ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින තරග දෙකක් තහනම් කරනු ලැබ ඇත. ඒ අනුව මේ මස 20 සසහ 23 දිනවලදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරග දෙකට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව මැතිව්ස්ට අහිමි වෙයි.
බටහිර ඉන්දීය දූපත්හිදී පැවැති සෙල්කොන් කුසලාන අවසන් මහ තරගයේදී නියමිත කාලය තුළ අපේක්‍ෂිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා මැතිව්ස්ට මෙම තහනම පැනවීමට අන්තර්ජාතික තරග තීරක ඬේවිඞ් බූන් මහතා තීරණය කර තිබේ.
මෙම තහනමට අමතරව මැතිව්ස්ගේ තරග මුදලින් 40% ක් දඩ වශයෙන් ගෙවීමටද තරග තීරක ක්‍රෝ මහතා මැතිව්ස්ට නියම කළේය.
තරගයේ නියමි කාලසීමාව තුළදී ඕවර 3 ක් අඩුවෙන් යැවීමේ චෝදනාවට මැතිව්ස් වරද පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපී ඉස්සර ඉදන්ම නියමිත කාලසීමාව තුළදී නියමිත ඕවර යැවු රටක් , පකිස්ථානය හා ඉන්දියාව සලකලා බැලුවම. හපෝ හපෝ මොනවද මේ වෙන්නේ.(නදී)
ඇන්ජලෝ මැතිව්ස් ට නායකත්වය ප්‍රශ්නයක් වෙන පාටයි.(නදී)
අනේ බූන් අයියේ,බැරිද ජීවිත කාලෙටම ඔක්කොගෙම තහනම් කරන්න. එතකොට අපේ රුදිර පීඩනය අඩුවේ.(නදී)
වැඩි වෙලාවක් අරගෙනත් බැරි උනනේ බොලර්සලා මිශ්‍ර කරගන්න .මැතිව්ස් මම හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා අයි.පි.එල් තරඟ සිට කඩුලු එක පිට එක යනකොට බැට් කරන්න එන්නේ නැහැ. හැංගෙනවා ලොකු ගානක් ගහල තිබොත් එනවා. ඒකනේ අයි.පි.අල් එකේ නායකත්වයත් නැති වුනේ. දැන් අනුග්‍රයෙකුත් නැහැ. දෝනි වගේ බර කරට අරන් එන්න. ඔයාගේ හැසිරීම අපට ටිකක් ප්‍රශ්න සහගතයි.(නදී)
ඔය තරග තීරක බූන් මහත්තයා සෙල්ලන් කරන කාලේ දවසක් බැට් කරන්න යනකොට අපේ පර්සි අබේසේකර මහත්තයා කිව්වලු බූන් කම් බැක් සූන් කියලා. බූන්ට මල පැනල ගහන්න පැන්නුවලු.(නදී)
අනේ දෙකක් විතරක් නෙමේ, පුලුවන්නම් සම්පූර්ණයෙන්ම තහනම් කරලා දාන්න. කිසි වැඩක් නැහැ බොරුව ගෙනියන්නේ.(නදී)
මේ වගේ දේවල් වලට සැලෙන්න එපා. අපි ඔබට සුබ පතනවා.(නදී)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ලකුණු 200 ට හොඳ සටනක් දුන්නා. සහනයක් දෙන්න තිබුනා ඒක ෆිනල් එක නිසා, තව එකක් දෝනි වැරදි විදියට ලකුණක් ගනිපු වෙලාවේ ක්‍රීඩාවේ මහත්මා ගුණය පෙන්වමින් මැතිව්ස් දැවී යමකට ඉල්ලිමක් කලේ නැහැ. එසේ කරානම් අපි තරගය දිනුම්. නමුත් එසේ නොකිරීම අගය කල යුතුයි. එහෙම දිනන්න ශ්‍රී ලංකාවට අවශ්‍ය නැහැ. පැරදුනත් ගේමක් දුන්නා. මම නම් හිතන්නේ මැතිව්ස්ට නායකයෙක් විදියට අනාගතයක් තියෙනවා. ඉවසන්න, චන්දිමාල්ට නම් නායකත්වය දෙන්න එපා. ඔහු තම කණ්ඩායමට සුදුසුත් නැහැ මේ වෙලාවේ.(නදී)
හැබැයි දෝනි කපටිකමට තමයි පැත්ත මාරුකරලා රන් එක ගත්තේ. හොඳ නායකයෙක්. සුබ පැතුම්!(නදී)
මම නම් හිතන්නේ මැතිව්ස් නායක කමට පොඩ්ඩක් වත් සුදුසු නැහැ කියල.චාන්දිමල් හොදයි එල්ලේ ගහන්න. මෙයාල හරියට තරගයකට සෙල්ලම් කරන්නේ පොඩි ළමයිවගේ. අර්ජුන වගේ නායකයෙක් කවද ශ්‍රී ලංකාවට ලැබෙයි ද දන්නේ නැහැ. (අ)
ඒ මැච් දෙකනම් අපිට ගොඩදාගන්න පුළුවන් වෙයි (අ)
සමින්ද හරි . මුල් තරග 2 නායකත්වය තරංගට හරි කුලසේකරට හරි දෙන්න. චන්දිමාල්ගේ නායකත්ව ගැන 20-20 තරග 3දී අපිට බල ගන්න පුළුවන්. (අ)
චන්දිමාල් මුල් තරග දෙකේදී නායක කම කළා නම් හොදයි. මොකද ඒ දෙක අපි දිනුවොත් මැතිව්ස්ට පීඩනයක් එනවා ඊලග ඒවා දිනන්න. හැබැයි පළවෙනි දෙක පරාද වුනොත් එයත් කණ්ඩායමෙන් අයින් කරන්න ඕනා.(නදී)
ක්‍රිකට් කියන්නේ මොකක්ද කියල හරියට තේරුම් අරගෙන ප්‍රතිචාර දැම්ම නම් හොදයි.. අනික ඔය උඩ පැන පැන මැතිව්ස්ට බනින එකේ ගිහින් නායකත්වය ගෙන පෙන්නුව නම් හරි නේද??? අපරාදෙ ලංකාවෙ ක්‍රිකට් සිලෙක්ෂන් බෝඩ් එකක් හැදුවෙ මෙතන ඉන්න අයට ඒක දුන්න නම් හරි..(අ)
හරියට හරි ඉෂාර ,මේකේ ප්‍රතිචාර දාන කට්ටිය වැඩි හරියකට, හරියකට බැට් එකක් අල්ලන්න දන්නවද කියලත් සැකියි. අපේ කණ්ඩායම අයින් කරලා මේ ප්‍රතිචාර දාන සෙට් 1 දකුණු අප්‍රිකානු තරගාවලියට නම් කරන්න. දකුණු අප්‍රිකාවට දෙයි දුවන්න ...පිස්සු පීකුදු.(නදී)