(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය , කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් අද (07) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙම සිද්ධියට අදාලව රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මෙහි ප්‍රධාන සැකකරුවෙකුව සිටි පොලිසියට භාර වූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර යන අය ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 7 ක ද රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතිබව ද පොලිසිය පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වැනියත් අත්අඩංගුවට
siri Tuesday, 07 July 2020 05:25 PM
වැටයි නියරයි දෙකම ගොයම් ටික කොටා බානකොට අපි කාටද මේ අමාරුව ගැන කියන්නේ හාමුදුරුවනේ?
බද්රානි Tuesday, 07 July 2020 09:12 PM
වැටත්, නියරත් එහෙමම තියෙද්දී, කුඹුරට බැහැලා ගොයම් විතරක් නෙමේ, වැටයි, නියරෙයි තණකොළ ටිකත් කොටා බාන මීහරක් ගැන ඔබ දන්නෙම නැද්ද? සරුවට වැඩුණු අං දෙක සහිත මීහරක් ගැන කියලා ඇන ගන්නවාට වඩා, වැට පැනලා, නියර දිගේ කුඩු පැකට් එක අරගෙන යන කෙනා ගැන කතා කරලා හිත හදා ගමු නේද ??
K PereraWednesday, 08 July 2020 03:14 AM
වැඩ කරන විරුවාට කියන්න. රටට ගිය කලක්..!!!
ජගත් Tuesday, 07 July 2020 06:13 PM
මෙයාලගෙ වත්කම්, බිරිඳ, දරුවන්, නෑදෑයින්, බැංකු ගිණුම්, දේපළ පරීක්ෂා කරන්න. අසාධාරණ ලෙස හොයපු සියලු මුදල් තහනම් කරන්න.
banda Tuesday, 07 July 2020 10:16 PM
මාකඳුරේ මදූෂ්, කන්ජිපානි ඉම්රාන් වගේ අයත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වත්ද?
කනිෂ්ක Wednesday, 08 July 2020 01:56 AM
නාකොටික් එකට තාමත් ඔය නින්දිත වැඩේ කරගෙන යන්න තිබුණා.. යහපාලනය තිබුණා නම්... පාස්කු ප්‍රහාරය ගැන නොඉවසිලිමත්ව සිටි ඔවුන් නාකොටික් නිලධාරින් ගැන විමසිලිමත් නොවනු ඇති...
SL Wednesday, 08 July 2020 02:24 AM
මේ අය විනාශ කරපු ජීවිත වලට වගකියන්නේ කවුද. විනාශ වුනු පවුල්වලට කවුද වගකියන්නේ අපේ ජීවිත බේරගනියි , සමාජය බේරාගනී කියලා හිතාගෙන රජයේ පඩි ගත්තු මේ අයට හෙන ඉල්ලන එක අමානුෂික නොවේ.
RaveendraThursday, 09 July 2020 04:09 AM
ඔබගේ අදහස් නිවැරදිය.
අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 08 July 2020 04:14 AM
අධ්‍යාපන ක්ෂේත්‍රය මීට වඩා දූෂිතයි. විදුහල්පතිවරු අල්ලස් ගන්නවා. ඒ ගැටලුවත් කඩිනමින් විසඳන්න. හරි විදියට වැටලීම් කරන්න. අපි සහයෛා්ගය දෙන්නම්. විදුහල්පතිවරුන්ගේ වත්කම් පරීක්ෂා කරන්න. ඒ අය පාතාලයට වඩා බරපතලයි. පොලිසියට වඩා දූෂිතයි. පාසල්වල බොහෝ විදුහල්පතිවරු හොරු නොවෙයි, කම්බ හොරු. දූෂිතයෝ නොවෙයි, අමුම අමු දූෂිතයෝ. වැඩේ පටන් ගන්න. අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම්...
lanka Wednesday, 08 July 2020 04:59 AM
මහතැන ඉඳන් පොඩි තැන වෙනකම් හොරකමයි, වංචාවයි. රාජ්‍ය ආයතන ඔක්කොම වගේ දූෂිතයි.. වැඩ නොකර අයිස් ගහනවා කියන්නෙත් හොරකමක්...
kanthiWednesday, 08 July 2020 08:15 AM
රට යැවීමට සම්බන්ධ ආයතනවල ඉන්න නිලධාරින්ගේ වත්කම් පරික්ෂා කරන්න.
Ajith Wednesday, 08 July 2020 05:05 AM
දේශපාලකයින් කෝටි ගණන් හොරකම් කර නිදැල්ලේ සිටින විට මේ අයටත් සිතුවිල්ලක් පහළ වෙන්නැති.
SankaWednesday, 08 July 2020 07:28 AM
අනේ ඇත්ත, අපි සර්ට කියන්නේ... ඔය FCID එකේ තියෙන නඩු ඔක්කොම අහලා ලොකු වුණාට ඉස්සෙල්ලම දඬුවම් දෙන්න. ලොකු තැන හොරු ඉඳගෙන පහළ අයට දඬුවම් දීලා වැඩක් නැහැ.
Perera Wednesday, 08 July 2020 05:37 AM
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරමක සැක කරුවෙක්ව රඳවාගෙන ප්‍රශ්න කරන්නේ?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 07:16 AM
පොලීසියේ සිටි මේ දූෂිත නිලධාරීන් ඇල්ලීමට වෙහෙස වූ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ අවංක කම මොනවට ඔප්පු කොට තිබෙනවා... එම අවංක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය. ඔවුන් මේ දේවල් සැඟවුවානම් මේ දේවල් රටට එලි වෙන්නේ නැත. එබැවින් දූෂිතයන් සුළු පිරිසක් කළ වරදට මුළු මහත් පොලිසියටම දොස් නැගීමට අපි අනුවණයෝ නොවෙමු.
Nihal Thursday, 09 July 2020 02:05 AM
දූෂිත නිලධාරීන්ට තම ආයතනය දූෂණය කිරීමට ඉඩදීම අවංක නිලධාරීන් විසින් සිදුකරන දූෂණයක්. වක්‍රාකාරයෙන් ඔවුන් ද වරද සඟවා සිටීම සිදුකෙරෙන වරදකරුවන්.
ධම්මික තේනබදු විජිතපුර ,පැලවත්ත Wednesday, 08 July 2020 07:49 PM
ගිය අවුරුද්දේ වුණු සිද්ධියක් මේ බත්තරමුල්ල පැලවත්තේ තියෙන නාකොටික් එකේ අය අල්ලාගෙන පාසැල් යන වයසේ පිරිමි ළමයි ටිකක් ඊට පස්සේ ඒ ළමයින්ව රිමාන්ඩ් ඵකේ තියාගෙන එයාලා කුඩු බිව්වා කියලා ඒ ළමයින්ගේ ගෙවල්වලට ගිහින් දෙමාපියන්ට කියලා නඩු දාන්නේ නැතුව ගොඩින් බේරගන්න ඕනෙ නම් ඒ ළමයෙකුට ලක්‍ෂ තුනහමාර ගාණේ ගෙවන්න ඕනේ කියලා බය ගන්නලා ඒ අහිංසක දෙමාපියන්ගෙන් සල්ලි අරගෙන ඒ ළමයිව නිදහස් කරලා. මේ සිද්ධියට සම්බන්ධ ඒවත් සොයා බලන්න. මොකද ඒ හිටපු බත්තරමුල්ල පැලවත්තේ තියෙන නාකොටික් එකේ අය මේක දිගටම කරගෙන ගිය සෙල්ලමක්... මිනිස්සු ලැජ්ජාවට, බයට ඒවා කියන්න ගිහින් නැහැ පිටට..