. (අ)

:       0       0

චාමර ඕස්ට්‍රේලියා Wednesday, 20 November 2013 12:46 PM

මම කතා කරන්නේ ඉස්සන් සහ දැල්ලන් වෙනුවෙනි. ඉස්සන් සහ දැල්ලන් විකුණන ලෑලි අඩු මිලකට බදු ගන්න පුළුවන්. කරුණාකර කුමන හෝ පුණ්‍යායතනයක් ඉදිරිපත් වී මේවාද බදුගෙන වසාදමන්න.(නදී)

:       0       0

පද්මිනි Tuesday, 19 November 2013 06:49 PM

ලබන සෑම වසරකදීම ඔය පුණ්‍ය කර්මය කිරීමට ඔබලාට මැණික් ඉල්ලම් පහල වේවා!!! . ව්‍යාපාර දියුනෙන් දියුණට පත් වේවා. (ස)

:       0       0

රිස්වාන් Wednesday, 20 November 2013 01:03 PM

අනේ රත්නපුරේ බුරුතු පිටින් දූෂණය කරලා මරපු ගැහැණු කට්ටිය මරපු වෙලාවේ ප්‍රාදේසිය මන්ත්‍රී වරුන් කොහෙද හිටියේ? හරක් වෙනුවෙන් කිඹුල් කදුළු හලන්නේ නැතුව රටේ සිදුවන මිනීමැරුම් ඉස්සෙල්ල නවත්තන්න පියවර ගත්තා නම් හොඳයි. (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 November 2013 07:15 PM

කියන තරම්ම හරක් මස් හිඟයක් නැහැ, ටෙන්ඩර් නැතුව යස අගේට ග්‍රාමීය මට්ටමින් ගව මස් බෙදා හැරීමක් දිවයින පුරාවටම සිද්ධ වෙනවා. (නි)

:       0       0

සමන් Tuesday, 19 November 2013 07:20 PM

අමරේ, එහෙනම් ඔය ධීවර සංස්ථාවම නැති කළොත් මිලියන ගණන් සතුන් ජීවත් වෙයි (නි)

:       0       0

මොහමඩ් Tuesday, 19 November 2013 07:37 PM

රත්නපුරේ ඉන්න මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයන්ට ඔය ලක්ෂ හත පොඩි දුහුවිල්ලක් වගෙයි (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 08:57 AM

ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා ! ප්‍රාණගාත අකුසලය මෙලොවදීම පඩිසන් දෙන කර්මයක් ! (නදී)

:       0       0

ජිලෝ Wednesday, 20 November 2013 09:01 AM

ගව ඝාතනයට විතරද? මිනිස් ඝාතනයට මොකද්ද කරන්නේ ?ලංකාවේ මිනිස්සු කරන්නෙම පිස්සු. (ස)

:       0       0

රණවීර Tuesday, 19 November 2013 08:38 PM

සිංහල අපේ මුතුන් මිත්තන් ගව මස් කාලා නැහැ. උන්ගේ කිරි බිවුවා පමණයි. කුරුවිට ඒ සත්ක්‍රියාව ලංකාවටම සුදුසුයි. (නි)

:       0       0

අතුල Tuesday, 19 November 2013 08:41 PM

ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා. (අ)

:       0       0

ට්‍රත් Wednesday, 20 November 2013 09:06 AM

බෞද්ධයින්ට කුකුල් ගොව්පල' ධීවර ගම්මාන, ගව ඝාතකාගාර .(නදී)

:       0       0

සමන් Tuesday, 19 November 2013 08:43 PM

හරක් මරණ එක තහනම් කර නීති පනවන්න ඕනේ (අ)

:       0       0

අජිත් Tuesday, 19 November 2013 08:46 PM

ඝව ඝාතනය නවත්තන්න ඕනේ (අ)

:       0       0

සෑම් Tuesday, 19 November 2013 09:32 PM

සමන්ගේ කටට සීනි දාන්න ඕනෑ. මට නම් මස් නැතුව කන්න අමාරුයි. බොරුව දාන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 19 November 2013 09:59 PM

"මැණික් ව්‍යාපාරිකයන්ගෙන් කුරුවිට ගවයන්ට අභය දානය".ලංකාවෙන්ම ගව ගාතනය තුරන් කරන්න.(ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 19 November 2013 10:23 PM

මෙවැනි ක්‍රියාවන් ලංකාව පුරාම ප්‍රචලිත වේවා! ගවමස් විකුණන 'සුපර් මාර්කට්' ද මහජන අවධානයට ලක්වේවා! කිරි බී හැදී වැඩී එම සතාවම මරාගෙන කන්නෝ කලක් පරිනාමනය වීමෙන් තම මවද මරාගෙන කන ජාන ලක්ෂණ ඇතිව ඉපදීම කාටත් වැළකිය නොහැක. (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 19 November 2013 10:42 PM

පිටිගල අයියගේ අදහස මම අනුමත කරනවා. එක්තරා ආගමකට අයත් පවුල් වල ගැහැණු දරුවෙක් අන්‍යාගමිකයන හා පෙම් සම්බන්ධයක් ගොඩ නගා ගත් විට දෙමාපියන් සහ අනෙක් නෑදෑයින් ඇයව 'හලාල්' (මැරුවට පව් නැත) කර මරා දමයි. එංගලන්තයේ නම් මෙයට විරුද්ධව දැඩි නීති පනවා ඇත.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 65 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 234 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 527 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 408 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3537 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 513 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site