මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එකතු වී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කලහොත් මහින්ද රාජපක්ෂ මහතාටත් අායුබෝවන් කියන බව මොරටුව හිටපු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසදයේ ජාතික සංවිධායකවරයාය.
රජය මහින්දට කරන කෙනෙහෙළිකම් හේතුවෙන් මෛත්‍රි මහින්ද එකමුතුවට තමා විරෝදය දක්වන බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට මොරටුව හිටපු මන්ත්‍රිවරු එකොලොස්දෙනෙකු සහ පළාත් සභා මන්ත්‍රිවරු සහ ජනතාව සහභාගී වී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මෛත්‍රී මහත්තයාටත් ආයුබෝවන් කියන්න ඊට වඩා කට්ටිය ඉන්නවා.(හේ)
අනේ ඔබතුමා දවල් හීන නොදක දැන් වත් රට වෙනුවෙන් වැඩක් කරන්න බලන්න. (බ)
විපුල රජින්ද ඔබ හරි. අසොකත් හරි. අනේ මන්ද. (බ)
නායකයා කවුද කියලා ජනතාව තීන්දු කරාවි (නි)
ආයේ සමුපකාර ක්‍රමයට දෙගොල්ලත් එක්ක එකතුවෙලා රටකන්න වගෙය් හදන්නේ. (ම)
පක්ෂ පාට ඇත හැරලා රට ගැන දැන්වත් හිතන්න පුරුදු වෙන්න. අපි කාගේත් වැරදි අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඒ දෙන්නත් වැරදි අඩුපාඩු හදාගෙන පිල් බෙදෙන්නේ නැතිව රට ගොඩ ගන්න ක්‍රියා කරනවා නම් ලොකු දෙයක්. යුද්දේ දින්නට රට ගොඩ ගන්න බැහැ. ඒක වෙනම කාර්යයක්..(බ)
එහෙම වුණොත් අපිත් මහින්දව අතාරිනවා. (නි)
අනේ චතුරි පවු කියලා හිතෙනවා මට (නි)
රජින්ද, ඔබ නිවැරදියි (නි)
සමහරු ඇත්තටම බයයි දෙන්නා එකතුවෙයි කියලා. බයවෙන්න එපා, ඒ දෙන්නා එකතුවෙන්නේ නැහැ! (නි)
පුද්ගල චරිත අපිට වැඩක් නැහැ රාජ්‍ය ආරක්ෂාව සහ රටේ පුරවැසියන්ගේ අභිමානය ගැන මහින්ද මහත්මයා දක්වපු සැලකිල්ල ගැන හිතනකොට ඔහු හැර වෙනත් සුදුස්සෙක් තවම නැහැ.(ම)
දෙන්න එකතු වුනොත් දෙන්නටම ආයුබෝවන්. අපි නම් ඡන්දේ දෙන්නේ නැහැ. මහින්ද මහත්තය දැනගන්න ඕනේ කුමන්ත්‍රණකරුවන් සමඟ යළි එකතු නොවෙන්න. (ම)
මේ තීරණාත්මක අවස්ථාවේ ජනතාව පක්ෂ පාටවල් හෝ පටු දේශපාලන අරමුණු පසෙක තබා රටගැන ,ජාතිය ගැන සිතිය යුතුයි . මහින්ද, මෛත්‍රී යනු පුද්ගල චරිත පමණි. (ම)
එහෙනම් කට්ටියමට අබ සරණයි.(හේ)
පටු දෙසපාලනයට වැට බදිමු.(හේ)
අද ජනපති කාගේත් ප්‍රසාදයට පත්වෙන්න තිබුනා එතනෝල්, කුඩු, පගා මැරකම් කරන්න ඉඩදීලා හොරුන්ගේ ෆයිල් හැංගුවා නම්. එහෙනම් කට්ටිය වඩාගෙන ඇවිදියි. ඔය කවුරුත් උවමනා නැහැ මොළය හරියට පාවිච්චි කළා නම් (නි)
කාට ආයුබෝවන් කියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.(හේ)
කොහොමත් මහින්ද මහත්මා එක්ක එකතු නොවෙනවානම් ඔබගේ ජයත් හීනයක්ම තමා. (බ)
මේ රටේ ජනතාව මහින්දගෙන් සමු ගෙන ඉවරයි. ඔහුව යලි ගෙනෙන්න උත්සාහ කරන පිරිස් සිටිනවා නම් ඔවුන්ට චෙරියෝ කියන්නත් විචාර බුද්ධියක් ඇති ජනතාව මැලි වන්නේ නැහැ! .(බ)
යුද්දය පාවාදී කකුලෙන් ඇද්ද යු අැන් පියට සහ යු අැන්පියට ඡන්දෙ දුන් ජේ වී පීයටත් නම් ඡන්දෙ දෙන්න බැහැ වංචා දුෂණ කරපු පිරිසටත් බැහැ ඉතින් අප අසරණ වෙලා සෝම හාමුදුරුවොත් නැහැ (බ)
පිටබැද්දර ජයා ඔයාට රනිල් මෛත්‍රී දේශපාලනය හරි ප්‍රසන්න ඇති නේද ? (බ)
ඔබතුමා හරියටම හරි (නි)
අපේ රටේ මිනිස්සු මහින්දට අායුබෝවන් කියලා දැන් ගොඩක් කල් වෙනවා (නි)
මෛත්‍රි මහින්ද එකතු වුණොත් මෛත්‍රිටත් ආයුබෝවන් කියන අය මීට හුඟක් වැඩියි (නි)
මහින්ද කියන චරිතය සදාකාලිකයි අපට. හැබැයි ඔහුගේ දේශපාලනය අප්‍රසන්නයි. එසේ නොවුණා නම් ගෞරවසම්ප්‍රයුක්තයි. බිඳුන විජිතය යළි ගොඩනැඟිය නොහැකියි. මක් නිසාද? රුදුරු සිහිනය දෙවරක් නොදකින්න තරම් බුද්ධිමත් ජනතාව... දැනට මේ ඇති ඒ ගැන. මෛත්‍රී මැතිඳුනි, යන්න පෙරටම දකිනතුරු නව ලෝකය. ගොඩනගමු සැවොම එක් වී සැමට රජවිය හැකි ඒ සොඳුරු දේශය (නි)
අපේ නායකයෝ තවම ජනමතය සහ ජනවරම අවබෝධ කරගෙන නැහැ. (නි)
මහින්දට තනියම තරඟ කරන එක වැඩිය වාසියි (නි)
දැනට ඔය කටයුතු කෙරෙන්නේ මගේ අදහස නම් පවතින රජය රැකෙන්න ඕනෑ නිසා වෙන්න පුළුවන්. එකතුවෙන්න ඇරලා හරි, හරිමඟට ගන්න එක තමයි නුවණට හුරු. ඔය වැඩේ ඔබ කරන්න ගියොත් වාසිය වෙනත් අයට යාවි. (නි)
යාදෙක නොරත රත... (නි)