එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය භාර දිය යුතුයැයි සෙනසුරාදා (05) මාතර පැවති පෙළපාළියේ වෙඩි තැබීම් හා පහර දීමේ සැකකරුවෝ විසිපස් දෙනෙක් මාතර බන්ධනාගාරයේ සිට ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට අද (07) උදේම ගෙන එනු ලැබුහ.
දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න ඇතුළු පිරිස හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාද නීතීඥයින් රැසක් සමඟ උසාවි පැමිණ සිටියේය.
එජාප පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා ද නිතීඥයකු සමඟ උසාවියට භාර වීමට පැමිණ සිටි බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා ,හා ඇදගැත්ත නම් කට්ටියත් එක්ක හොදට සබන් ගාල හෝදගන නාගත්ත නම්!.(නදී)
ජනතා ප්‍රසාදය දිනාගන්න බැරි නායකත්වය වැඩකටම වැඩක් නැහැ.27 වතාවක් පරාජය වීමට හේතුව තේරුම් ගත නොහැකි පුද්ගලයා පක්ෂයක් පාලනය කරන්නේ කොහොමද ?මුවන් පැලැස්සේ ආරච්චිල ලාගේ පාලනය නුතනයට වැඩ දායක නොවේ.පෙළපාලි ගිහින් සාමාජිකයින් මියයනවාට වඩා සුදුස්සෙකුට බාර දීම නම්බු කාරයි.ලාබාල කම තමා කියන නිදහසට කාරණාව. උතුරු කොරියාවේ පොඩි පුතා ලෝක පොලිස්කාරයාගේ බලයත් බැස්සුවා නම් අපේ පොඩි පුතාට නායකත්වය කජ්ජක් ද ?බොලේ (අ)
ඔය ගැටුම ඇති කලෙත් මෙහෙවුවෙත් තව ලජ්ජා නැතිව උසවියටත් එනවා සගයන්ව බෙර ගන්න අර කිව වගේ මේ වගේ මනස විකුර්ති වෙච්ච කිහිප දෙන ඒ ජා පෙන් යනකම් අපිනම් ඒ ජ පෙට චන්දෙ නම් දෙන්නේ නැතෝ (අ)
මේකේ අපි නොදන්නා ලොකු රහසක් ඇති. විපක්ෂ නායක කමට මෙතරම් ඇන කොටා ගෙන පොරකන්නේ . මේකෙන් ලොකු වාසි සහගත දේවල් තිබෙය යනු මගේ හැඟිම . කවුරුත් පක්ෂය ගැන නෙමේ සිතන්නේ පක්ෂයේ නායක කම (ස)
කට්ටියම එකතු වෙලා අපේ පක්ෂය නැති කලා. (ස)
පක්ෂයේ නායකයා තෝරන්න ඇමෙරිකානු මොඩලය යොදා ගන්න.රනිල් මහත්තයට නම් පක්ෂය දිනවන්න බැරී බව කිරි සප්පයා පවා දන්නවා. (ස)
කොළ කැපුවම බුරුව රජ වෙනවා....(නදී)
එජාපයේ විධායක නායකත්වයත් . එජාපයෙන් හදපු විධායක ජනාදිපති ක්‍රමය වගේ . නායකයා හෝ ජනාධිපති හෝ බලය ගත්තට පස්සේ ආපසු දීමක් නැහැ . අද රටේ පවතින්නේ එජාපයෙන් හදපු නීති රීති එක නිසා කාටවත් අපි මුකුත් කියන්නේ නැහැ . අපිත් එජාපයේ කොටස් කරුවන් (නදී)
මෙය බල දේසපාලනයේ බල අරගලයක්. කව්රු ආවත් යු ඇන්පී එක දිනවන්න අමාරුයි. යුද්දය ජයගත් නිසාත් , රටට ආදරය කරන නායකයෙක් ඉන්න නිසාත්. තව වසර විස්සක් වත් යාවි. (නදී)
මේ වගේ කොහොමද රටක් පාලනය කරන්නේ? හැමදාම මරා ගන්න එකනේ කරන්නේ.(නදී)