IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මත්තල පහසුකම් නොමිලේ ?

විවෘත ගුවන්  ප්‍රතිපත්තියක් යටතේ  මත්තල  රාජපක්ෂ  අන්තර්ජාතික  ගුවන්  තොටුපළට  ගුවන් යානා මෙහෙයුම්  මධ්‍යස්ථානයක්  තිබිමිට  කිරිමේ   හැකියාව  ගැන  සිවිල්  ගුවන්  සේවා   දෙපාර්තමේන්තුව  සොයා  බලයි. වාණිජ  ගුවන්   සමාගම්  වලට  මත්තල නොමිලේ   පහසුකම්  සැලසීමෙන් එම  ගුවන්  තොටුපළෙන්  සිදුවන  පාඩුව  අවම  කර  ගැනිම රජයේ   අරමුණයි. මේ  සඳහා  ගැසට්  නිවේදනයක් ලොව වටා  ගුවන්  සමාගම්  වෙත දැන්විමට  නියමිතය.



අදහස් (0)

මත්තල පහසුකම් නොමිලේ ?

දිනේෂ් Sunday, 12 April 2015 12:01 PM

මේකේ ප්‍රතිචාර දක්වන අය මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඇත්ත තත්වය දැනගෙන ඉන්න http://www.mahinda.info/2015/04/maththala/ (බ)

:       0       0

ලීග් Sunday, 12 April 2015 01:06 PM

මත්තල ගුවන්තොටුපල රටට වටින්නේ ලංකාවට 2500000 සංචාරකයා එන දවසට. එ්ක වැඩි ඈතක නෙමෙයි. ලගදීම සිදු වේවි. නැවූ එන්නේ නැහැ කියපු හම්බන්තොට වාරයේ දෙවන අදියර අාරම්භකරපු ආණ්ඩුව දැන් මේ තැන් දෙකම ගැන මොකද කියන්නේ ? (නදී)

:       0       0

අචලා Sunday, 12 April 2015 01:07 PM

මත්තල විතරක් නොවේ. හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය සදහා මහින්ද රාඡපක්ෂට පෙර ආණ්ඩුවක් විසින් මුල්ගල තිබ්බ සිහිවටන පුවරුවක් තිබුනා. එතන තමයි වරායට සුදුසුම තැන. නමුත් එම සිද්ධිය යටපත් කාරීමට මහින්ද ආණ්ඩුව එම ස්ථානය වෙනස්කර වෙනත් තැනකට වරාය රැගෙන ගියා. එම තැන සුදුසු නොමැති නිසා ව්‍යාපාතිය අසාර්ථක වුනා. (නදී)

:       0       0

ගාමිණී Sunday, 12 April 2015 04:06 PM

පොලොව හැරලා රට ඇතුළේ වරායක් හදපු එකම රට ලංකාව වෙන්න ඇති. මෙවැනි දේවල කරනවා ගංඟා වල වරායවල් හදනකොට. වරාය හැදිය යුතුව තිබ්බ දෙයක්. එය හදපු තැන , ගිය වියදම සාධාරනිකරණය කරන්න බෑ. ගුවන්තොටුපොල කිසිම උවමනාවක් සදහා නොව ඔලුව ඉදිමීම නිසා වුන දෙයක් පමණි. ලංකාවේ 2014 වර්ෂයේ සංචාරකයින් 1,600,000 ක් පැමිණ ඇත. මෙය 2,500,000 වන්නේ වසරක 20% වර්ධන වේගයක් පෙන්නුවොත් තවත් වසර 3 කින්. නමුත් 2,500,000 යනු එක දවසකදී මගීන් 7,000ත වැඩ අඩු සන්ක්යාවක් තමි එන්නේ. කටුනායකට දිනකට මගීන් 7,000 හසුරුවා ගැනිමට ලෙහෙසියෙන්ම පුළුවන්. එක ගුවන් යානයක මගීන් 250ක් පැමිණියොත් මෙයට අවශ්‍ය වන්නේ ගුවන් යාන 28ක් හසුරුවා ගැනීමටයි. මේ කියන්නේ විනාඩි 45 එක ගුවන් යානයක් බේගල් වලින් මෝඩයන් පමණක් මුලා කළ හැක (බ)

:       0       0

දිල්කි Monday, 13 April 2015 07:03 AM

කරන්න හදනකොට රටේ සිටි බුද්ධිමත් අය අහක බලාගෙන හිටියේ ඇයි? (නි)

:       0       0

නන්දලාල් Sunday, 12 April 2015 05:15 PM

මේක හරියට "ඉහිරුන කිරට අඬන පොඩි දරුවෙකුගේ කතාව" වගේ නේද? (බ)

:       0       0

ලලිත් Sunday, 12 April 2015 06:41 PM

ඔය ඔක්කොම හමාරවෙලා සූ ගාලා පෙළට ගුවන් යානා එන්න ගත්තහම යාල කැලේ ඉන්න සත්තු ඒක දාලා වෙන තැනකට යයිද? (නි)

:       0       0

පෙරේරා Sunday, 12 April 2015 06:47 PM

ලීග්, ඔබ වැනි හීන ලෝකවල ඉන්න අය ලංකාවේ තවමත් ඉන්න නිසා තමයි ලංකාවට හැමදාමත් මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අනුර Sunday, 12 April 2015 07:49 AM

ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා මෙවැනි ව්‍යාපෘති කළේ ඇයි? වසරක අාදායම රුපියල් 16000 යි. මෙවැනි දෑ දැක දැකත් වහසි බස් දොඩවන මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ නය ගෙවන්නේ අපේ බදු මුදල් වලින් කියලා. මිට වැඩිය හොද නැද්ද රට තුල විශ්ව විද්‍යාල දෙක තුනක් හැදුවා නම් මේ මුදල්වලින් ඒවායෙන් පිට වන බුද්දිමත් ළමයි එවිට විදේශ රැකියාවල යෙදිලා හරි රටට මුදල් එවනවා ඒ වගේම දැනුම වැඩිවෙනවා.(නදී)

:       0       0

අනුර Sunday, 12 April 2015 08:01 AM

මහින්ද රාජපක්ෂලා වැඩ කළේ රටේ සහ වර්තමාන අවශ්‍යකාවයට නෙමෙයි ඔහුන්ගේ අවශ්‍යතාවයට. ඒ හින්දා තමයි මෙවැනි ගැටළු මතු වීමට හේතුව. රටේ මුලික අවශ්‍යතාවයන් තේරුම් ගන්න බැරි කෙනෙක්ව නැවත පත්කරගන්න උත්සහ කරන්නේ මොන වගේ මනසක් ඇති පුත්ගලයන්ද කියල ඕනෑම කෙනෙකුට තේරෙනවා. බොරු සංදර්ශන සංවර්දනයක් කරමින් ජනතාව මුළා කරා චීනෙන් ගත්තු සම්පුර්න මුදල රුපියල් කෝටි ලක්ෂ 500 කි. නමුත් යොදාගෙන ඇති මුදල රුපියල් කෝටි ලක්ෂ 132 කි. ඉතිරි මුදලට මොකද උනේ ? (නදී)

:       0       0

මාකස් ප්‍රනාන්දු Sunday, 12 April 2015 10:32 AM

කරුණාකර ඉක්මන් කරන්න (නදී)

:       0       0

රසිකා Sunday, 12 April 2015 10:33 AM

පාලකයන් කෙසේ වෙනස් උවත්, රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංවර්දන ව්‍යාපාර වෙනස් කරන්න එපා. මෙතුවක් කල් ලංකාවේ පරිහානිය වුනේ එ්ක. (නදී)

:       0       0

ධම්ම Sunday, 12 April 2015 11:29 AM

ඔය හොරකම් බයිලාව තවදුරටත් ගයන්න එපා අනුර. අපි මහින්ද එළවලා මෛත්‍රී පත් කර ගත්තේ ඒවා හොයන්න තමයි. දැන් ඉතින් අපි වැරදි කරපු අයට දඬුවම් දෙනකල් බලා ඉඳිමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1085 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1635 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1142 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1131 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site