IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මැතිසබේ සල්ලාලයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට  සමහර  ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර  මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චනා රාණී මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන්  ලෙස හැන්සාඩ්  සංස්කාරක සී.එන්.එල්.ද සිල්වා සහ  සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක යන මහත්මීහු  කටයුතු කරති.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට ඉහත සඳහන් කමිටු සාමාජිකයන්  පෞද්ගලිකව හමුවී හෝ  ඊමේල්  මාර්ගයෙන් හෝ දුරකතන මාර්ගයෙන් හෝ ඒ පිළිබඳව කරුණු දැක්විය හැකි බව  පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.

එම කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් හෝ සහකාර මහ ලේකම්වරයාටද  ඒ සම්බන්ධයෙන්  තොරතුරු ඉදිරිපත් කළ හැකි බව  එහි දැක්වෙයි.

සිද්ධිය පිළිබඳව තොරතුරු ලබා දෙන්නන් ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය  හා සුරක්ෂිතභාවය සුරැකීමට කටයුතු යොදා ඇති බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත්  සඳහන් වේ.



අදහස් (4)

මැතිසබේ සල්ලාලයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ravin Friday, 04 August 2023 06:42 PM

ස්තුතියි... යාන්තන් අති උත්තරයි කියාගන්නා සල්ලාලයින් පත් නොකළාට...

:       0       0

Bamunuarachchi Friday, 04 August 2023 07:35 PM

කමිටුවේත් සල්ලාලයින් හිටියොත් තමයි හොරාගේ අම්මාගෙන් පේන ඇසුවා වෙන්නේ... දැනටමත් සල්ලාලයින් වින්දිතයින්ට තර්ජන කරලාද දන්නේ නැහැ.... සාක්ෂි දෙන්න එපා කියලා...!

:       2       10

විපරමා Friday, 04 August 2023 07:56 PM

පාර්ලිමේන්තුව ඇතුළෙම සල්ලාල එවුන් විතරක් නෙවෙයි, ඊට වැඩිය දේවල් කරන අයත් ඉන්නවා...

:       1       11

Perera Sunday, 06 August 2023 02:00 AM

කමිටු වාර්තාවෙන් අන්තිමට කියවන්නේ මොකක්ද කියලා ලංකාවේ ඉන්න ඕනෙම කුඩා දරුවෙකුට වුණත් හිතාගන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 30 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 589 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 665 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1389 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2630 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site