IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


’’මෛත්‍රී පත්වීම් ලිපි අත්සන් කලේ පිට උඩ තියලා’’

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පක්ෂයේ සංවිධායක ධුර සඳහා  සමහරුන් පත් කළේ පුද්ගලයින් ගැන හරි වැටහීමකින් හෝ දේශපාලන  මණ්ඩලයක අනුමැතිය මත නොවෙි යැයි ද ඔහු සමහරුන්ට සංවිධායක ධුර දුන්නේ ඔවුන්ගේම  පිට උඩ තබා පත්වීම් ලිපියට  අත්සන ගසා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පක්ෂය පිරිහෙන්නට හේතු වුයේ එවැනි ක්‍රියා බවද අමරවීර මහතා කීය.

දයාසිරි යනු හෙණ ගහන විට එලියට වීසි කරන යකඩ කෑල්ලක් පමණක් යැයි ද   අමාත්‍ය මහින්ද අමරවීර  මහතා පැවසීය.

පොල් සංවර්ධන අධිකාරියේ පැවැති වැඩසටහනකට අද (8) සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව කීය.

ශ්‍රී ලනිප දේශපාලන මණ්ඩලය විසින් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට ජ්‍යෙෂ්ඨ  උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීම නීත්‍යානුකූල නැතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ "එයා කියන දේවල් අපිට අදාල නැත" යනුවෙනි.

"මන්ත්‍රීවරු 140ක් හිටපු පක්ෂයක් අපි සිරිසේන මහත්තයට බාර දුන්නේ. දැන් ඒ ගාන දෙක දක්වා අඩු වෙලා.එහෙම කළේ අපි නොවෙයි .පක්ෂයේ හිටපු සභාපතිවරයායි" යනුවෙන් ද මහින්ද අමරවීර මහතා කීය.



අදහස් (5)

’’මෛත්‍රී පත්වීම් ලිපි අත්සන් කලේ පිට උඩ තියලා’’

ajith Monday, 08 April 2024 06:19 PM

දැන් මොනවා කිව්වත්, ඊළඟට එන මැතිවරණ වලට ඕගොල්ලෝ අදාළ නැහැ.

:       0       0

ගමේ එකාලා Monday, 08 April 2024 06:19 PM

තමුන් කියලා නිකම්ද? අලියගේ පිටේ නැගලනේ ඉන්නේ?

:       0       0

Lakmal Monday, 08 April 2024 08:09 PM

චන්ද්‍රිකා අත්සන් කළේ කොහේ තියලද?

:       0       0

chandima Monday, 08 April 2024 10:18 PM

මේ සේරම කියන්නේ ඡන්දෙ ළන් වෙලානේ... එකට ඉඳන් රටේ රීරි මාංසෙ උරාබොද්දී ඕවා මතක් වුණේ නෑ නේද? දැන් ඔය චග්ගුඩු ගේම හොඳටම ඇති. මොන ඔලුබක්කෝ දාගෙන ආවත් මේ පාර ගෙදර නොයැව්වොත් රට විනාසයි. රනිල් යනකන් ඉඳලා ආයිත් එන්නෙත් රාජපක්ෂලාම තමයි. ඇවිත් ආයෙත් සුද්දේ දෙනවා සිකුරුයි. පුතාණෝ වටේටත් ඉන්නේ ඉස්සර ආණ්ඩුවේ ඉඳන් රටකාපු හොර හැත්තම තමයි.

:       0       0

kotiya Tuesday, 09 April 2024 02:29 AM

උබලා මෛත්‍රීට දුන්නු පක්ෂයක් නෑනේ. පක්ෂේ බාර දුන්නේ මහින්ද රාජපක්ෂ. 140ක් මන්ත්‍රීවරුන්ගෙන් 2ට බැස්සුවේ මෛත්‍රී නම් 140ට නග්ගලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 597 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 999 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 833 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1601 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 467 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 239 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site