IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්හ.

උඩමළුව වෙත පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

අටමස්ථානාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාදය පළ කළහ.

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය. මේ අතර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී  ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලාද,  විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

SIRI Sunday, 06 April 2025 03:26 PM

අගමැති සහ ජනාධිපති දෙපළ සමඟ එදා උඩමළුවට වඩින්න ඇත්තේ අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේ විසින් අනුමත කරනලද, වගකීමක් සහ යමක් කමක් දන්නා තෝරා බේරාගත් නායක ස්වාමින්වහන්සේලා වියයුතුයි. එතැනට ගිය කැමරා කරුවන් හරහා මුළු ලෝකයම බලා සිටියදී මෝදි අගමැතිවරයා එක්ක එක ස්වාමින්වහන්සේ නමක් තම ජංගම දුරකතනයෙන් "සෙල්ෆි ඡායරූප" ගත්තු එකෙන් මුළු පින්කමේම අගය බාල්දු කළා කියලයි මට නම් හිතුනේ. මෝදි කියලා කීවාට එයා මෝඩයෙක් නොවේ. බුද්ධ දේශනා හොඳින් දන්නා ඒවා අගේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම "මේ වගේ අයද බුදුන්වහන්සේගේ මේ උතුම් ධර්මය ආරක්ෂා කරන්න ඉන්නේ" කියලා ඒ වෙලාවේ අගමැතිතුමාට හිතෙන්න ඇති. අපේ නායක ස්වාමින්වහන්සේලාට ගමේ උපාසක අම්මලා එක්ක කරන පින්කම් සහ රාජ තාන්ත්‍රික මට්ටමේ උදවිය සමඟ කරන පින්කම් වල වෙනස තේරුම් ගන්න බැරි නම් එවන් උත්සව වලට සහභාගි නොවන එක වාඩාත් යහපත් කියලා තමයි අපට නම් කියන්න වෙන්නේ...

:       1       21

Jayasekara Monday, 07 April 2025 09:30 AM

මේ වගේ අති උතුම් පින්බිමක මහ බෝ සමිදුන් වැඩ වසන උඩ මලුවේ සෙල්ෆි ගහපු එක නම් හරිම අශෝබනයි...

:       0       4

Sasith Monday, 07 April 2025 04:26 PM

මම දශකයකට පසු ලංකාවට ගොස් පැමිණ ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියට ගියෙමි. දැන් එහි ඉහළ කොටස සාමාන්‍ය ජනතාවට තහනම් බව පසුව වටහා ගතිමි . බුදු දහමට පංති, සඟ, කුල බේදයක් නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 221 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 167 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 56 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 476 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 700 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site