IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මණ්ඩලේ ලාභ ලැබුවොත් ප්‍රතිලාභ දෙනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිබල මණ්ඩලයට වැඩිපුර ආදායමක් ලැබුණහොත් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 24)  පැවසීය

කිසිම ඉන්ධන සමාගමකට බදු සහනදී  නැතැයිද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විදුලිබල හාබලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය

විජේසේකර මහතා මෙසේද පැවසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිෂ්ක්‍රිය කරන්න යෝජනා කරලා නැහැ. විදුලි බල මණ්ඩලය නියාමනය කරන ආයතනය ලෙස එය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. නිෂ්ක්‍රිය කරනවා කියලා තියෙන්නේ  කොහේ දැයි කියන්න කියා තමා අභියෝග කරනවා. වැඩිපුර ආදායමක් තියෙනවා නම් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙනවා. ලුබ්‍රිකන්ට් ලයිසන් පිළිබඳව නීති තිබුණේ නැහැ. අපි අභිලාෂ කැඳවලා බලපත්‍ර දුන්නා. බන්කරින්  වලටත් නීති පද්ධතියක් හදාගෙන යනවා. විදුලිබල පනත පිළිබඳව වැරදි විදිහට හිතන්න හොඳ නෑ. ඒ ගැන බිය විය යුතු නෑ. ඒ පනත ජනවාරි මාසයේ දී සම්බන්ධ කර ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. විදුලි සම්බන්ධතාවයකට එකවර ගෙවීමට බැරිනම් කොටස් වශයෙන් ගෙවීමට සම්බන්ධතාව ලබා ගැනීමට ක්‍රමවේදයක් හදනවා. විසන්ධි කරපු සැපයුම නැවත ලබාදීමට රුපියල් 3000ක මූලික ගාස්තුවක් ගත්තා. ඒ ප්‍රමාණය බිලේ ප්‍රමාණයට අනුව කටයුතු කරන්න උපදෙස් දුන්නා.ඒක 2000 කට අඩු ගාණකට අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.



අදහස් (6)

මණ්ඩලේ ලාභ ලැබුවොත් ප්‍රතිලාභ දෙනවා

විපරමා Friday, 24 November 2023 01:58 PM

හොර දූෂිතයෝ ඉන්නකම් ලාභ ලබනවා බොරු...! 

:       0       7

Pushpa Friday, 24 November 2023 02:41 PM

ඕක ප්‍රතිලාබ ලබන්න නම් වැඩිපුර සේවකයෝ අයින් කරන්න ඕනෑ. ඒ වගේම හැන්දෙන් ඇති තරම් බෙදා ගැනීම නවත්වන්න ඕනෑ. සේවකයින් බොරුවට පොතක අස්සන් කරලා වෙන රස්සාවල් වලට යන එක නවත්වන්න ඕනෑ. ලංකාවටම බරක් වූ හොර මගඩි පිරුණු ආයතනයක්. රටට සේවය සලසනු වෙනුවට සේවකයින්ගේ රැකියා කිරීම අරමුණු කරගත් ආයතන මේවා...!

:       0       10

de silva Friday, 24 November 2023 03:33 PM

එක ලාභ ලබන්න නම් නාස්තිය දුෂණය නැති කරන්න ඕනේ , උපදෙස් අවශ්‍ය නම් අහන්න විදුලි එන්ජිනේරුවෙක් වන පාටලිගෙන් , දේශපාලනය කුමක් වුනත් ඔහු දන්නවා කරන ආකාරය , ඔහු කලින් කරලා පෙන්නුවා

:       1       10

wedage Friday, 24 November 2023 04:30 PM

අර විජේසේකර කියන නිලධාරිවරිය සපත්තු, බෑග් අරගෙන පිටරට සවාරි එහෙම ගියේ...ඒ නිසා ලාබ ලබන්න බැරිවේවි...

:       1       3

Bamunuarachchi Friday, 24 November 2023 07:30 PM

එදාට බස්නාහිරින් ඉර පායයි. ලාබ ලබන්නේ කොහොමද ගොයියෝ මණ්ඩලේ ගැහැණුන්ට සපත්තු, සෙරප්පු ගමන් බෑග් ජනතාවගේ මුදලින් අරන් දෙනකොට... නිකමට හිතුවද මේ පැන්ෂන් යන්න ඉන්න නාකි අම්මණ්ඩි පාඨමාලාවකට යැවීම රටට වැඩකට ඇති දෙයක්ද කියලා? මෙයාගේ වාරුවට හස්බන්ඩාත් ගියාද කියලා හොයා බැලුවාද? ලාබ ලැබුවොත් මොවුන් ඉස්සෙල්ලාම කරන්නේ බෝනස් ගන්න එකයි. ඔය මණ්ඩලේ පෞද්ගලික කරනවා. එතකොට ලාබෙන් බදු අයකරගන්නවත් පුළුවන්...!

:       0       1

Nimal Saturday, 25 November 2023 04:51 PM

මෙයා ඉන්නතාක් කල් මණ්ඩලය ලාබ ලබනවා බොරු... ලාබයක් ලැබුණොත් ඒකත් කොල්ලකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1156 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1384 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 880 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 387 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1242 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39488 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site