මාතලේ, රත්තොට, කොස්වාන, ගලවල කන්දකින් අඩි දෙක තුනක් උසට සුදු පැහැති පෙන මතුවන බවත් ටික වේලාවකින් පෙන නැතිවී ගොස් ජලය ගලායන බවත් ගැමියෝ කියති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මාතලේ ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් වැසි ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හුණුගල් දියවී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙන බවයි. ඒවා සුදු පැහැති පෙන ආකාරයෙන් පවතින බව ද මහාචාර්ය වරයා කියයි. මෙම පෙන හෝ ජලය ශරීරයට විෂ නොවන නමුත් පෙන මතුවන ස්ථානයේ හුණුගල් දියවෙමින් පවතින බැවින් ඉදිරියේදී ගිලා බැහීම් වලට ඉඩ ඇත්දැයි සොයා බැලිය යුතු බව ද හෙතෙම පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේ එකට දැම්ිමනම් රැපියල් 10ක් විතර වැඩිපුර ගන්න තිබුණා. දැං ඉතිං පෙන වලටත් ගෙවන කාලයක්නේ..!(නු)
කොහොම අනත් මේ පිළිබදව ලංකාවෙ විද්‍යාඥයන් මීට වඩා සෙවීමක් කළ යුතුයි.. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයත් මූලික අධ්‍යාපන ආයතනත් ලංකාවේ සිදුවෙමින් පවතින දේවල් ගැන මීට වඩා සෙවීමක් කළ යුතුයි.!(නු)
හිතලා බලන්න කවදා අහපු දේවල්ද හැම අතින්ම දැං දැං අහන්න ලැබෙන්නේ කියලා.. මොන දෙයක් වෙන්න යනවාද දන්න නැහැ අපේ රටට..!(නු)
අබුද්දස්ස කාලෙ වෙන වැඩ ඔක්කොම දැං ලංකාවෙ..!(නු)
මේ පෙන මතුවීම මීට මාස ගණනකට කලින් වාර්තාකරලා තිබුණා.. එයා එදා මේ දේවල් ගැන සෙව්වෙ නැති නිසා දැං ගොඩක් විනාශ තත්ත්වයට ඇවිල්ලා නේද?(නු)
අනේ මාතලේට මොකද මේ වෙන්නෙ..!(නු)
ඒකාලෙ ඉවක් බවක් නැතිව මාතලේ අලු හුණු කියලා කඩ කඩා වික්කා.. දැං ඉතිං මාතලේ පෙන විකුණන්න බලන්න.!(නු)
මහ විපත් සිදුවූ පසු හේතු හොයන එක තේරුමක් නෑ. විපතක් වෙන්න කලින් ඒ ගැන සොයා බැලීම වැදගත් (ස)
මොනවා වුණත් ලස්සනයි නේද? හිම වගේ. (නි)
මාතලේ විතරක් නෙවෙයි.දැන් අපේ රටේ හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ පුදුමාකාර දේවල්.මේ හැම දෙයක් ගැනම විදේශයකින් දන්න අය ගෙන්වලා හරි ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු කරොත් තමයි අපි කාටත් හොඳ! (ස)
මාතලේ විතරක් නෙවෙමෙයි, දැන් අපේ රටේ හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ පුදුමාකාර දේවල්. මේ හැම දෙයක් ගැනම විදේශයකින් දන්න අය ගෙන්වලා හරි ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු කළොත් තමයි අපි කාටත් හොඳ. (නි)
මොනදේ උනත් කමක් නෑ අපේ අය ඒවා අල්ලනවා..(ස)
කතා වැඩක් නැහැ. දැන් ඉක්මණින් ඔතන හාරලා හුණුගල් කරමු. (නි)
මෙහෙම දේවල් අතින් අල්ලන්න එපා කියලා අපේ රටේ මිනිස්සුන්ට කොච්චර කිවුවත් වැඩක් නැහැනේ. (නි)