IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මත්පැන්හලට විරෝධතා

 අංකුඹුර නගරයේ පවත්වාගෙන යන   මත්පැන් අලෙවිහලකට එරෙහිව  ප්‍රදේශයේ මහා සංඝරත්නය සමඟ සිය ගණනක් ජනතාව අංකුඹුර පූජාපිටිය මාර්ගය අවහිර කරමින්  අද විරෝධතාවක් කළහ..

 අංකුඹුර නගරයේ බොධීන් වහන්සේ අභියසට     රැස්වූ භික්ෂූන් වහන්සේ  සහ ප්‍රදේශයේ ජනතාව සිය ගණනක්  විරෝධතා පුවරු රැගෙන පෙළපාලියෙන්  පැමිණ  මත්පැන්හල ඉදිරිපිටදී අංකුඹුර පූජාපිටිය මාර්ගය හරස් කර සිය විරෝධතාවය පැවැත්වූහ.

 විරෝධතාවයට එක් වූ පිරිස් සදහන් කළේ මෙම මත්පැන්හලට ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධයක් පවතිද්දීත් එයට බලපත්‍ර ලබා දී ඇති බවට දැන ගන්නට ඇති බවයි.  

P1000593 P1000602 P1000630



අදහස් (0)

මත්පැන්හලට විරෝධතා

එක්ස්පෙට් Wednesday, 11 January 2017 04:52 AM

නොබී ඉන්නවලකො! (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 11 January 2017 04:55 AM

නිතිවිරෝධී කස්සිප්පු විකුණන එක නතරකරන්න ජනතාවාදී රජය විසින් ගමටත් දැන් රට බීමහල් ලබාදෙනවා.දෙසපාලුවන්ට සහ ඔවුන්ගේ හෙන්චයියයන්ටයි රටේ බොහොමයක් මත්පැන්හල්වල අයිතිය තියෙන්නේ. මේවගේ දේවල් කරලා තමයි ඔවුන් තම සුඛවිහරණය සකසන්නේ.ජනතාවට සේවය කරන්න කියල ඡන්දෙ අරගෙන ,ඔවුන් කරන්නෙම රට කන එක විතරයි. ලංකාවේ ඉන්න 80% මෝඩ මිනිස්සු , එකයි මේ ජාවාරම් කාර දෙස්පලුවන්ට මනාප දීලා පාර්ලිමේන්තුවට යවන්නේ. දැන් වත් මේ නුගත් දේශපාලුවන්ට පාර්ලිමේන්තුවේ දොරවල් වහන්න කටයුතු කරමු.(අ)

:       0       0

ලියනගේ Wednesday, 11 January 2017 05:44 AM

උද්ඝෝෂණ කර හෝ මෙය නතර කළයුතුයි. එදිනෙදා කුලියක් කරන අය ගෙදර අය අමතකකොට ඒ දවස් කුලියම බීමට වියදම් කරන යුගයක්. මෙය නතර කරන්නජනතාව පෙළගැසිය යුතුයි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 11 January 2017 05:43 AM

එතකොට ඔය පළාතේ අයට බොන්න මත්පැන් පිටින් ගෙනෙන්න වෙනවානේ.

:       0       0

චන්දන Wednesday, 11 January 2017 06:05 AM

කෝ බලමු බලන්න දැන් යහපාලන ආණ්ඩුවේ "මත්විරෝධී" ප්‍රතිපතිය ක්‍රියාත්මක වෙන හැටි (නි)

:       0       0

ලංකා Tuesday, 10 January 2017 05:04 PM

මම දන්නවා මේ වගේ විරෝධතා පසුපස ප්‍රාදේශීය හොර අරක්කු මුදලාලිලාත් ඉන්නවා. ඒ අයට ව්‍යාපාර වැඩි කරගන්න ඕනෑ මත්පැන්හල් වහලා (නි)

:       0       0

හේමන්ත Wednesday, 11 January 2017 07:18 AM

නියමයි නියමයි. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 January 2017 10:51 PM

හිතේ අමාරුවකට හීන් අඩියක්වත් ගහන්න තැනක් නැහැනේ. ඔයින් මෙයින් සියදිවි නසාගැනීම් වැඩිවේවි. (නි)

:       0       0

සරත් Wednesday, 11 January 2017 12:07 AM

එදාවේල හම්බ කරන මිනිස්සු බාර් එකට ගිහින් බාගයක් අරගෙන එතනම කටේ හලාගෙන වඩේ එකක් කාලා යන එක සහ ඔවුන්ගේ ඇඳුම් දැක්කම හිතෙනවා ඔවුන් වැඩ කරන්නෙම බොන්න විතරක් කියලා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 11 January 2017 12:25 AM

මෙන්න නියම සාධාරණ විරෝධතා! (නි)

:       0       0

අබය Wednesday, 11 January 2017 12:36 AM

අපි පුංචි කාලේ මත්පැන්හල් තිබුනේ නගරයේ විතරයි. දැන් දැන් ජනතාවගේ යහපත තකා අඩියක් අඩියක් ගානේ අපේ දේශප්‍රේමී දේශපාලකයන්ගේ පිහිටෙන් පවත්වාගෙන යනවා. ඉතින් ඇයි මේ විරෝධය පාන්නේ? (නි)

:       0       0

පිටිගල Wednesday, 11 January 2017 02:23 AM

බයවෙන්න එපා. මත්විරෝධය සඳහා වූ ඉන්ටර්නැෂනල් කප් ගහලා ඉන්න අපේ නායකයෝ ඕකට විසඳුමක් දෙයි (නි)

:       0       0

ඇසළ Wednesday, 11 January 2017 02:40 AM

90% මත්පැන්හල් අයිති දේශපාලුවන්ට. මේවා කොච්චර උද්ඝෝෂණ කළත් වහන්න පුළුවන් දේවල් නෙමෙයි. මොළයක් තියන ජාතියක් නෙමෙයි සිංහල ජාතිය. ඒකයි අවුරුදු 5 කට වාරයක් ගහන කතිරේ වටිනාකම දන්නේ නැත්තේ. (නි)

:       0       0

කපිල Wednesday, 11 January 2017 11:33 AM

මිනිස්සු මේවගේ නීතිය අතට අරන් වෑඩ කරන එකෙන් පෙන්නුම් කරන්නෙ , මේ රටේ තීයෙන ඉතා දුර්වල රාජ්ය පාලනයයි.. ප්‍රාදේශීය මට්ටමේ ඉදන් අමාත්යාන්ශ මට්ටම දක්වා තියෙන්නෙ ඉතාම දුර්වල, මන්දගාමී සේවයක්. (ර)

:       0       0

ශාන්ත Wednesday, 11 January 2017 03:34 AM

දැන් කවුද ඕක ආරම්භ කළේ? ඔය විරෝධය කරන අයගේ සල්ලි වලින්ද බොන්න කැමති අය බොන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1512 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2754 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 399 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1182 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10048 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 4008 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 350 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 430 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site