IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මාතලේ පුර සබේ ලක්ෂ 14ක අයථා ගනුදෙනුවක්

මාතලේ මහනගර සභාව පෞද්ගලික ආයතනයක ස්කැවේටරයක් කුලියට ගැනීමට රුපියල් 1428370 ක් නීතී විරෝධි ලෙස  ගෙවීමක් කළැයි  මාතලේ  පුරපති මොහොමඩ් හිල්මි ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දහ දෙනකුගෙන් හා නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් දෙදෙනකුගෙන් එම මුදල අය කැර ගත යුතු යැයි විගණකාධිපති යෝජනා කරයි.

නගර සභා ස්කැවේටරය අලුත් වැඩියා නොකර ටෙන්ඩර් ක්‍රමය හෝ මහ නගර සභා ආඥා පනත අනුගමනය නොකර නගර සභා මුදල් මෙසේ වියදම් කැර ඇතැයි විගණකාධිපති කියයි.

පුරපතිට අමතරව නාගරික මන්ත්‍රීවරුවන් වන පාලිත ජයසේකර,මුත්තු ශිවඥානම්,රොෂාන්ද සිල්වා,සන්දනම් ප්‍රකාශ්,අමිල නිරෝෂන්,එම් හාරිස්,නාගුර්ගනී මරික්කාර්, අයි කේ මෛත්‍රීපාල සහ ජයරත්න ලියනගොඩ මහත්වරුනටද නාගරික කොමසාරිස් බබාපජෝන් සහ නාගරික ඉංජිනේරු  එස් බී හලංගොඩ මහත්වරුන්ටද  මෙම අධිභාරය පැනවිය යුතු බව විගණකාධිපති පවසයි.

ඔහුගෙන් දිනයක් ලබාගෙන කරුණු දක්වන බව නගරාධිපති කියයි.

 



අදහස් (0)

මාතලේ පුර සබේ ලක්ෂ 14ක අයථා ගනුදෙනුවක්

සේන Monday, 13 January 2014 06:20 PM

දූෂණ පිළිබඳ ප්‍රවෘත්ති ගොඩක් එනවා. නමුත් වැරදිකරුවන්ට දඩුවම් දීමක් ඇත්තෙම නැහැ.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 14 January 2014 12:53 AM

මාතලේ නගර සභාවේ ඉංජිනේරුවෝ නොදන්නෙත් ඉංජිනේරු වැඩේ විතරයි. අඩුගානේ මෙයාල හැමදාම පාරේ යන එන කොටවත් දකින්නේනැද්ද මන්දා කොන්තරත්කාරයෝ බාල විදිහට කරන වැඩ. පාරේ කැඩුන තැනක් තිබුනොත් ඒක හැම මාස දෙක තුනකට සැරයක් හැමදාම හදනවා. කොන්තරත්කාරයෝ මේකට නිසි විසදුම නොදන්නවා නම් ඉංජිනේරුවන් උපදෙස් දෙන්න එපැයි මෙහෙම නොවෙන්න හදන්න. ඒත් එකම වල අවුරුදු 5-10 හැමදාම හදනවා. මෙයාල ආදරේ කොන්තරත්කාරයන්ට විතරයි. (නදී)

:       0       0

චන්දරේ Tuesday, 14 January 2014 05:31 AM

කොපමණ සුන්දර නගරයක්ද දැන් මේ මිහිපිට අපායක් වෙලා තියෙන්නේ.මේ නගරය මළවුන්ගේ නගරයක් කළේ කව්ද?(දිල්)

:       0       0

දිනේෂ් Tuesday, 14 January 2014 07:10 PM

මමත් මාතලේ පුරවැසියෙක්, උඩ ඉඳලා යටට එනකන් ඉන්නේ ලොකුම හොරු ටිකක්. මුළු ලංකාවම ටිකෙන් ටික හෝ දියුණු වෙද්දී තවම ජරාජීර්ණ වෙලා තියෙන තැන් වලින් එක නගරයක් තමා මාතලේ නගරය කියන්නේ. හරිම කනගාටුයි.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 14 January 2014 07:27 AM

මාතලේ කියන්නෙත් ලංකාවේම කෑල්ලක්. සමස්ත රටේ ක්‍රියාකාරිත්වයේ ප්‍රාදේශීය අනන්‍යයතාවය රැක නොගත්තොත් ඒකත් ලෙඩක් වෙන්න පුළුවන්. (දී)

:       0       0

ගොන්ගාලේ ගොඩබණ්ඩා Monday, 13 January 2014 04:22 PM

මාතලේ නාගරික ඉංජිනේරුවන් බාස් උන්නැහේ කෙනෙක් දන්නා ටිකවත් දන්නේ නෑ. කොන්ක්‍රීට් දානවා තාර දානවා දවස් 5-10 කැඩෙනවා ගැලවෙනවා. කොන්ත්‍රාත්කරුවන් වැඩකරනවා බලන්න මාස ගණනකටවත් එන්නේ නෑ. මේ නිසා සල්ලි නිකම්ම වතුරේ යනවා. බාල ඇතුරුම් ගල් නිෂ්පාදනය කරලා මිලියන ගණනක් වතුරේ ගියා කියලා පසුගිය දවසක පත්තරවලත් තිබුනා. නගරය එන්න එන්නම නටඹුන් නගරයක් බවට පත්වෙමින් තිබෙනවා දුටුවම හරිම දුකක්. ඉස්සර හරිම සුන්දර නගරයක්. කවුරුන් හෝ මේ පුටු රත්කරන්නන් නිසි මගට නොගතහොත් ඉවරයි. ඒත් කාට කියන්නද? ඕන දෙයක් මමත් නිහඩව ඉන්නම්. මේවා කියලම වෙහෙසයි මටත්. (නදී)

:       0       0

හනිෆා Monday, 13 January 2014 04:48 PM

ගොන්ගාලේ කියපු එක ඇත්ත. ඉංජිනේරු නෝනෙක් ඉන්නවා කතා කරන්න අන්තිම නරක විදිහට. පොඩි වැඩකටත් දහ සැරයක් යන්න ඕනේ. එහෙම වෙලත් ප්‍රශ්නයක් ඇහුවොත් ඇගට කඩාපනිනවා. ඒකට විරුද්දව අපි කතාකලොත් ගෝල බාල නඩේ අපේ ඇගට ගොඩවෙලා නෝනට ගහන්න හැදුවා මරණ තර්ජන කළා කියල බොරු කලබලයක් ඇතිකරලා. වැඩ වර්ජනය කරනවා. මේවා බලන්න මාතලේ ඇමතිතුමන්ලට බැරිනම් ජනාදිපතිතුමා හරි මෙයාලව ගෙන්නලා විනාශ වෙන මාතලේ බේරලා දෙන්ඩ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 162 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1226 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2013 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 881 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 209 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 547 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14594 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site