රත්නපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහ දන්ත වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් 200ක් පමණ අද (02) බලංගොඩ විශ්වවිද්‍යාල සිසුන්ට කළ පහරදීම හෙළාදකිමින් විරෝධතාවයක නියැලූණි.
පසුගිය මස 23 දින මාලඹේ සයිටම් ආයතන දෙමාපිය සංසදයේ මහජන දැනුවත් කිරීම් සම්මන්ත්‍රණයදී සාකච්ඡා කළ කරුණු විමසීමට තැත්කළ අවස්ථාවේ දී විශ්ව විද්‍යාල සිසුන්ට මෙම පහර දීම සිදු කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දොස්තරලා කොච්චර හීනමානයෙන් පෙළෙනවද කියන එකට හොඳම උදාහරණයක් මේ ෆොටෝ එක. මේගොල්ලෝ පිකටින් කරන්නෙත් වෙද නලාව කරේ දාගෙන. (නි)
මේ වගේ ක්‍රෝධ ඇති කරගෙන ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ජනතාවගෙන් සමාව ඉල්ලා, වෘත්තියෙන් ඉවත්විය යුතුය (නි)
හැබැයි පහරදුන්නා නම් ඒක වැරදියි (නි)
ගහන්න නොවෙයි හමගහන්න තිබෙන්නේ. මෙහෙම කියන්න අපිට අයිතියක් තිබෙනවා. මොකද මේ ළමයි ඉගෙනගන්නේ අපේ සල්ලි වලින්. පිනට දෙන අධ්‍යාපනයෙන් ඔවුන් ප්‍රයෝජන ගන්නේ නැත්නම් පළමුව ඔවුන් එළවා දැමිය යුතුයි. දොස්තරලාත් තමන්ට අදාළ නැති දේවල් වලට ඇඟිලි ගහනවා නම් ඔවුන් සම්බන්ධයෙනුත් තීරණයක් ගන්න වෙනවා (නි)
ලංකාවේ වැඩි වැඩියෙන් පුද්ගලික වෛද්‍ය ආයතන බිහිවිය යුතුයි. මොවුන්ට පුද්ගලික සියලු දේ හොඳයි. වැනල් හොඳයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල විතරයි නරක. (නි)
ඉස්සර දොස්තරලා නෙවෙයි වෛද්‍ය සිසුන්වත් පිකට් කෙරුවේ නැහැ. හරිම අහන්කාරියි දැන් දොස්තරලත් පිච්කටින්. එතරමට බංකොලොත්. (රේ) .
රත්නපුර සම්මන්ත්රනය හැරවුම් ලක්ෂයක්! ආයෙ එහෙම සම්මන්ත්රනවලට ජල්බරි දාන්න ආවොත් වෙන වැඩේ පේනව නෙ? (රේ)
නීති කැඩුවානම් දඬුවම් ලබිය යුතුයි .(රේ)
මමත් පිළිගන්නවා යම්කිසි අවම අධ්‍යාපන සුදුසුකම් සහිත දරුවන්ට මෙම විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලැබෙනවානම් (බ)
මමත් හිතන් හිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් සේවයක් වෙනවා කියල. එ්ත් ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල වල අපොස සාපෙළ අසමත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ළමයි ඉගෙන ගන්නවා වෛද්‍ය වරුන් හා ඉංජිනේරුවන් වීමට . මට කිවේ ඔවුන්ට උගන්වන ගුරුවරයෙක්. ඒ ළමයින් විභාගෙන් අසමත් කරන්න එපා කියලත් කියනවලු. (බ)