මාතලේ මහනගර සභාව පෞද්ගලික ආයතනයක ස්කැවේටරයක් කුලියට ගැනීමට රුපියල් 1428370 ක් නීතී විරෝධි ලෙස ගෙවීමක් කළැයි මාතලේ පුරපති මොහොමඩ් හිල්මි ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දහ දෙනකුගෙන් හා නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් දෙදෙනකුගෙන් එම මුදල අය කැර ගත යුතු යැයි විගණකාධිපති යෝජනා කරයි.
නගර සභා ස්කැවේටරය අලුත් වැඩියා නොකර ටෙන්ඩර් ක්‍රමය හෝ මහ නගර සභා ආඥා පනත අනුගමනය නොකර නගර සභා මුදල් මෙසේ වියදම් කැර ඇතැයි විගණකාධිපති කියයි.
පුරපතිට අමතරව නාගරික මන්ත්‍රීවරුවන් වන පාලිත ජයසේකර,මුත්තු ශිවඥානම්,රොෂාන්ද සිල්වා,සන්දනම් ප්‍රකාශ්,අමිල නිරෝෂන්,එම් හාරිස්,නාගුර්ගනී මරික්කාර්, අයි කේ මෛත්‍රීපාල සහ ජයරත්න ලියනගොඩ මහත්වරුනටද නාගරික කොමසාරිස් බබාපජෝන් සහ නාගරික ඉංජිනේරු එස් බී හලංගොඩ මහත්වරුන්ටද මෙම අධිභාරය පැනවිය යුතු බව විගණකාධිපති පවසයි.
ඔහුගෙන් දිනයක් ලබාගෙන කරුණු දක්වන බව නගරාධිපති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතලේ නාගරික ඉංජිනේරුවන් බාස් උන්නැහේ කෙනෙක් දන්නා ටිකවත් දන්නේ නෑ. කොන්ක්‍රීට් දානවා තාර දානවා දවස් 5-10 කැඩෙනවා ගැලවෙනවා. කොන්ත්‍රාත්කරුවන් වැඩකරනවා බලන්න මාස ගණනකටවත් එන්නේ නෑ. මේ නිසා සල්ලි නිකම්ම වතුරේ යනවා. බාල ඇතුරුම් ගල් නිෂ්පාදනය කරලා මිලියන ගණනක් වතුරේ ගියා කියලා පසුගිය දවසක පත්තරවලත් තිබුනා. නගරය එන්න එන්නම නටඹුන් නගරයක් බවට පත්වෙමින් තිබෙනවා දුටුවම හරිම දුකක්. ඉස්සර හරිම සුන්දර නගරයක්. කවුරුන් හෝ මේ පුටු රත්කරන්නන් නිසි මගට නොගතහොත් ඉවරයි. ඒත් කාට කියන්නද? ඕන දෙයක් මමත් නිහඩව ඉන්නම්. මේවා කියලම වෙහෙසයි මටත්. (නදී)
ගොන්ගාලේ කියපු එක ඇත්ත. ඉංජිනේරු නෝනෙක් ඉන්නවා කතා කරන්න අන්තිම නරක විදිහට. පොඩි වැඩකටත් දහ සැරයක් යන්න ඕනේ. එහෙම වෙලත් ප්‍රශ්නයක් ඇහුවොත් ඇගට කඩාපනිනවා. ඒකට විරුද්දව අපි කතාකලොත් ගෝල බාල නඩේ අපේ ඇගට ගොඩවෙලා නෝනට ගහන්න හැදුවා මරණ තර්ජන කළා කියල බොරු කලබලයක් ඇතිකරලා. වැඩ වර්ජනය කරනවා. මේවා බලන්න මාතලේ ඇමතිතුමන්ලට බැරිනම් ජනාදිපතිතුමා හරි මෙයාලව ගෙන්නලා විනාශ වෙන මාතලේ බේරලා දෙන්ඩ.(නදී)
දූෂණ පිළිබඳ ප්‍රවෘත්ති ගොඩක් එනවා. නමුත් වැරදිකරුවන්ට දඩුවම් දීමක් ඇත්තෙම නැහැ.(නදී)
මාතලේ නගර සභාවේ ඉංජිනේරුවෝ නොදන්නෙත් ඉංජිනේරු වැඩේ විතරයි. අඩුගානේ මෙයාල හැමදාම පාරේ යන එන කොටවත් දකින්නේනැද්ද මන්දා කොන්තරත්කාරයෝ බාල විදිහට කරන වැඩ. පාරේ කැඩුන තැනක් තිබුනොත් ඒක හැම මාස දෙක තුනකට සැරයක් හැමදාම හදනවා. කොන්තරත්කාරයෝ මේකට නිසි විසදුම නොදන්නවා නම් ඉංජිනේරුවන් උපදෙස් දෙන්න එපැයි මෙහෙම නොවෙන්න හදන්න. ඒත් එකම වල අවුරුදු 5-10 හැමදාම හදනවා. මෙයාල ආදරේ කොන්තරත්කාරයන්ට විතරයි. (නදී)
කොපමණ සුන්දර නගරයක්ද දැන් මේ මිහිපිට අපායක් වෙලා තියෙන්නේ.මේ නගරය මළවුන්ගේ නගරයක් කළේ කව්ද?(දිල්)
මාතලේ කියන්නෙත් ලංකාවේම කෑල්ලක්. සමස්ත රටේ ක්‍රියාකාරිත්වයේ ප්‍රාදේශීය අනන්‍යයතාවය රැක නොගත්තොත් ඒකත් ලෙඩක් වෙන්න පුළුවන්. (දී)
මමත් මාතලේ පුරවැසියෙක්, උඩ ඉඳලා යටට එනකන් ඉන්නේ ලොකුම හොරු ටිකක්. මුළු ලංකාවම ටිකෙන් ටික හෝ දියුණු වෙද්දී තවම ජරාජීර්ණ වෙලා තියෙන තැන් වලින් එක නගරයක් තමා මාතලේ නගරය කියන්නේ. හරිම කනගාටුයි.(නදී)