IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාතලේ කම්කරු නිලධරයා රිමාන්ඩ්

මාතලේ උකුවෙල ගරාජ හිමියෙකුගෙන්  රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් අඩක් ලබා ගත් බව කියන කම්කරු නිලධාරී ලීල් කොඩිතුවක්කු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

උකුවෙල අධිකාරම් වලව්වේ සචින් එන් කුලතුංග නම් ගරාජ් හිමියාගේ පැමිණිල්ලක් මත අල්ලස්හෝ දුෂණ කොමිසම වැටලීම කළේය  

තමා ළගදී  ඇරැඹු ගරාජයේ සේවකයිනට අර්ථසාදක අරමුදල් ආදීය වෙනුවෙන් රුපියල් අසු ලක්ෂයක් ගෙවීමට ඇති බව කම්කරු නිලධාරීයා පැවසු බවත් එතරම් මුදලක් නැතැයි කී විට රුපියල් තුන්ලක්ෂයක් දෙතොත් අර්ථසාදක අරමුදල් නොගෙවා සිටි හැකි බව ගරාජ හිමියා කොමිසමට දන්වා ඇත.එය ලක්ෂ එකහමාර දක්වා අඩුකර ගත හැකිබවද ඔහු දැන්වීමෙන් පසුව වැටලීම සංවිධානය කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.



අදහස් (0)

මාතලේ කම්කරු නිලධරයා රිමාන්ඩ්

උපාලි Thursday, 26 September 2013 12:34 AM

"යුෂ්මතාට මීට පෙර තිබුන අල්ලස් චෝදනා වලින් ගැලවුනේ කෙසේද?" කියලා ඇහුවම කොහොමද කිවුවා නම් , පොඩි පගාවක් දීලා හාමුදුරුවනේ කියලා (නි)

:       0       0

සෙන්තිල් Thursday, 26 September 2013 01:54 AM

මෙයා අහවලාගේ ඥාතියෙක්ම වෙන්න ඕනෑ. (නි)

:       0       0

ද සිල්වා Thursday, 26 September 2013 04:06 AM

කම්කරු නිලධාරීන් ගැන නම් කියලා වැඩක් නැහැ. හම්බන්තොට දිස්ත්‍රිකයේ ඉන්නවා. මම කියන දේ බොරු නම් උපාය දුතයෙක් යවලා බලන්න (නි)

:       0       0

රනා Thursday, 26 September 2013 05:59 AM

බදුල්ල දිස්ත්‍රිකයේ සිටි අධ්‍යාපන ලොක්කෙක් මාරුවීම් ලබාදීමට ගුරුවරියන්ගෙන් ලිංගික අල්ලස් පවා ලබා ගත්තා.ඔවුන් තවමත් සුවසේ සිටි.ලංකාවේ අල්ලස් නඩු අහන්න වෙනම අධීකරණයක් ස්ථාපිත කළ යුතුය (නි)

:       0       0

කහවිට Thursday, 26 September 2013 06:09 AM

අල්ලස් ගැනීම රටේ සෑම රාජ්‍ය ආයතනයකම ගජරාමෙට වෙන දෙයක්. මේ සදහා රජය දැන් කළ යුත්තේ ඊට අවසර දී චක්‍රලේඛනයක් නිකුත් කිරීම පමණයි. ඔය අල්ලස් ගැනීමත් හොරකමක්නේ. ඔය මුදල් කවදාවත් යාදෙන්නේ නැහැ මහත්වරුනි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 25 September 2013 07:12 PM

ගරාජ් හිමියා බලාගෙන ඉන්න ඇති මේ උගුලෙන් ගැළවෙන්නේ කොහොමද කියලා (නි)

:       0       0

පුබුදු Wednesday, 25 September 2013 07:18 PM

මට තිබෙන ගැටලුව , මම කරන ලද පමිණිලි කීපයකට ලිඛිත සාක්කිත් එක්ක බාරදුන් ඒවට මොනවද වුණේ කියන එකයි. සියලුම පැමිණිලි අල්ලස් පනතට අඩංගු අංක 70 යටතේ ඒවා, අල්ලස් දීලා වැඩේ කරගත්තා නම් මම ගොඩම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 320 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 765 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 844 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 841 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 931 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1055 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23536 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site