නිවිතිගල දෑල දී වායු පීඩන යන්ත‍්‍ර ආධාරයෙන් කිමිදුම් කට්ටල යොදාගෙන ජලයේ කිමිදී විශාල යකඩ තැටි යොදා වේ ගඟේ අනවසර මැණික් ගැරූ බව කියන සිව් දෙනෙක් එම උපකරණ ද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කළ වැටලීමක දි අත්අඩංගුවට ගනු ලැබීය.
වේ ගඟේ මැණික් ගැරීමට යොදා ගත් වායු පීඩන යන්ත‍්‍රය, මොයිස්චර් යන්ත‍්‍රය, කිමිදුම් කට්ටලය, විශාල යකඩ තැටිය, ප්ලාස්ටික් බට, විදුලිය ගැනීම උපයෝගි කරගන්නා වයර්, බණ්ඩි කියතක් ආදිය ද අත්අඩංගුවට ගනු ලැබිණි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය සැකකරුවන් සිව් දෙනාට ස්ථාන සමථ කරන ගාස්තුවක් ලෙස එක් අයකුට රුපියල් 2500 බැගින් නියම කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දඩ මුදල හොඳටම වැඩියි. රුපියල් 25.00 තමා උපරිම ගණන. 2.50 තමා හරි ගණන. (බ)
ස්ටාෆ් එකට ගිය කල ඉස්සර ඔය වගේ 2.50 වැඩ කළේ නැහැ දැන් මොනවද මේ කරන්නේ (බ)
මේ පොඩි එවුන් දාල පස්සෙන් ඉඳන් වැඩේ ගෙනියන්නේ කවුද කියල හොයල බලලා, එයාලටත් එක්ක ලොකු දඩයක් ගැහුවා නම් තමයි හොඳ..(බ)
මෙම වැටලීමට මීට වඩා වියදම් වෙලා ඇති. (ර)