වේන්නප්පුවේ ශුද්ධ වු පවුලේ ප්‍රාථමික බාලිකා විදුහලේ ඉදිවන මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලට ආධාර පිණිස වේරෝනා නුවර සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. වේරොනා වේන්නප්පු මිත්‍රත්ව සංගමය පැවැත් වු මෙම ප්‍රසංගය සඳහා සවස 6 සිට රාත්‍රි 10.30වන තෙක් ඉතාලි පොලිසියේන් අවසර ලබාගෙන තිබිණි. එහෙත් පැමින සිටි අති විශාල පිරිසකගේ දැඩි ඉල්ලිම මත තවත් විනාඩි 15ක් අවසරයකින් තොරව ප්‍රස0ගය ඉදිරියට ගෙනයැමට සංවිධායකයෝ ක්‍රියා කළහ. අවසාන විනාඩි කිහිපයේ එම ස්ථානයට ලගා වු ඉතාලි පොලිසිය සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහාතාට පසුදින පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබේ. පොලිස් නිළධාරින් කිව් දෙයින් තමා මහාත් සේ පුදුමයට පත් වු බව ඩික්සන් මහතා කියයි. ඉපදුනු රටට උදව් කරන එක හොද දෙයක්,ප්‍රසංගය විනාඩි 15ක් නිති විරෝදිව ඉදිරියට පවත්වනවා කියලා අපිට දෙපාරක් දුරකථන ඇමතුම් දුන්නෙත් ඔබගෙ රටෙ කෙනෙක්. නිතිය කාටත් පොදුයි. යුරෝ 635ක (රුපියල් 107950) දඩ මුදලක් ගෙවන්න ඔබට සිදු වෙනවා. පොලිස් නිළධාරින් එසේ කියමින් යුරෝ 635ක දඩ කොලයක් ඩික්සන් මහතාට ලබා දුන්නේය. අපේ ප්‍රසංගය බලන්න ඇවිත් අපිත් එක්ක එකට විනෝද වුණු කෙනෙකුම තමයි පොලිසියට කොල් කළේ. මම මගේ අතින් දඩය ගෙව්වා. සංගමයේන් පවත්වපු ඒ ප්‍රසංගයේන් ලැබුණු රුපියල් ලක්ෂ අටක් අපි පාසලට දුන්නා.‘ ඩික්සන් මහතා එසේ පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශ වලට අපහාස කරන්නේ ඇයි? මම කතෝලික උනත් මම දන්න විදියට බුදුහාමුදුරුවොත් කියලා තියනවා නේද උප්පත්තියෙන් වසලයෙක් නොවන බව. කොයි ප්‍රදේශයෙත් හොද මිනිසුන් සහ නරක මිනිසුන් සිටිනවා. ගම් රටවල් වලට අපහාස කරන්න එපා. (ස)
ඒ වැඩේ අනුමත කරන්න බැහැ (දී)
එලොවටත් නැති මෙලොවටත් නැති, ගැහැනුත් නොවන පිරිමිත් නොවන කෙනෙක් තමා මේ කෝල් එක දීලා ඇත්තේ........ (නි)
යහපත් සෑම ක්‍රියාවකටම බාධාකරුවන් සිටිනවා. නොසැලී ඉදිරියට යාමයි වැදගත්. ඔබ කල සද්ක්‍රියාව අපි අගයන්නෙමු (ස)
මෙහෙත් ඉන්නවා එකට කාලා පාවාදෙන්නෝ ඕනෑතරම්. කණගාටුයි. (නි)
ඇයි මේ අය නිතරම මේ විදියට කටයුතු කරන්නේ? (නි)
ශ්රී ලංකාවේ සාමාන්‍ය තත්වය (ස)
නීතියට වැඩ කරන්න පුරුදු වුණොත් නේද හොඳ ? (ස)
මෙවැනි දේ මේ සමාජය තුල බෙහෙවින් සිදු වෙනවා (ස)
සතුරු වෙසින් සිටිනා මිතුරන් හඳුනා ගනු සොඳිනා !!!! (ස)
අනේ ඉතින් හොද වැඩක්නේ කලේ මොකටද බාධා කලේ (දී)
ඇමතුම දීපු කෙනා හරි ඇයි නීති විරෝධී වැඩ කරන්නෙ.. පොඩි දෙයක් උනත් නීතිය පිළිගන්න ඕන.. සංවිධායකයෝ තමයි වැරදි... ලංකාවෙ අය කොහෙ ගියත් විනයක් නැති බව පේනවා.!(නු)
කෝල් එක දීපු කෙනාගේ ගමත් වෙන්නප්පුව වෙන්න ඇති (ස)
ඔව් ඒ මිනිස්සුන්ටත් පුදුම ඇති.පාවා දීමෙන් ලෝකෙ අංක 1 ට ඉන්නේ ලංකාව මහනුවර යුගයෙන් පස්සෙ මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි. (ස)
කෙනෙක් ඉහළට යනකොට කකුලෙන් අදින මිනිස්සු තමයි ඉන්නෙ.. පිටරටකට ගියත් ඒ පුරුද්ද නම් අතරහින්න බැහැ..!(නු)
ලංකාවේ මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ (ස)
මේ වගේ අය තමයි අපේ රටට විරුද්ධව කේලං කියන්නේ..!(නු)
කවුරු උනත් ලංකාවේ කෙනෙක් කියලා ඔප්පුකරලා පෙන්නලා තියෙනවා (ස)