කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර රාජකීය රග්බි සංකීර්ණයේ අද (18 වැනිදා) පැවැති රග්බි තරගය මතභේදාත්මක ආකාරයෙන් අවසන් විය.
තරගය ආරම්භ වී විනාඩි කිහිපයකින් පසුව දෙපිලම ලකුණු 20 ක් බැගින් ලබා සිටියදී රාජකීය විදුහල් පිල තරග වැදීම ප‍්‍රතික්ෂේප කරමින් පිටියෙන් ඉවත්ව ගියේය. විනාඩි 56 ක කාලයක් රාජකීයයන් නැවතත් පිටියට නොපැමිණි හෙයින්ද තරගය නතර කිරීමට විනිසුරු විධානයක් නොකළ හෙයින්ද ඉසිපතන කී‍්‍රඩකයන් දිවගොස් ලබාගත් උත්සාහක දිනුම ගෝල දිනුමක් බවට ප‍්‍රවර්ථනය කරන ලදි. එවිට ලකුණු තත්ත්වය 27-20 ක් විය.
තරගයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන මේජර් මිල්රෝයි ප‍්‍රනාන්දු කුසලාන ඉසිපතන විදුහලට හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් වැරදිලා තියෙන්නේ. සමහර කට්ටිය කියනවා ඉසිපතනේ අය පරාද වෙන්න කැමති නැහැ කියලා. මේ පරාජයෙන් ගොඩක් පතෙනයන් ලබලා තියෙනවා. ඔය කියන විදිහට ගුටි ඈන ගත්තානම් මේ සේරම මැච් දිනන්න තිබුනා.(නදී)
සුභපැතුම්
රාජකීයයො ඉවත් වෙලා තියෙන්නේ 20-20 තියෙන වෙලාවෙදී. ඒ කියන්නෙ පරාද වෙලා නෙවෙයි නේද? (නි)
ජය පැරදුම සමව විදිමු
රකිත , ඉසිපතනෙ කවදත් ක්‍රීඩා කලේ ඔලුව පාවිච්චි කරලා, දිනුවත් පැරදුනත්. මේ පාර ඉසිපතනෙ ශක්තිමත් කණ්ඩායමක් නෙමෙයි. තරග 4 ක් විතර පැරදිලා. නමුත් ඒ තරග වලට මේ වගේ ප්‍රශ්න ආවේ නැහැනේ. සල්ලි වලින් දිනන්න හැමදාම බැහැ. තව කරුණක් , ගහපන් ඇනපන් කියලා රාජකීය , තෝමස් , ත්‍රිත්ව වගේ ඉස්කෝලත් කියනවා. සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් පවා කියනවා. ලෙස්ලිටත් විනොදන්ටත් ඒවා ඇහිලා නැද්ද ? සමහරවිට තේරෙන්නේ නැතුව ඇති (නි)
ජයවේවා
නුවර කොල්ලෝ මොනවා කීවත් නියමයි. ඒක නේද නුවරට කියන්න "ද රෝයල් සිටි ඔෆ් ශ්‍රී ලංකා" කියලා (නි)
ඔය කියන ඔක්කොම ඉස්කෝල පතනට පරාද වෙලා තියෙනවා. ඒක කව්රුත් දන්නවා. 2012 ලිග් එකේ රෝයල් එක අන්තිම විනාඩි 5දි පැරැද්දුවේ මතකද?මහනුවර ත්‍රිත්ව පරද්දන්න රෝයල් එකට බැරි වුණාට ඉසිපතන කොළඹ රෝයල් පිටියේදී ජනාදිපති කුසලානේ ගත්තා ත්‍රිත්ව පරාද කරලා. රෝයල් එකේ අයට සල්ලි තිබ්බාට විතරක් රගර් ගහන්න බැහැ. ශක්තිය තියෙන්න ඕනෑ රගර් ගහන්න. ඒ ශක්තිය ඉසිපතනෙ හැම කොල්ලෙක්ටම තියෙනවා (නි)
රෝයල් කරේ වැරදි දෙයක්ය කියල මන් කියනවා. නමුත් බය නැතුව එකක් කියනවා මේ පාර ඉසිපතන රග්බි කණ්ඩායම පාතට වැටෙන එක වලක්වන්න මෙහෙම දෙයක් කරා වෙන්න පුළුවන්. මොකද ඉසිපතන කියන්නේ හැමදාම ශරීර ශක්තියෙන් රග්බි සෙල්ලම් කරාට රග්බි වලට තත්වයෙන් උසස් ප්‍රසිද්ධ පාසලක් නෙවෙන නිසා. අනික මන් තෝමියන් රග්බි සෙල්ලම් කරපු කෙනෙක් හැටියට අපි කවදාවත් නුවරදී ප්‍රශ්නයකට මුහුණ පාලා නැහැ. ඒ නිසා කොළඹ - නුවර ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා මෝඩ ප්‍රතිචාර බලලා.(නදී)
මෙලෙස බොරු චෝදනා සිදු කරන අයට විරුද්ධව අදහස් පලකරන්න මෙවැනි අවස්ථාවක් දීම ගැන එසැණට අපගේ ස්තුතිය.(නදී)
ඉසිපතනය ක්‍රීඩා කරන්නේ පිරිසිදු රග්බි. ඒ වගේ පිරිසිදු රග්බි ක්‍රීඩා කරන පාසල් වලට අපි කල හැකි උපරිමයෙන් ගරු කරනවා. උදාහරණයක් විදිහට නුවර ත්‍රිත්ව විද්‍යාලය නම් කරන්න පුළුවන්.(නදී)
අපිට නම් කියන්න තියෙන්නේ රාජකීය කණ්ඩායමට රග්බි වෙනුවට නෙට් බෝල් වගේ ක්‍රීඩාවක් තෝරාගන්න කියල. ඉසිපතන ක්‍රීඩකයන් රග්බි නීති වලට අනුව ක්‍රීඩා කලා. හැමදාම ක්‍රීඩාව සල්ලි වලට ගන්න හදන රෝයල් වගේ පාසල් වලට ක්‍රීඩා නීති ගැන අවබෝදයක් නැතුව ඇති. කොහොම වුනත් පරාජය බාරගන්න බැරුව ඒ දිනපු කණ්ඩායමට මෙලෙස අපහාස කරීම දැඩි සේ පිළිකුලට ලක් කරනවා. මම නැවත මතක් කරන්න කැමති රග්බි කියන්නේ රග්බි මිස නෙට් බෝල් නෙවෙයි කියලා.(නදී)
ඉසිපතන නැත්නම් ලංකාවී රගර් වල කිසිම ජීවගුනයක් නැහැ. රාජකීය ඉතිහාසේ දිහා බැලුවම පරාජය විදගන්න බැරුව ඔය වගේ ලෙඩ දාපු වාර බොහොමයි. නුවර අයත් බොහොම අගේට සෙල්ලම් කරනවා බෝගම්බරට මුළු මාර්කෙට් එකේම චන්ඩි බහිනවා මැච් එක ඉවර වුනාම. බලන්න ආව අයටත් එලව එලවා ගහනවා.(නදී)
රාජකීයෝ ඔහොමමයි. තෝමසුවන් සමග ක්‍රිකට් තරගයකදී බොහොම ඉස්සර දෙවනි දවසේ පිට්ටනියට එන්නේ නැතුව මාරු වෙලාලු. පතනට ජය වේවා! (නි)
මමත් නාරාහේන්පිට ඉසිපතනෙට යන යහළුවන් ගොඩක් සමග ජිවත්වෙන්නෙක්. නමුත් මගේ අත් දැකිමනම් මොවුන් කිසිම දිනෙක පරාජයක් බාරගැනීමට පුරුදුවී නැහැ. මෙය කුඩා පාසල් සිසුන්ගේ සිට,වැඩිමහල් දෙමව්පියන් දක්වාම තියෙනවා. මොවුන් ඉතාම දක්ෂ බව නම් ඇත්ත. නමුත් මොවුන් ගොඩක් හිස උදුම්මා ගෙනයි සිටින්නේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන්. හුදෙක් මොවුන්ගේ තරග බැලීමට පැමිණෙන අධාර කරුවන්ද,ප්‍රේක්ෂකයින්ද,ගොඩක් කලහා කාරියි,දිරිමත් කරන්නේද, ගහපන්,ඇනපන් ක්‍රීඩාවට ශිෂ්ට නොවෙන වචන වලිනි. මෙය මගේ අවුරුදු 40 ක අත්දැකීමකි.(නදී)
තැලීම් සීරීම් නැත. රාජකීය නෙට් බෝල් කණ්ඩායමට රග්බි ක්‍රීඩකයන් වහාම බදවා ගැනේ. (නි)
කොළඹ පාසල් ගිය ගිය තැන වලි..බිග් මැච් වලදීත් ගහගන්නවා, රගර් මැච් වලදීත් ගහගන්නවා. මේකෙම්ම පේනවා කොළඹ පාසල් වල තත්වය (නි)
තරගය පාලනය කරන්න තමයි රෙෆ් කෙනෙක් එන්නේ. රෙෆ් ගේ අණට කටයුතු කරන්න බැරිනම් සෙල්ලම් නොකර ඉන්න. බලන්න ගිය අය කතා කරනවා නම් තමා හොද. නොදැන කියවන්න එපා (නි)
පාසලේ නම රැකගන්න කියලා ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයන්ට හිංසාකාරී ලෙස ක්‍රීඩා කිරීමෙන් වෙන්නේ පාසලේ නමට කැළලක් එකතු වීම පමනයි.මේවා විඩියෝ මගින් හොයලා බලලා වැරදිකරුවන්ට සුදුසු දඬුවම් දිය යුතුයි.රග්බි කියන්නේ ගහමරා ගැනීම නොවේ (නි)
ඉසිපතන ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ක්‍රීඩාවක් හරියට කරනවා කියන එකේ තේරුමවත් දන්නෙ නැහැ (නි)
මම ශාන්ගෙන් අහන්න කැමතියි මොකද්ද මෙතන වැදගත් පාසැල කියලා. ශාන්ලා කවිශල කතා කරන්නේ ශාන්ලගේ වැදගත් පාසල් පිට්ටනිය මැද්දේ උපාසකයෝ වගේ ඉන්නවා වගේනේ. තුවාල වෙනවට අකමැති නම් රෝයල් රග්බි ටීම් එකට තියෙන්නේ රෝයල් එකේ දාම් හරි කැරම් ටීම් එකට බැඳෙන්න. ඉසිපතනෙ ටීම් එකටත් හොඳ පාඩම, දහම් පාසල් එක්ක සෙල්ලම් කරන්න යනවට. (නි)
ශාන් සමග මමත් එකග වෙනවා.මේ වගේ තරඟ වලදී අවදානම් විදිහට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ( පාසල් සමග ) අදාල තරග වාරයම තහනම් කලාම අනිත් පාසලුත් පාඩමක් ඉගෙන ගනීවි . තරග තීරකවරයාට තීරණ ගැනීමට හැකි පරිදි මේවා වෙනස් කරන්න ඕනෑ. (නි)
රාජකීයන් පිටියෙන් අයින් වුණේ පතන ක්‍රීඩකයෝ රාජකීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට පහර දුන් නිසාත්, එහෙත් විනිසුරුවරුන් එය නොදැක සිටීමත් නිසාය. එහෙත් පසුව වීඩියෝ වලින් සාක්ෂි ලබාගෙන ඇත (නි)
මෙම තරගය මම දුටුවේ නැහැ. ඒ වුණත් මෙය කිව යුතුමයි. ඉසිපතන ක්‍රීඩකයන්ගේ ක්‍රිඩාවට වඩා කළහ කිරීම ගොඩක් වැඩියි. බලන්න එන ඉසිපතන ආධාරකරුවන් පවා දිරි ගන්වන්නේ කඩපන්, ගහපන්, මරපන් කියලයි. මෙය නැති කල යුතුමයි. රග්බි කියන්නේ ගහමරා ගැනීම නොවේ (නි)
රගර් තරඟයකදී හරි විදියට සෙල්ලම් කරනවා වෙනුවට මැරවරයන් වගේ අනිත් පිලේ ක්‍රීඩකයන්ට හිංසා කරන කණ්ඩායමක් සමග සෙල්ලම් කිරීමේ තේරුමක් නැහැ. මේ ඔක්කොම පාසල් දරුවෝ. තමන්ගේ දරුවා සදාකාලික අබ්බගාතයෙක් හරි අන්ධයෙක් හරි වෙනවා දකින්න කිසිම දෙමව්පියෙක් කැමති නැහැ.ශිෂ්ට සම්පන්න විදිහට සාදාරනව සෙල්ලම් කරන්න කැමති සියලුම වැදගත් පාසල් මේ වගේ දාමරිකයන් සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරපු දවසට මේකට විසඳුමක් ලැබේවි. (නි)