බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව දේශ මාමක ගොන්ගාලේගොඩ බණ්ඩා,වීර පුරන්අප්පු,,ඇතුළු වීරවරයන් පිරිස 1848 ජුලි මස 29 දින මාතලේ කැරැල්ල නමින් දේශීය ජන අරගලය ආරම්භ කළ ස්ථානය වන මාතලේ වාරියපොලවත්තේ සුදු ජාතිකයන් විසින්ම ඉදිකළ ස්මාරකය අද වනවිට කුණු කාණුවකට යටකර දමා තිබේ .
මෙම ස්මාරකය ආරකෂා කිරීම කාගේත් වගකීමක් බව මධ්‍යමපළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා කියයි.
වීර පුරන් අප්පු ඇතුළු පිරිස කඳවුරු බැදසිටි ගල්ගුහාව අද කැලෑවක් බවට පත්වී බේබද්දන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි තරම් තියෙනවද මෙවන්තන් ලංකාවේ කනගාටුයි (දී)
ඔන්න අලුත් කතාවක් (දී)
ඔය හැම දේකම රැකවරණය ජාතියේ ඉතිහාසය මිස අන් කවරක්ද? අපේ ඉතිහාසය කොයිඹටද? (නදී)
නුගේගොඩ ජුබිලිකනුව පාරමැද ඇති ජුබිලි කනුව පෙරලා දැන්වීම් අලවන්නේ (දී)
ශාන්, ඔයා හොඳ දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙත් ටිකක් ගත්තොත් නරකද ? (අ)
අපේ මිනිසුන්ට කොයි දේක වුනත් මතකය වගේම වටිනාකම තියෙන්නෙත් ටික කාලයයි.නවතම දේවල් එක්ක අලුත් වේවි ඉන්න තමා දන්නේ. එකනේ දැන් තිස්වසරක යුද්දෙත් අමතක.වගකිව යුත්තෝ අහක බලන කොට අනෙක් ය ගැන කවර කතාද? (අ)
දැන් කාඩ් බෝඩ් වීරයන් වැඩි වෙලා. ඒ නිසා නියම වීරයන් අපිට අමතක වෙලා (අ)
මෙම ස්ථානය ඉතාමත් වැදගත් ස්ථානයක් සේ මම පෞද්ගලිකවම හිතනවා.මීට අමතරව මෙම ගල් ගුහාව පිරිසිදු කර, පාසල් දූ දරුවන්ගේ ඉතිහාස ගත තොරතුරු සඳහා වැදගත් වන ස්ථානයක් බවට පත් කිරීම ඉතාම වැදගත්.නමුත් මෙම ස්ථානයට දැන්වීමක් දැමීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ඉහත කී පරිදි මෙම ස්මාරකය උස් වේදීකාවක් මත පිහිටුවීම වැදගත්. (ස)
මට මතකයි එකපාරක් ඕක ලංකාවටම පෙන්නුවා රුපවාහිනී වැඩසටහනක . (දී)
ඔතන අයිති මොන ප්‍රාදේශීය සභාවටද? (දී)
මේවා දකින කොට හිතට එන දේවල් ලියන්න බැහැ. කුණු කානුවක ස්මාරකය තියලා අපිරිසිඳු කිරීමෙන් වලකින්න කියලා බෝඩ් එකකුත් ගහලා, එක්කෝ මෙම ස්මාරකය උස්කරලා තනන්න ඕන, නැත්නම් වෙන තැනකවත් පිහිටුවන්න ඕනා.. තව ටිකකාලෙකින් අපේ රටට දෙයියන්ගේම පිහිටයි..(දිල්)
අනේ අනේ පරණ ඒවා කන්නද ? ඔය ටික කඩල දාලා .රට පිරිසිදු කරන්න (දී)
හරිනම් මෙතන තමයි ආරක්ෂා කරන්න ඕනේ ,මොකද අපේ රට බෙරාගත්තු අතීත රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ට කරන උපහාරයක් විදිහට (දී)
මට ටිකක් අපැහැදිලියි වගේ (දී)
කෝ අපේ පුරාවිද්‍යාව.? (ස)
රැකගත උතු ස්ථානයක්. (දී)
අනේ ඔය ගලට ඔහොම සලකනවාට වඩා හොදයි සුද්දෙක්ට විකුණන එක (දී)
ආසියාවේ අස්චර්යය කියන්නේ ඕකට.හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට කියනවලුනෙ (දී)