IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මත්තලින් කෝටි 2221 ක් පාඩුයි

(මුදිතා දයානන්ද )

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙය එහි අදායම මෙන් විසිහය ගුණයක් බවද ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදි කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් පස් ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වේ.

එම විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකය. මඩකලපුව ගුවන්තොටුපොලෙන් කිසිදු ආදායමක් එහි මෙහෙයුම් ආරම්බ කල 2018 වසරේ සිට මේ දක්වා ලබා නොමැති අතර වියදම රුපියල් කෝටි 8.7කි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගීන සංඛ්‍යාව ලක්ෂ දහයක් වුවද පසුගිය වසරේ මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන අතර පසුගිය වසර පහටම ගමන් කර තිබෙන්නේ මගීන් 103,324ක් පමණි.

මත්තල ගුවන්තොටුපොල ඉදිකිරිම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා ඇත.

මෙම තොරතුරු අතුළත් වන්නේ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකය.

 



අදහස් (8)

මත්තලින් කෝටි 2221 ක් පාඩුයි

aravinda Monarawila Friday, 04 August 2023 04:29 PM

අප්පොච්චිගේ කෙරුවාවල් තමයි ඔයා එයාගේ කොමිස් ගිණුමේ නම් සල්ලි පැටවු ගහනවා ඇති

:       0       0

dilip Friday, 04 August 2023 04:51 PM

පොඩ්ඩක් හිතපල්ලා ඔය මගුල හැදුවේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ නේද .තිබුකා එයා පෝට් එක මදිද

:       0       0

Sulalitha Friday, 04 August 2023 04:52 PM

පාඩුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අලාභය රුපියල් කෝටි 2221 2022 වසරේදී ණය වාරිකය රුපියල් කෝටි 184ක ණය හැරුනුකොට අලාභය - (2221-184) 2037 දිනක අලාභය - (කෝටි 2037/365) ලක්ෂ 5580 මතු පිටින් බැලූ විට මෙයින් හැඟෙන්නේ දවසට ලක්ෂ 5580 අදායමක් නොලබාම වියදම් කර ඇති බවය. මෙපමණ මුදලක් වියදම් කල හැක්කේ සල්ලි කොල පිලිස්සීමෙන් පමණි. එසේ නම් අලාභය යනු කුමක්ද? මුළු ගුවන් තොටුපලේ වටිනාකම තක්සේරු කොට එයට සරිලන ලාභය නොලැබී යාමද? සැබෑ ලෙස වියදම් කිරීමෙන් (වැටුප්, විදුලි වැනි ) ලැබූ පාඩුව කොපමණද? හුදී ජන අපට තේරෙන්නේ මෙම පාඩුව පමණක් නිසා එය දැනුම්දෙන්නේ නම් වටී

:       0       0

සත්‍ය ගවේෂී. Friday, 04 August 2023 06:49 PM

මෝඩයින් රජවූ විට රටකට යන කළ දසාව තමයි මේ ..

:       0       0

Sethuhami Saturday, 05 August 2023 12:38 AM

ඔය සල්ලි වලින් මාතර කතරගම දුම්රිය මාර්ගය හැදුවානම් අද කී දෙනෙක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද /නෙදකින් මෙහෙමත් කාලකන්නි .තුක් විතරක්

:       0       0

Nimesh Saturday, 05 August 2023 07:10 AM

මේ තියෙන්නේ රාජපක්ෂලා රට බංකොලොත් කරපු හැටි ,සාගර , ඔබගේ අවදානය පිණිස

:       0       0

කිරිපුතා Saturday, 05 August 2023 09:44 AM

ඒකත් විකුණලා දාන්න අර අදිනව වගේ. පාඩු ලබන් හේතු හොයලා ඊට විසඳම් දීලා ලාබ ලබන තත්ත්වයට පත් කරන එකයි ඔය ආර්ථික ඔස්තාර්ලා ගේ රාජකාරිය විය යුත්තෙ. නැත්නම් රටේ සේරම ටික.විකුණලා අයියා ගෙදර ගිහින් පොතක් කියවගෙන ඉඳියි.

:       0       0

Lalla Saturday, 05 August 2023 11:19 PM

ඕකට රාජපක්ෂ නොව අනාගත්ත ගුවන්තොටුපල කියලා නම දාන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 31 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 590 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 666 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1395 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2636 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site