‘19 සම්මත කර ගන්න පුළුවන් වුණේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා. ඒ නිසා මම හැමදාම කිව්වා වගේ තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනෑ. ඒ නිසා මේ එක්කම මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වැනි සංශෝධනයත් අපි සම්මත කර ගන්න ඕනෑ. ඒ රොටියත් පුච්චගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා. ‘ යයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරියේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ කොට්ටේ නාගවිහාරයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසූහ.
19 වැනි ව්‍යවස්ථාව සම්මත වීම මුළු මහත් රටේම අති විශාල ජයග්‍රහණයක් බව කී මාදුළුවාවේ සෝභිත හිමියෝ එය සම්මත කර ගැනීමට දායක වූ සැමටම අද පුණ්‍යානුමෝදනා කළහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැබවින්ම රට වෙනුවෙන් හඬක් නඟා, යමක් රටට කරදුන් ස්වාමීන් වහන්සේ නමක්. ඔබට දීර්ඝායු! (නි)
අපොයි පිවිතුරු යහපාල, ඔබ ඇලුම් කළ ඒ සෝභිත හිමියෝ දැන් නෑ වගේ (බ)
මං කිව්වේ දුමින්ද රොටි බාස්ලා වෙනුවෙන් මහින්ද හාමුදුරුවන්ගේ කවි පාවිච්චි කරලා ඒ උතුම් ජාතික වීර හිමියන්ට අපහාස කරන්න එපා කියලයි. (බ)
ඕකත් අහන්න දෙයක්ද සොපී? (නි)
ඕනෑතරම් රොටි පුච්චාගෙන කාපුදෙන්. අතත් පුච්චාගත්තදෙන්. හැබැයි රට විනාශ කරන්නට දෙන්න බැහැ කාටවත් (නි)
සෝභිත හාමුදුරුවන්ට කළ සහ කරමින් සිටින දේ තේරුම් යනවිට මේ රට විනාශ වී හමාර වන්නටද පුළුවන (නි)
බැරිවෙලාවත් රට අස්ථාවර වෙලා නැති ප්‍රශ්න ඇති වුනොත් ඔබවහන්සේ මොකද කරන්නේ (බ)
ඉඳුනිල්, කොත්තු රොටිය යනු අපේ දිව රවටා අපට නෙක රෝ දුක් ගෙනෙන සකල විධ විෂ බීජ වලින් ද සිරුරට විසැති ට්‍රාන්ස් ෆැට් වලින් ද දුෂ්පෝෂණය ගෙනෙන හිස් කැලරි වලින්ද පිරුණු විසැති කෑමකි. අපේ මිනීවළ වෙත දිවෙන කඩිනම් ගමනකට කොත්තු රොටියෙන් මුල පිරෙන හෙයින් ඔබේ උපමාව කදිමට ගැලපෙයි. (බ)
දුමින්ද, පිට රටක උපන්නත් එස් මහින්ද හාමුදුරුවෝ අපේ රටට සැබවින්ම ඇලුම් කළ උතුම් හිමි නමක් ඒ උතුම් ජාතික වීර හිමියන්ට අපහාස කරන්න එපා. (ම)
අසාධාරණය කොතනත් රජකරන මෙවන් සමාජයක "සාධාරණ සමාජයක් සඳහා.." යනුවෙන් සංවිධානයක් බිහිවීම අගය කළයුතු වුවත් මේකත් තම සිත්ගත් දේශපාලකයින්ගේ ක්‍රියාවන්ට ඌනපුරණ එකක් වීම නම් යෝග්‍ය නොවන්නේය. (නි)
ඔබවහන්සේ තමයි දැන් අපේ බලාපොරොත්තුව (නි)
ඉදිරි ගමනට සුබ පැතුම්! (නි)
ජාතිය මිණි කිරුළක් වේ -ආගම මිණි පහනක් වේ -එය රැකගතහොත් මෙලොවේ -සමත් වෙතොත් බුදු පුත නුඹ වේ (නි)
ඇත්තෙන්ම උන්වහන්සේ සාධාරණ උතුම් ගුණ ඇති ප්‍රබුද්ධ ස්වාමින් වහන්සේ නමක්. මම කිතුණුවෙක්. එත් උන්වහන්සේ අගයනවා ! (නි)
19 කොත්තුරෝටියක් උනත් -ගමනක ඇරඹුමක් (ම)
කාලයේ තාලයට සියල්ල වෙනස් වියයුතුයි (නි)
මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ විජයග්‍රහණය සඳහා ඔබ වහන්සේ දුන් විශිෂ්ට නායකත්වයට අපි ඔබ වහන්සේට පින් දෙමු. සාදු, සාදු, සාදු!!! (නි)
ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)
සාධාරණ සමාජයක් ගොඩනැඟීමට නායකත්වයක් දීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ! (නි)
මේ සියල්ල කරන අතරේ ඔබවහන්සේ රටත් සිංහල ජාතියත් බේරාගන්න සිත යොමු කරන්න. මේ ගමන යන විදියට ගියොත් අනාගතයේ සිංහල ජාතියත්, බුදු දහමත් ශ්‍රී ලංකාව කියන රටත් ඉතිරිවෙන්නේ නැහැ. (නි)
ඔබ වහන්සේට අප සදා ණයගැතිය (නි)
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
අපි නම් කැමති එදා හිටපු සිංහලයා වෙනුවෙන් හඩ නඟපු, රට දැය වෙනුවෙන් අභීතව පෙරමුණගත් ඒ සෝභිත හාමුදුරුවන්ට (නි)
'සිංහලයාගේ අනාගතය' ගැන පාලනයට එන නායකයන්ට අමතක වී, තම පවුලේ සහ හිත මිතුරන්ගේ අනාගතය ගැන සිතීම සිංහලයාට වී ඇති ශාපයයි. සිංහල පාලකයන්ගේ අඥාන පාලනය නිසා සිංහලයා පමණක් නොව අනික් ජාතීන්ද නිදහසෙන් පසු විඳවා ඇත. (බ)
මේ ජයග්‍රහණයේදී ඔබ වහන්සේ දුන් නායකත්වය අති විශිෂ්ටයි. කිසිම දේශපාලකයෙක් මේ විධායකයට අභියෝග නොකර නිහඬව උන් වෙලේ ජනතාවට නායකත්වය දුන් ඔබ කළ මෙහෙවර ඇගයීම ජාතියේම යුතුකමකි. (බ)
රාජපක්ෂ රෙජීමය ගෙදර යැවිමට ඔබවහන්සේ එඩිතරව ඉදිරියට ඇවිත් දැමු අඩිතාලම අනිත් නායකයෝ එක්සත්ව වේදිකාව තැනුවේය , ඔබ වහන්සේට අප සදා ණය ගැතිය (බ)
ගරු ස්වාමින් වහන්ස, සිංහලයාගේ අනාගතය ගැන අති පුජ්‍ය මඩිහේ මහා ආ හිමි සහ පුජ්‍ය සෝම හිමි පැවසු දෙය අද ක්‍රමයෙන් සිදුවෙනවා. එබැවින් ඔබ වහන්සේ එදා ඉන්දු ලංකා ගිවිසුම ට විරුද්දව දේසන කරද්දී කියපු දේත් අමතක නොකර සිංහලයාගේ අනාගතය ගැනත් සිතන්න. (බ)