IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මීතොටමුල්ල කුණුකන්ද ගිනි ගත්තොත් මහා විනාශයක්‘

මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්ද මීතේන් ගෑස් නිසා පිපිරී මහා ඛේදවාචකයක් වීමට ඉඩ ඇතැයි මාධව කොඩිතුවක්කු නම් පෞද්ගලික සමාගමක නිලධරයෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.

මෙම කුණු කන්ද උපයෝගී කරගෙන තම සමාගමට විදුලිය නිපදවීමට හැකි නමුත් කොළඹ නගර සභාව ඊට ඉඩ නොදෙතියි ඔහු කීවේය.

මහජන පීඩාව ගැන සැලකිල්ලක් නොදක්වා නගර සභාව මේ සිද්ධිය දිනෙන් දින කල් තමතියි ඔහු පැවසීය.

කොළඹ පුරපති මොහොමඩ් මුසම්මිල් මහතා අධිකරණයට දැන්වූයේ මාස තුනකින් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කල් දෙන ලෙසයි.

මහේස්ත්‍රාත්වරිය ජුනි 19 වැනි දා ට නඩුව කැඳවීමට නියෝග කළාය.

 



අදහස් (0)

‘මීතොටමුල්ල කුණුකන්ද ගිනි ගත්තොත් මහා විනාශයක්‘

ඉෂාර Saturday, 06 June 2015 06:37 AM

මෙච්චරකල් ගිනි නොගත්ත එකනේ පුදුමේ (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 05 June 2015 05:14 PM

මීට කලිනුත් විදුලිය හෝ ගෑස් නිපදවීමට ක්‍රියා කිරීමට සමාගම් කිහිපයක්ම ඉදිරිපත් වුනා. එහෙත් අවසර ලැබුනේ නැහැ. කරන කෙනෙකුට කරන්න ඉඩදීල උදවු කරන්න එපාය.(කේ)

:       0       0

නුවන්. Saturday, 06 June 2015 09:00 AM

මීතොට මීතේන්. හොදට ගැලපෙනවා. පිපිරුවේ නැතත් මුල පලාතම මාස ගානක් යනකන් ගිනිගන්න පුළුවන්. පරිසර ප්‍රශ්න වලට පිලුතුරු හොයන එක ලේසි නෑ. කලකට ඉහත වැලිගම ප්‍රාදේශීය සභාව කුණු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් ඉතා හොදින් ක්‍රියාත්මක උනා. දැන්නම් කොහොමද නොදනී (නදී)

:       0       0

මාලි Saturday, 06 June 2015 09:40 AM

තමතමන්ගෙ කුනු තමතමන්ම ප්‍රතිචක්‍රීකරනය කල යුතුයි කියල නීතියක් දැම්මනම් වැඩේ හරි(නදී)

:       0       0

විමල් Friday, 05 June 2015 08:45 PM

ජාතික කසළ කළමනාකරණයක අවශ්‍යතාව හඳුනාගන්න ,එතනින් තමයි ආරම්භ කළයුත්ත්‍ෙ. මුතුරාජවෙලට කුණු දමන එකටත් ජනතාව විරුද්ධ වියයුතුයි (නි)

:       0       0

නන්දලාල් Friday, 05 June 2015 10:15 PM

මට මතක හැටියට කොහේදෝ කුණු කන්දක් දුම්රිය මඟින් පුත්තලම පැත්තට ගෙනියන්න පහුගිය රජය තීරණය කළා නේද? ඒ දවස්වල සමහර අය මේ යෝජනාවට විහිළුත් කළා (නි)

:       0       0

තිලක් Friday, 05 June 2015 10:34 PM

මේ කුණු කන්ද බෝම්බයක් වගේ හෝ ගෑස් ටැංකියක් වගේ පුපුරාගොස් මහා විනාශයක් වෙයි කියනවා නම් එය උසාවියත් ජනතාවත් නොමඟ යැවීමක් ලෙසයි මම නම් දකිනනේ. ඒ ගැන බිය වියයුතු නැහැ. නමුත් අද සිදුවන්නේ කුණු වලින් ජීවත්වන බලධාරීන් මෙම ප්‍රශ්නය විසඳීමට අකුල් හෙළීමයි. මේ කුණු කන්ද මහා ඉන්ධන සම්පතක්. මේ ජනාකීර්ණ ස්ථානයක් වන බැවින් ඒ කුණු ටික ඔතනදි විදුලිය නිපදවන්න යොදා ගත නොහැකියි. ඒ නිසා ඉඩකඩ ඇති මුහුදුබඩ වෙනත් සුදුසු ස්ථානයක තාප බලාගාරයක් ඉදිකර මේ කුණු එතනට ප්‍රවාහනය කළයුතුයි. මේ සමඟම මීගමුව ගම්පහ වැනි නගර වලත් කුණු එකතු කරගත්විට මෙගාවොට් 100 කට වැඩි විදුලියක් නිපදවිය හැකියි. (නි)

:       0       0

චමින්ද Saturday, 06 June 2015 01:22 AM

තිලක්, ඔබ දන්නවද මීතේන් වලට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා? මේ කන්ද පිපිරුවොත් ලොකු විනාශයක් වෙනවා. කරුණු දන්නේ නැතුව අනෙක් අයව නොමඟ යවන්න එපා. මීතේන් කාලයක් ලොකු තදවීමකට ලක්වුණාට පස්සේ පිපිරීයාමක් සිදුවෙනවා. කුණු වලින් මීතේන් ගෑස් නිපදවෙනවා. ජපානය වගේ රට වල මෙම ගෑස් පාවිච්ච් කරන්නේ විදුලිය නිපදවීමට. (නි)

:       0       0

දුමින්ද Saturday, 06 June 2015 03:10 AM

දැනටමත් නාවික හමුදාව වගේ ආයතන ජීව වායුව-මීතේන් නිපදවාගන්න කුණු සම්පතක් කරගෙන (නි)

:       0       0

කුමාර Saturday, 06 June 2015 05:32 AM

පිපිරෙනවා නම් මීට කලින් මීටවඩා ලොකුවට තිබුන කුණු කඳු පුපුරන්න ඕනෑ.මිනිස්සු කුණු කඳු ළඟ මුලින්ම පොඩිවට ගෙවල් අටවාගන්නවා. ඊටපස්සේ වතුර විදුලිය ගන්නවා. ඊටපස්සේ ගේ ලොකුවට හදාගන්නවා.ඊටපස්සේ කුණු කන්ද නිසා ජීවත්වෙන්න බැහැ කියලා උද්ඝෝෂණ කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 74 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 292 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1563 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1698 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 592 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1872 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24406 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site