රත්නපුර මලංගමදී මැණික් ව්‍යාපාරිකයකු මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
සුමිත් ගුණසේකර (40) මහතා සිය මෝටර් රථයෙන් නිවස ළඟට පැමිණ ගේට්ටුව විවෘත කිරීමට සැරැසෙද්දී වෙනත් රියකින් ආ තුවක්කුකරු වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි .
රත්නපුර මලංගමදී මැණික් ව්‍යාපාරිකයකු මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
සුමිත් ගුණසේකර (40) මහතා සිය මෝටර් රථයෙන් නිවස ළඟට පැමිණ ගේට්ටුව විවෘත කිරීමට සැරැසෙද්දී වෙනත් රියකින් ආ තුවක්කුකරු වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ඩාර පෙරේරාගේ නියම සිරා කතාවක්.(නදී)
සමහර විට කප්පන් දුන්නේ නැති නිසා වෙන්නත් පුළුවන් (දිල්)
පෝය දා අහන්ට දකින්ට වෙන දේවල්. (දිල්)
ලොකු තැන ඉන්න අය මේවට හේතු කියන්න ඕනේ.(නදී)
මොකද මේ හැමදාම මරාගන්නේ? (නදී)
පිටරට පදිංචි ලාංකිකයන් නැවත ලංකාවට පදිංචියට යන්නේ නම් දෙවරක් සිතා බලන්න. ලංකාව අද ජීවත් වෙන්න වත් විශේෂයෙන් දරුවෙක් හදාගන්නවත් හොඳ රටක් නොවේ. මේ රටවල පුද්ගලික ආරක්ෂාවත් සංස්කෘතියත් ලංකාවට වඩා ගොඩක් ඉහලයි. (දී)
නීතිය කෝ? (නදී)
මිනි මරනවා හිරගේ ඇතුලට යනවා ඇපේ බදිනවා ප්‍රොක්ටර් ශේප් කරනවා.... (දී)
මිනි මැරුම් ...මිනි මැරුම් ... ලංකාවේ කොයි මුල්ලක බැලුවත් මිනි මැරුම් ... මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
මේක පුද්ගලික පළිගැනීමක් වෙන්නත් පුළුවන් (දිල්)
පාරේ බැහැලා යන්න බයයි මොකද ඔය තියන එකක් වැරදිලා හරි අපේ ඇගේ වැදුනා මොකද ඇත තියලා නවත්තන්නද (දී)
නීතියක් නැහැයි කියලා මිනිස්සු කියනවා, නමුත් නීතියක් නැති නිසා නොවෙයි මෙවන් අපරාධ වැඩි වෙන්නේ, මිනිසුන්ගේ අධ්‍යාත්මය පිරිහිලා (දී)
වැරදි ඇති මිනිසුන් පාලනය කරනකොට ඔහොම තමයි.(නදී)
ලංකාව ජීවත් වීමට සුදුසු රටක්ද ? (නදී)
ජීවිතං අනියතං - මරණං නියතං ! රිදී රත්‍රං, මුතු මැණික් කිසිදාක මිනිසුන් ව ආරක්ෂා කළේ නැහැ. මිනිසා දැනට කරන්නෙත් ඒවා ආරක්ෂා කිරීමයි. (නදී)
චන්දි බොහොම චණ්ඩි කතාවක් කියනවා. ළඟදීම කියල කියන්නේ ඒ දවස කවදද? (නදී)
සිල්වා මහතා මොනවද මේ කියන්නේ? පාතාලය තියෙන්නේ සමහර ඇමති වරුන් මහා ඇමති වරුන් ළඟ. නැති කරන්නේ කොහොමද? නැති කලොත් පවතින්නේ කොහොමද? ඡන්ද මෙහෙයවන්නේ කව්ද?(නදී)
4 ක් 5 ක් එල්ලුම් ගස් යැව්වා නම් මේ අපරාධ අඩුවෙනවා. ඒත් ලංකාවේ ගොඩාක් අපරාධකරුවන්ට දේශපාලන සහය ලැබෙනවා.ඒ වගේ අවස්ථා වලදී නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගොඩක් අසරණ වෙනවා. (නදී)
අනේ රටට ගිය කළක් (දිල්)
රටේ සංවර්ධනය කඩිනමින් සිදුවෙනවාට සමගාමීව , පසුගිය කාලයේ සිට මිනී මැරුම් ,මංකොල්ල කෑම, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර ,සියදිවි නසාගැනීම්,මත් කුඩු, කන්සා ,හොර අරක්කු,හොර ජාවාරම්, පාතාලය, ආදී රටට අහිතකර දැ , ශීග්‍රයෙන් සංවර්ධනය වෙලා ඇති බව දිනපතා වාර්තා වෙනවා.මෙවැනි දේවල් රටේ නීතියට,සාමයට හා සාමාන්‍ය ජනතාවට තර්ජනයක් බැවින් ඇති ගරු ජනාධිපති තුමාගේත් ,රාජ්‍ය ආරක්ෂක ලේකම් තුමාගේත් කඩිනම් කාරුණික අවධානය යොමු වේවා !! (අ)
තව ඉස්සරහට තව දරුණු වෙනවා මිනිස්සු (දී)
සල්ලි ගන්න කල වැඩක් වෙන්න ඇති (දී)
ආරක්සක ලේකම් තුමනි අපේ රට බුදුන් වැඩිය රටක් ඔබ තුමාගෙන් ඉල්ලන්නේ මේ පාතාලය නැති කරන්න පින් සිද්ද වෙනවා (දී)
ආරක්ෂක ලේකම් තුමනි මේ පාතාලය නැතිකරන්න පින් සිද්ද වෙයි (දී)
ඕන මෝඩයෙක් මුලින්ම යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රතිචාරයක් දාල , දැන් ඉතින් අනිත් අයට කියන්න දෙයක් නැහැ (දී)
ලංකාවේ මිනි මැරීම වැඩි වෙලා ඇත්ත (දී)
ජනතාව අසරණ වෙලා විශාල පීඩනයක් තුල ජීවත් වෙන්නේ හරිම නරක කාලයක් !!(දිල්)
අනේ ඉතින් මේ අපරාද නවතන්න නම් ,ස්ත්‍රී දුෂණ ළමා අපචාර මත් කුඩු වසංගත වගේ ඒවාට තිත තියවන්න නම්, මිනිස්සු හතර පෝයටම සිල් ගන්නවන්න නම් ,හිර ගෙවල් වහල පොලිසි හමුදා විසුරුවල අරින්න නම් ,අල්ලස දුෂණය නැති දේසපලකයෝ බිහිවෙලා රට සුකිත මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරවන්න නම් ඉතින් පොන්සේකා මහත්තය කියන විදියට පොන්සේකා මහත්තයාගේ ආණ්ඩුවක් එනකම්ම ඉන්න වෙනවා..අම්මප කවදද ඕක එන්නේ...(අ)
ලංකාවේ එහෙම උනත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ !!(දිල්)
මුදලාලි ඔබට නිවන් සුව. මිනි මරුවන්ට නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
සල්ලි වලට මිනි මරණ නින්දිත් යුගයක් මේ (දී)
ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වන තුරු මේ තත්වය පවතීවි කියා හැඟෙනවා. (දිල්)
බන්දුල පෙරේරා ඇත්තටම හිතනවද නැත්නම් හින්ට් එකට කිවුවද තේරෙන්නේ නං නැහැ. නමුත් එකක් නං කිව හැකියි. යුධ හමුදා උසස් නිලයක් දරපු යුද්දයට සම්බන්ධ වෙච්ච කෙනෙක් වශයෙන් පොන්සේකා මහතා ප්‍රභාකරන්ගේ මයිලක් තරම්වත් ජනාධිපතිතුමා වටින්නේ නැහැ කිවුව කතාවේ අනුහසින් පොන්සේකා රජයක් නං එන්නේ නැහැ මේ කපේදී. (නදී)
බන්දුල, පොන්සේකා මහත්තයාගේ ආණ්ඩුවක් ළඟදීම එනවා.(නදී)
ලංකාවේ අපරාධ වැඩි වෙලා (දී)