මාතලේ රෝහලේ සමුහ මීනීවලේ ඇට කැබළි 157 කින් අහඹු ලෙස තෝරාගත් හතක් විදේශ රටකට යවා කාල නිර්ණය කිරීම සදහා රහස් පොලීසියට භාර දෙන්නැයි මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේනට අද නියෝග කළේය.
රෝහලේ ජීව වායු ඒකකයක් ඉදි කිරීම සඳහා අත්තිවාරමක් කපද්දී 2012 නොවැම්බර් 23 වැනිදා මෙම මිනී වළ සොයා ගැණිනි.
1988 /1989 භිෂණ සමයේ අතුරුදන්වුවන්ගේ ඇට සැකිලි මෙහි ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කැරිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.
කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතලේ මිනී ඇට රට යවයි
බංඩා Tuesday, 22 October 2013 08:37 PM
රනිල් බටලන්දේ වදකාගාරයේ මරපු තරුණයන්ගේ ඇට කොහාටද යවන්නේ ?(නදී)
විරාජ් කාලිංග Tuesday, 22 October 2013 09:24 PM
මේකේ ඉන්න සැබෑ වගකිවයුත්තා දේශමාමක සළුපිලි පැළදගෙන ඉන්නවා යහතින් (නි)
ජය Tuesday, 22 October 2013 10:40 PM
ඕව නිකන් බොරු වැඩ කලේ කනවා මුදල් නස්තිවෙනවා දේසපාලන වාසිගන්න හදනවා මේ තුලින් ! (ස)
පිටිගල මිලානෝ Tuesday, 22 October 2013 06:11 PM
චීනයට ඇරියොත් නම්... අනේ මන්දා? (නි)
ලලිත් Wednesday, 23 October 2013 01:34 AM
කාබන් පරීක්ෂාවෙන් කාල නිර්ණය කරලා දින වකවානු කියන්නේ අවුරුදු ගණනාවක් පැරණි ඇටකටු වල. එහෙම කියන්නේ හරියටම මේ දිනේ මියගියා කියලා නොවෙයි. කාල පරාසය ගැන අදහසක් ගන්න විතරයි. (නි)
විජේන්ද්‍ර Wednesday, 23 October 2013 02:14 AM
ලංකාවේ කාටවත් කාබන් කාල නිර්ණ පරීක්ෂණ කරන්න නොහැකිද? (නි)
උපාලි Wednesday, 23 October 2013 02:29 AM
හොඳයි, කාල වකවානු සොයාගත්තා කියමුකෝ. කාගේද කියලත් සොයාගත්තා කියමුකෝ. ඊ ළඟට? මේ ආත්මෙදි නම් ඒවාට වගකිවයුත්තෙක් සොයාගන්න බැරිවෙයි. (නි)
අමිල කටුනායක Tuesday, 22 October 2013 06:37 PM
දැන් මොනවා කළත් වැඩක් තිබෙනවද? (නි)
ගැමියා Wednesday, 23 October 2013 04:58 AM
89 ඔය මිනීමැරුම් වලට වග කියන්න ඕනෑ කවුද? (නි)
සත්‍යයා Wednesday, 23 October 2013 05:18 AM
ඔය මරා දමා ඇත්තේ දේශයේ වීර දු පුතුන්. ඔවුන් වෙලාගත් දරිද්‍රතාවය විසින්ම ඔවුන්ව කැරැල්ලකට පොළඹවනු ලැබුවා. මේ මරණ වලට මෙතෙක් රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. මෙවැනි දුප්පතුන්ගේ ඇට කටුවලටත් නින්දා නොකර යුක්තිය ඉටු කරන්න බැඳී ඉන්නා බව අමතක නොකළ යුතුයි. (නි)
කුමාර් Tuesday, 22 October 2013 06:58 PM
එතකොට ඇඹිලිපිටියේ ඇට, ගාල්ලේ වලව් වත්තේ ඇට, ඔයවගේ ලක්ෂ ගානක් අපේ මැරුන තරුණ යන්ගේ ඇට එකතු කලොත් ස්ථාන 1000 කට වැඩිය ඇති.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Tuesday, 22 October 2013 07:36 PM
ආයේ සපුගස්කන්දේ..?මට හිතෙන්නේ රනිල් ලොකු උන්නැහේ දන්නවා ඇති..(නදී)
ලුම්බිණි Wednesday, 23 October 2013 08:20 AM
මම හිතනවා උසාවිය කර ඇත්තේ හොඳ දෙයක් කියා. (නි)
ගජ මෑන් Wednesday, 23 October 2013 08:29 AM
සිද්ධි වලට මුහුණ දීපු අයයි වගකිවයුතු අයයි දැන් එහෙදි හමුවෙලා ඇති. ඔය ඇට කටු දැන් එහා මෙහා කළාට වැඩක් වෙන්නේ නැහැ. කාලයත් මුදලුත් නාස්ති වෙනවා විතරයි. (නි)