ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළ කතාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂය එතුමාට කළ සියලු චෝදනා බිඳ වැටුණු බවත්, පාක්ෂිකයින් අතර දැඩි උද්යෝගයක් හා නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බවත්, ද බස්නාහිර මහා ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා රටේ නායකයා හැටියට හැමදාම කළේ අනුකම්පාව දිනාගෙන බලයට ආව එකයි ඉසුර දේවප්‍රිය රැවටුනාට අපිනම් රැවටෙන්නේ නැතෝ. අපිත් කුරුණෑගල අපි දැක්ක කරපු ප්‍රෝඩාව සෙනග ගෙන්වන්න. (බ)
ඇත්ත කියනකොට ඒක චෝදනාවක් කියන්නේ කොහොමද? ඇමති ඇසට කදුළු ඇවිත් තියෙන්නේ කරගත් මෝඩකම නිසා වෙන්නත් බැරි නැහැ. මේ යන විදිහට පස්සට කාටත් අඬන්න සිදුවෙයි, දැන්වත් නිවැරදි වුණේ නැත්නම්. කිසිම පාක්ෂිකයෙක් පක්ෂයට විරුද්ධ නැහැ. විරුද්ධ ගෙනයන වැඩපිළිවෙලටයි. (නි)
අනේ සිහලුනේ, දෑස් ඇර බලපල්ලා නුඹලා මහින්දට කළ දෙය. අද අපි අනාථ ජාතියක් වෙලා. අසරණ ජාතියක් වෙලා. තව ටික දවසකින් මේ බිමේ පිටස්තරයන් වෙනවා අපි. හරිම දුකයි මගේ රට ගැන (නි)
මගේ ඇස් වලට තාමත් කඳුළු එනවා. නවත්තාගන්න බැහැ. (බලාගෙන යනකොට ඇස් ලෙඩ..!) (නි)
මෙතුමා නේද ඡන්ද 18000 ගත්තේ. ඉතින් අඬන්නේ නැතුව ඉන්න පුලුවන්ද. (නි)
අපිටත් ඇඬෙනවා රටට සහ සිංහලයාට වෙන්න යන දේ දැකලා (නි)
අපිට නම් කඳුළු ඇවිල්ලා සෑහෙන කල් (නි)
රට ගැන හිතද්දී අපි ආත්මාර්ථකාමී විය යුතුය. මන්දයත් සිංහලයන්ට තියෙන එකම සිංහල රට අනාගත පරපුර උදෙසා අප දිවිහිමියෙන් මේ මව්බිම ආරක්ෂා කළ යුතුය. ඉතා නුදුරු දිනකදී අපට යන එන මන් නැතිවේවි. (ම)
කඳුළු සලන්න ඕන අනාගතයේ ලංකාවට අත්වෙන්න යන ඉරණම ගැන හිතල .අනේ මන්ද.... ලංකාවේ සිංහලයෝ දේශපාලන තොත්ත බබාලාද ? පණ්ඩිතකම නම් තිබෙනවා අහස උසට . (බ)
කිඹුල් කඳුළු එහෙම නෙමෙයි නේද? (නි)
අපි අඩලා ගොඩක් කල් මෙයාලට දැන් තමා කඳුළු එන්නේ (බ)
මේවට ලොකු කියලා හිතාගෙන ඉන්න මහා නායක ඔක්කොම වග කියන්න ඕනි සිංහල බෞද්ධ මිනිසුන්ට මොකද වෙන්නේ මේවට වගකියන්නේ කව්ද. (බ)
ඇඬෙනවා තනි ඇහැට. කපටි දේශපාලකයන්ගේ විහිළුවලට හිනා යන්නේ නැතිව ඇඬෙන්නේ අහිංසක අපට (බ)
ද සිල්වා, ඔයා කියල තියන දේ තමා රටේ බහුතර ජනතාවගේ හදවත කියන දේ! (බ)
මටනම් මේවට අඬමින් හිනායනවා (බ).
මෙයාට අඩන්න වෙන්නේ ඊළඟ ඡන්දෙදි. (බ)
මටත් හොදටම අැඩුනා. තාමත් තනි ඇහැට ඇඩෙනවා. හැබැයි මෙයාලගේ මේ ගොන් කතා වලට නෙමෙයි. යස අගේට තිබුන රටට වෙන දේ දැකලා (බ)
කදුරුවෙලින් අාපු බස් එකක් මගදී මහින්දට ජයවේවා කියමින් ගියා. (බ)
අපි කාලයක් කොළ කදුළු දැක්කා. දැන් නිල් කඳුළු දකිනවා. අපි ආසයි රතු කඳුළුත් දකින්න. ඔය කවුරුත් ආසයි අපේ උණු කඳුළු බලලා දුක් කඳුළු ගොඩේ පීනන ගමන් හිනාවෙන්න (නි)
පළමුවරට මෙවැනි සෙනඟක් දකින්න ලැබුනේ කිසිම වශීකිරීමක් නැතුව. අලුත් පක්ෂයේ කට්ටිය අඩන්නේ සෙනඟ දැකලා. (නි)
සත්‍ය හෙළි කරනවිට අඬන්න වෙන එක ඇත්ත. ඒගොල්ලෝ බොරු කියනවා නම් එය නිවරදි කරන්න ඕනෑතරම් කාලය තිබුනා. ඒත් කළේ සිරගත කිරීම මිස නිවැරදි කිරීම නොවෙයි. තනතුර ගැන නොසිතා හදවතට එකඟව කතා කරලා කවුරුත් නිවැරදි වුණොත් සුභ අනාගතයක් තියේවි. නැත්නම් කුමක් වෙයිද කියලා කාටවත් කියන්න බැහැ මේ යන විදිහට. (නි)
මටත් ඇඬුනා. තාමත් දුකෙන් ඉන්නේ (නි)
මමත් එළිවෙනකම්ම ඇඬුවා. අපි දැක්ක ඒ ඇඬීම් වලට රැවටිලා තමයි අපි ඡන්දෙ දුන්නේ. අපිව තවත් මෝඩයන්ට අන්දන්න බැහැ (නි)
දේශපාලඥයෝ කිඹුල් කඳුළු සලමින් තවදුරටත් ජනතාව රවටමින් සිටීම ගැන ලැජ්ජයි (නි)
සමහරු ඒ කාලේ මහින්ද වෙනුවෙනුත් කඳුළු හෙළා තියෙනවා. ඕකට පුදුම වෙන්න ඕනෑ නැහැ. (නි)
යථාර්ථය ඔබට දැන්වත් වැටහෙනවාද? (නි)
කඳුළු එන්න ඇත්තේ තමන් කළ කී දේවල් ගැන පසුතැවීමක් ඇතිවෙලාද දන්නෙත් නැහැනේ (නි)
ඇයි ඉතින් ඡන්ද තියන්න බය. (ර)
අපිට නම් අපේ සමහර දේශපාලකයන්ගේ කතා අහද්දී ලැජ්ජයි (නි)
අපේ රටේ පාලකයන් මොන පුරසාරම් දෙඩුවත් රටක් වශයෙන් අපි ගොඩක් පහළ ඉන්නේ (නි)
"කන්න ඕනෑවුණාම කබරගොයත් තලගොයා කරගන්නවා" කියලා අපි කියන්නේ මේවට තමා (නි)
අපේ දෑසට නම් මේ ආර්ථික අපහසුකම් නිසා කඳුළු නැඟිලා ගොඩක් කල් (නි)
අනාගත සිංහලයාගේ අයිතිය, පුදබිම් වනසන බඩගෝස්තරවාදී, බලලෝභී දේශපාලන ක්‍රමයක් තුළ පක්ෂය කුමක්වේවා, සිය නායකයකුගේ කතාවලින් පසු දේශපාලන ගැත්තන්ගේ ඇස් වලට කදුළු ඉනීම ගැන අපි පුදුම නොවෙමු (නි)
හැබැයි මහජනතාව වන අපිට නම් හිනායනවා (නි)
රටට ජාතියට විශාල ව්‍යසනයක් වෙද්දී තමන්ගේ දුක කඳුල ඉදිරියට දමා තමා රැකෙන්න බලනවා නම්, එය රටේ යහපතට ප්‍රමාණවත් නම්, අනේ ඉතින් ලංකාවට මේ තුන් සරණේ සරණයි කියලා හිත හදාගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ (නි)