විනය ප්‍රශ්නයක් මත යැයි කියමින් තනතුරින් ඉවත් කැරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ මණ්ඩපාධිපති වර්නකුලේන්ද්‍ර මහතා නැවත එම තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් ලංකා ජාතික ශිෂ්‍ය සංගමය අද කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළ සිට වෝඩ් පෙදෙස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පාගමනක් ගියහ.
ප්‍රතිපාදන කොමිසම අසළ දී සිසුහු සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක් පැවැත්වූහ. ප්‍රතිපාදන කොමිසම අසල ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබ තිබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ශිෂ්‍යයින් වෙලා සිටි අවදියේ ලංකා ජාතික ශිෂ්‍යය සංගමයේ සාමාජිකයන් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වෙනුවෙන් සටන් කළ කාලය මතක්වෙනවා. සාධාරණත්වය වෙනුවෙන් මිනිසුන් ඕනෑම යුගයක පාරට බැසීමේ වරදක් අප නම් දකින්නේ නැහැ. එකම දේ හිංසාවෙන් වළකින්න ඕනෑ. (නි)
ඉගෙනගන්න කාලේ සමහරු ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරනවා. ඉන්පසුව රැකියාවක් හොයාගෙන මුල්කාලේ පොදු පෙරමුණට වැඩකරනවා කාලයක්. ඉන්පසු කෙදිනක හෝ කසාද බැඳ දරුවන් ඉන්නා කාලේදී ආර්ථික අපහසුකම් වලින් පීඩනය එනකොට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකරනවා. ඕක තමයි ජීවිත රවුම. හැම කෙනෙක්ම ඔය මඟ ගමන්කර ඇත, කෙදිනක හෝ !!! (නි)
බොහෝවිට, විනය ගැටළු ඇතිවෙන්නේ දේශපාලන හේතු මත බවයි මට හිතෙන්නේ (නි)
අල්ලාගෙන ගියාම සමහරු ඔය දෝතින්ම තමයි තලන්නේත් (නි)
මටත් හිතෙනවා මේ ගැහැණු දැරිවියන්ව අනාගතයේදී කන් ඇහෙන්නේ නැති නැන්දම්මා කෙනෙක් ඉන්න ගෙදරක් සොයා භාරදුන්නොත් හොඳයි කියලා. නැත්නම් මහත්තයාගේ කන් බෙරයට වැඩි ආයුෂ තියෙන එකක් නැහැ. (නි)
අර අන්තිමට කෑගහන නංගිලා දෙන්නා දුටු කෙනෙක් රස්සාවකට අඬ ගහනවා නම් හරියට කන් ඇහෙන්නේ නැති උදවිය වැඩකරන, කන් ඇසීම අඩු පාරිභෝගිකයන් ඉන්න තැනක් තමයි. (නි)
මොකක් හරි හොයාගෙන ඉතින් පාරට බැස්සේ නැත්තන් අනාත දේශපාලන පක්ෂ වලට බෑනේ. (නදී)
සත්‍යපාල දන්නේ නැහැනේ, මෙවැනි උද්ඝෝෂණයක් නිසා පාර අවහිර වී අත්‍යවශ්‍ය රාජකාරියකට වෙලාවට එන්න බැරිවුණ අපේ කාර්යාලයේ අනියම් සේවිකාවකට ආයතන ප්‍රධානියා බැනපු හැටි. ඇයි වෙන පාරකින් ආවේ නැත්තේ, පරිවාස කාලය දික්කරනවා කිව්වා.මේ අරගලකාරයෝ රස්සාවක් කරන්න පටන් ගත්තදාට තේරේවි, ජීවන අරගලයේ තරම. (නි)
පාර අවහිර උනා වගේද යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් කරන අරගලය දිනාගැනීම කොතරම් අගේද ? (දී)
දැන් මේ අවහිර කරගෙන ඉන්නේ දවස පුරා කාර්යබහුල ජනාකීර්ණ, 138 බස් මාර්ගය නේද ? කී දෙනෙකුට කලට වෙලාවට තමන් යායුතු තැනට යාගන්න බැරිවෙන්න ඇද්ද? (නි)
සියලුම සරසවි සිසුන් සිසුවියන් විනය සළකා වැඩ කරන්නේ නම් ගැටළු ඇති නොවේ (නි)
මොන පක්ෂයටද ඔය ලංකා ජාතික ශිෂ්‍ය සංගමය අනුබද්ධ? (නි)
සුනීතා, මින්පසු මීටවඩා සංයමයකින් ලියන්න. (නි)
සිසුන්ගේ සටන සාධාරණයි. (නි)
විනය මත තනතුරෙන් ඉවත් කරන්න තරම් ලංකාවේ හරියට නීතිය ක්‍රියාත්මක කරද්දී කොහොමද මේ පාර්ලිමේතුවේ ඉන්න හොරු රැළ බොහොම අගේට ඉන්නේ (ස)
පහළම ඡායාරූපයේ ඉදිරියෙන්ම ඉන්න නංගිලා දෙන්නාට හොඳටම කේන්ති ගිහිල්ලා වගෙයි. (නි)
විනය ගැටළු මත මණ්ඩපාධිපති ඉවත්කර ඇත. පඩි වෙනුවෙන් සේවකයන් වර්ජනය කරනු ඇත. සරසවියේ ඉගෙනුමක් නැත. (නි)
සුනීතා, ඔය කට්ටිය ඡන්දය දීල පාර්ලිමේතුවට යැවූ නිසා තමා, එයාලා බොහොම අගේට ඉන්නේ. (නි)
විනය කියලා එකක් දැන් ලංකාවේ තියෙනවද කියලත් සැකයි මට නම් (නි)
මේකට එකම පිළියමයි තිබෙන්නේ.ආසියාතිකයෙක්ව නොඉපිද බටහිර ජාතිකයෙක්ව ඉපදීමට පෙරුම් පිරීමයි.එයට හේතුව එම රටවල සුදුසු පුද්ගලයන් සුදුසු ලෙස අපක්ෂපාතීව ක්‍රියාකරන නිසා. (නි)
රට හැමදාම එකතැනම පල්වෙනවා (නි)
මේවායින් වෙන්නේ සිසුන්ගේ අධ්‍යාපනය ප්‍රමාදවීමයි (නි)
සිසුන්ගේ කාර්යය වීදි බැසීම නොව ඉගෙනීමයි (නි)
ඕක තමයි රටට දැන් වෙලා තියෙන්නේ ! (නි)
විනය ලංකාවේ හරිය ක්‍රියාත්මක වෙනවා නම් පාර්ලිමේන්තුව වහන්න වෙනවා ළඟදීම. මේ දේවල් කාටද කියන්නේ හැබැටම? (නි)
පොලිස් නිලධාරිතුමා දරුවාගෙ මූහුණට දෝත ළංකරලා ඉල්ලන ඉල්ලීම නම් හරිම හැඟීම්බරයි (නි)
සහෝදර සිසු සිසුවියන් බේරාගන්න පුළුවන් සංවිධාන කවදා බිහිවෙයිද? (නි)