එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇතිවූ ගැටුමේදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල කළැයි සැකපිට මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 24 දෙනකු සඳුදා (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
සැකකරුවන් සඳුදා (7) හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීවරුන් වන නලින් කුමාර අබේගුණවර්ධන, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් හුස්කි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් හෙට්ටිආරච්චිගේ සමීර මනහර ද රිමාන්ඩ් කරනු ලැබුවන් අතර වෙති.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතර ගැටුමේ 24ක් රිමාන්ඩ්
පර්සි බණ්ඩාර Sunday, 06 October 2013 09:14 PM
හෙට්ටිආරච්චිගේ සමීර මනහර කියන්නේ මංගල සමරවීර මහතාගේ කව්ද? දන්නේ නැති නිසා අහන්නේ .(නදී)
රනී Monday, 07 October 2013 09:06 AM
මෙතන වැරැද්ද කළේ මංගල මහත්තයා.එතුමා ගොඩක් මහන්සි වෙනවා රනිල් මහත්තයා නායකත්වයේ තියා ගන්න. (නි)
සුනෙත් Monday, 07 October 2013 10:01 AM
මේක ප්‍රජාතන්ත්‍රවාදීව සිදු උන ගැටුමක්.. මානව හිමිකම් කඩ නොවන ආකාරයට මිනිසුන්ට පහර දෙන විදිය අපි දැක්කා. පිල්ලේ මහත්මිය උනත් මේ වගේ ගැටුම් මානව හිමිකම් ශක්තිමත් උන අවස්ථාවක් ලෙස දකීවි. අත් අඩංගුවට ගත්ත එක වැරදීයි.(නදී)
කරාටේ රන්ජිත් පැරිස් Tuesday, 08 October 2013 05:27 PM
මංගල අවමංගල වෙලා නේද ඒ පාර නම්? (නි)
උපාලි Monday, 07 October 2013 12:58 AM
දැන් නම් ඒ.ජා.ප. ය අගාධයටම වැටෙන එක වලක්වන්න බැහැ වගේ. කැරට් අල ගෝනි ගණන් තියෙන කට්ටිය ඒවා දිදී තමන්ගේ කට්ටිය රැක ගන්නවා. ඉඳ ඊට කෙවිටත් පාවිච්චි කරනවා. ජේ.ආර්. නම් තමන්ගේ කට්ටියගේ හැටි දන්නා හින්ද දින රහිත ලියුම් ඉල්ලගත්ත. ඒක හොඳ කෙවිටක්. දැන් එ.ජා.ප. යට කැරටුත් නෑ කෙවිටිත් නෑ. එහෙම නැති අයට සිද්ද වෙන දේ තමයි මේ දැන් සිදුවෙමින් යන්නේ. (අ)
ලලිත් Sunday, 06 October 2013 05:27 PM
රනිල් 2005 පැරදුනේ කොටි ලේබලය ඇලවූ මංගල නිසා. ඒ උනත් එදත් රනිල් ඉතා ජනප්‍රියව හිටියා. උතුරේ මිනිස්සු එදා ඡන්දෙ දුන්න නම් ජනපති රනිල්. මේ සේරම කුමන්ත්‍රණ පිටිපස හිටියේ මංගල. මහින්ද දිනවල රනිල් නැති කිරීමේ කුමන්ත්‍රණයට ආපු මෙයා එනකොට 2005 දී 43% තිබුන යු ඇන් පිය 23% බැස්සේ මෙයා ආවට පස්සේ. මෙහෙ හිටි අය සේරම එහාට ගියෙත් මෙයා ආවට පස්සේ. වහාම එහෙන් මෙහාට පනින රිලවුන්ට ඉනිමන් තබන එක නවතන්න. එවිට පක්ෂයේ සමගිය ඉබේම ඇතිවෙනවා. පක්ෂයේ මිනිස්සු රටට වගේම පක්ෂයට ආදරෙයි. මෙයාලා කරන්නේ කොන්ත්‍රාත් පමණි..(නදී)
විරාජ් ඒකනායක Sunday, 06 October 2013 05:30 PM
මේ ලිස්ව් එකේ මංගල සමරවීර මහත්තයා නැද්ද? එයත් හිටියනේ එතන .(නදී)
දයාල් Sunday, 06 October 2013 06:00 PM
මේ ඡන්දෙ ඉල්ලන අය මෝඩ මිනිස්සු තමන්ගේ වාසිය සදහා මිනිස්සු අවුස්සනවා. චරිත ඝාතනය කරනවා සේරටම ප්‍රථම උගත් වැදගත් නිහතමානි අය පමණක් චන්දය ඉල්ලන්න ඕනේ, මමත් මගේ යහළුවත් ලංකාවට එනවා ඡන්දෙ ඉල්ලන්න. අපේ පගා ගැනීම් නැහැ ඇත්ත කතා කරනවා..(නදී)
යශෝධා Sunday, 06 October 2013 06:02 PM
අපිට නම් දැන් ඇතිවෙලා තියෙන්නේ. හරිම මහන්සියි. ඉවසුවාට වැඩක් වෙයිද? වැඩේ මටත් දැන් 63 යි.(නදී)
සුගත්, Sunday, 06 October 2013 06:12 PM
ප්‍රධාන සැකකරු මංගල සමරවීර නෙමේද .(නදී)
ධම්ම Sunday, 06 October 2013 06:21 PM
පද හදන්න, මඩ ගහන්න මංගල දෙයියා. 'රනිල්ට බෑ' , 'සහෝදර සමාගම' ආදිය මංගලගේ නිෂ්පාදන. රාජපක්ෂ පවුලට හදපු පද සියල්ල තමන්ගේ වාසියට හරවා ගන්න තරම් රාජපක්ෂවරු දක්ෂ උනා..(නදී)
ශ්‍යාමල් Sunday, 06 October 2013 06:22 PM
කෝ අරයව අත්අඩංගුවට අරන් නැත්තේ ඇයි? (නදී)
අමිළ Sunday, 06 October 2013 06:27 PM
මාතර ගැටුමට කව්රු කව්රුත් වග කියන්න ඕනා. මේක හොදට ප්ලෑන් කරලා කළේ. පොලිසිය නිකන් බලන් හිටියා තවම කවෙවත් අත් අඩංන්ගුවට ගත්තේ නැහැ. .(නදී)
ප්‍රේම් Sunday, 06 October 2013 06:38 PM
මාතර ආණ්ඩුවේ , වැලිවේරිය ආණ්ඩුවේ ,පොලිසිය සියබලාණ්ඩුවේ. .(නදී)
විජේ Sunday, 06 October 2013 06:47 PM
අනේ හොදයි ඔයගොල්ලෝ මරාගන්න. අරගොල්ලෝ ඔහේ ඒගොල්ලන්ට ඕන ඕන විදියට වැඩ ටික කරගෙන යාවි. අනේ පව් මේ රටේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු ටික..(නදී)
පෙත්තා Sunday, 06 October 2013 07:41 PM
ආ රත්තරන් මොකද මේ එක කකුලක් විතරක්?.(නදී)
පිටබැද්දර ජයා Monday, 07 October 2013 07:01 AM
හරිනම් මුලින්ම මේ අයව අල්ලලා කුඩුවට දාන්න ඕනෑ. සජිත් කවුද? මෙයා කවුද? සජිත් කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් තාත්තා වගේම පක්ෂය අත්හැරලා යන කෙනෙක් නෙමෙයි (නි)
රාමා Sunday, 06 October 2013 08:16 PM
මංගල කලේ ගෙදර ඉඳන් ඕර්ඩර්ස් දෙන එක. ඒකයි නැත්තේ .(නදී)