IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මූදූ කොල්ලකරුවන්ට ගහන අවි ගබඩාව ගාල්ලේ

ගාල්ල වරායේ තිබූ ‘පාවෙන අවිගබඩාවක්‘ පිළිබඳ අද (18) සවස පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මහනුවර නමැති ටග් යාත්‍රාවක තිබූ වා සැකැසු කන්ටේනර 20ක මේ අවිගබඩාව පත්වාගෙන ගිය බවයි. එහි තිබූ කන්ටේනර් දෙකක් සේවකයන්ගේ නවාතැන් පිණිස භාවිතා කැර ඇත.එහි ඇති අවි මොනවාදැයි පොලීසිය කිසිවක් නොකියයි.

පොලිසිය පවසන්නේ මේ අවිගබඩාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ බව පවත්වාගෙන යන සමාගමේ නිලධාරීන් පැවසූ බවයි. ඇවන්ගාර්ඩ් නමැති සමාගමක් විසින් මේ අවි ගබඩාව පවත්වාගෙන යයි.

එම සමාගම පොලිසියට පවසා ඇත්තේ සෝමාලියා කොල්ලකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයේ යාත්‍රාකරන නැව්වලට ආරක්ෂාව සපයන ජාත්‍යන්තර ආරක්ෂක සේවාවන්ට මෙම අවිගබඩාව මගින් සේවා පහසුකම් සැපයූ බවයි. එවැනි ජාත්‍යන්තර ආරක්ෂක ඒකක ගාල්ල වරාය සිය සේවා ස්ථානයක් ලෙස යොදා ගෙන ඇත. ඔවුන්ගේ අවි තාවකාලිකව එහි ගබඩා කැර තිබූ බවත් වරින් වර ඒ ආයුධ ආරක්ෂක අංශය සතු නැව්වලට සැපයීම සහ නැවත ගෙනවිත් ගබඩා කැර ගැනීම සිදුකළේ මේ ගබඩාවේ බව සමාගම පොලිසියට දැනුම් දී ඇත.

පොලිසිය පවසන්නේ අවිගබඩාව සතු සමාගම සහ අවිගබඩාව රාජ්‍ය ආරක්ෂක අංශයේ ලියාපදිංචි කැර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ ලේඛන පරීක්ෂා කරන බවයි. මේ අවි ගබඩාවේ ඇති ආයුධ නැව්වලට ගෙන යාම හා නැවත ගෙන ඒමේ දී ඒවා ප්‍රවාහනය කිරීම නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක්කැර ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

පොලිසිය පවසන්නේ පෞද්ගලික සමාගම මේ අවි ගබඩාව ආරම්භ කිරීමට පෙර නාවික හමුදාව එම කාර්යය කැර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි.

අද (18) සවස්වන තුරු එම සමාගමෙන්ද  සාක්කි සටහන්කැර ගත්තේය. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ඒ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතා කියා සිටියේ විමර්ශන කටයුතු දිගටම සිදුකරන බවයි.

විමර්ශන  අවසන්වීමෙන් පසු අවිගබඩාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගන්නා බව ද පොලිසිය කියයි.  

 

P1090349 P1090362 P1090368 P1090370 P1090380

 



අදහස් (0)

මූදූ කොල්ලකරුවන්ට ගහන අවි ගබඩාව ගාල්ලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 604 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 230 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1333 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2554 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 209 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1495 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site