ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර දුරකතන කතාබහක් පැවැත්විණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එම දුරකතන කතාබහ පැය දෙකක් තිස්සේ පැවැත්වුණු බවය.
රුසියාව, යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය දක්වමින්, එම සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කිරීම නිසාය. ‘නෝටෝ’ යනු රුසියාවට එරෙහිව බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට නැගෙනහිර සහ දකුණු දිග යුක්රේනයේ රුසියානු හමුදා විසින් අල්ලා ගනු ලැබූ පළාත් 4 ක් රුසියාවට ඈඳා ගැනීම ද සිදුවී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතර මෙසේ දුරකතන කතාබහක් පැවැත්වූයේ, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසු පළමු වතාවටය.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භයේ පටන් ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉන්දීය රජය සැමවිටම කියා සිටියේ අර්බුදය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතු බවය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ පැවැති දුරකතන කතාබහේදී ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මේ බව යළි අවධාරණය කළේය.
නැගෙනහිර යුක්රේනයේ ගැටුම් පවතින පළාත්වල න්‍යෂ්ටික බලාගාර ඇති අතර, ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් යුක්රේනයේ පමණක් නොව රුසියාවේ ද අවධානය යොමු විය යුතු බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, යුක්රේන ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.
මේ වනවිට බටහිර රටවලින් ආධාර ලෙස ලැබී ඇති අවි ආයුධවලින් සන්නද්ධ යුක්රේන හමුදා, රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටි පළාත් සහ නගර යළි මුදා ගැනීමට සමත් වී සිටී. පසුගිය දා ඩොන්බාස් පළාතේ, ලයිමාන් නගරය ද යළි අත්පත් කර ගැනීමට යුක්රේන හමුදා සමත් විය.
(රොයිටර්)
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝදි යුක්රේන ජනපති අමතයි