(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වලක්වමින් හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා නඩුව ඒකපාර්ක්ෂිකව විභාග කිරීමට අද (09) නියෝග කළේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හා විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර් බෙත්තමගේ යන මහත්වරු විත්තිකරුවන් කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී පැවරු නඩු තුනක් සලකා බැලීමෙන් පසුව මෙම තහනම් නියෝග නිකුත් කළේය.
විත්තිකරුවන්ට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ වාරණ නියෝග තහවුරු කරමින් මෙම අතුරු තහනම නිකුත් කෙරිණි.
2024 මාර්තු මස 30 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව රැස්වී ගත් තීරණ අනුව පැමිණිලිකරුවන් විසින් දරන තනතුරු විත්තිකරුවන් වන සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර් ට බෙත්තමගේ යන අයට ලබාදීමට ගත් තීරණය නීති විරෝධී හා අත්තනෝමතික බවට තීන්දුවක් ඉල්ලා මෙම නඩු තුන පවරා තිබිණි.
ඊයේ මෙම නඩු කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රාර්ථනා දයානන්ද හා සචනා පෙරේරා මහත්මීහු අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව ඉදිරියට පවරා පවත්වාගෙන යෑමට විත්තිකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති බව නීතිඥවරියක් අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වමින් පැවසුවාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය අප්රිල් මාසයේදී ලබා දුන් වාරණ නියෝගය සම්බන්ධයෙන් විත්තිකරුවන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් අතුරු තහනම් නියෝග නිකුත් කරමින් නඩුව ඒක පාක්ෂික විභාගයට දින නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටින අතර විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් නීතිඥ අමිල පෙරේරා,නීතිඥ සංජීව කළු ආරච්චි මහත්වරුන් පෙනී සිටියහ.
නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 16 දිනට නියම කෙරිණි.
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෛත්‍රිට අතුරු තහනමක්