‘ශ්රී ලංකාව ජයග්‍රහණ රැසක් හිමි සම්පත් දක්ෂතා රැසකින් පිරි රටක්. ශ්‍රී ලංකාවට අධ්‍යාපනය, කුසලතා හා ව්‍යවසාය රැසක් තිබෙනවා. රටේ පිහිටීම ඉතා වැදගත්. දැන් ශ්‍රී ලංකාවට සාමයත් තියෙනවා. ලෝකයේ හොඳම රටවල් සමඟ තරග කළ හැකි බව ශ්‍රී ලංකාව පෙන්වා තිබෙනවා. ‘ යැයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පැවසීය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමුවට දේශීය හෝ විදේශීය ව්‍යාපාරිකයෝ හා ආයෝජකයෝ රැසක් සහභාගී වූහ.
‘ශ්‍රී ලංකාවේ විශාලම ව්‍යාපාරික සගයා හා එහි ආයෝජනය කරන විශාලම සම්පත වීමට ඉන්දීයාව කැමැත්තෙන් සිටිනවා. ලංකාව ඉන්දියාට කළ අපනයන 16 ගුණයකින් වැඩි වී තිඛෙනවා. මෙය සෑම අතින්ම වැදගත්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආයෝජකයන් අපනයන වැඩි කරගැනීමටත් කටයුතු කළ යුතුයි. ඉන්දියාව ලෝකයට විවෘතයි. ඉන්දියා ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. අපට අතීතයේ සිට එන ශක්තිමත් බැඳීමක් තියෙනවා. අප එය ආර්ථීක අතින්ද ශක්තිමත් කළ ගත යුතුයි. ශ්‍රී ලංකාවට ඉන්දියාව හොඳම ව්‍යාපාර සගයා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට කලාපයක් විදියට විශාල වෙළෙඳපොළක් බවට පත්විය හැකියි. අපට ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අප ජාතියක් වශයෙන් ගොඩනැගිය හැකියි. අප ශක්තීන් නිවැරැදිව භාවිත කළහොත් අපට විශාල හා ශක්තිමත් ආර්ථීක සබඳතාවක් ගොඩනගා ගත හැකියි .‘
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෝදි ව්‍යාපාරිකයන් හමුවෙයි
ලක්සිත පැරිසිය Saturday, 14 March 2015 12:14 PM
රිචි බාලසුරිය ඔබ හරියටම හරි (නදී)
වයිකෝ Friday, 13 March 2015 05:54 PM
කපුටගෙන් කේජු කෑල්ල නෙමේ බලාපොරොත්තු වෙන්නේ. නරියත් කපුටව වර්ණනා කළා (නදී)
නන්ද Friday, 13 March 2015 06:28 PM
රටේ දියුණුවට හේතුවන ඕනෑම දෙයකට අපි පක්ෂයි (නි)
වසන්ත Saturday, 14 March 2015 02:28 AM
නොකිය කියන්නේ චීනෙට නොව අපට එකතු වෙන්න කියන එක (ස)
අනුල Saturday, 14 March 2015 02:29 AM
අපේ රටෙත් වාහන හදන එක වැඩි දියුණු කරන්න බලන්න අයි අපේ රටේ කර්මාන්ත පටන්ගන්නේ නැත්තෙ එයාලට විතරද පුළුවන් එයාලට අභියෝග කල රාවණා හිටියෙත් අපේ රටේ බව අමතකද ? (ස)
අභය Saturday, 14 March 2015 04:28 AM
පරණ දුම්රිය මැදිරි වල චැසි භාවිතා කරලා හොදම තත්වයේ දුම්රිය මැදිරි හදන්න ලංකාවේ සමාගම් දෙකක් විතර ඉදිරිපත් වු නමුත් ජාතියේ අවාසනාවට හිටපු දේශපාලකයෝ (ල.දු.දේ) මරහඩ දී යුනියන් අය ඒ අයට පරණ චැසි නොදුන් නිසා වැඩේ දියාරු වෙලා ගියා.(ම)
රණතුංග Saturday, 14 March 2015 04:47 AM
ඉන්දියාවේ හොදහිත නැතුව ලකාවට අනාගතයක් නැ.අපි ඇගිල්ලේ තරමට ඉදිමෙන්ද ඕන . (ස)
ජොනතන් Saturday, 14 March 2015 05:34 AM
රණතුංග මොකෝ නිකන් තමන් ගැන වත් ආත්ම ශක්තියක් නැති ගානට කතාකරන්නේ. ඉන්නකෝ වැඩ බැරි උනත් ගම ගාල්ලේ වගේ. (නදී)
රත්නායක ආරච්චිගේ Saturday, 14 March 2015 05:36 AM
ඉන්දීය නායකයෙක් ලංකාවට පැමිණීමෙන් කවදාවත් හොදක් නම් සිදුවුනේ නැහැ?අපි ඉන්දීය ප්‍රාන්තයක් වෙමින් තිබෙනවා?අකමැත්තෙන් උනත් එ්ක කාටත් පිළිගන්න වෙනවා?(නදී)
නිහතමාන Saturday, 14 March 2015 06:43 AM
රණතුංග හරියට හරි (නදී)
රිචි බාලසුරිය Saturday, 14 March 2015 09:21 AM
අපි ශ්‍රී ලාංකික උනාට අපේ සම්බවය එන්නේ ඉන්දියාවෙන්. අපි අදහන ආගම, අපේ වන්දමාන ස්ථානවල සියල්ල ගෙනත් තිබෙන්නේ ඉන්දියාවෙන් , අපි කන්නේ බොන්නේ , ඇඳුම අදින්නේ ගායනය නර්තනය සහ තවමත් අනුකරණය කරන්නේ ඉන්දියාව. ඉතින් අපි සිටිය යුතු ඉන්දියාව සමග මිස චීනය සමග නොවේ. ඉන්දියාව අපේ මව් බිම වාගේ (නදී)
සේතන් Saturday, 14 March 2015 10:47 AM
මම මෝදිගේ කුර්තා එකට ආසයි (නදී)
වසන්ත Saturday, 14 March 2015 11:04 AM
සුදු රටක් එක්ක මැච් ගැහුවොත් ඉන්දියාව කොඩි උස්සන්නේ ශ්‍රී ලංකාවට. ඉන්දියාවට හොඳට සලකන්න්ද ඕනේ. එ්ත් අමත්කරන්න එපා බුද්ධාගම නැති උනේ ඉන්දියාව මිත්‍ය දෘෂ්ඨික හින්දයි. ඒ කියන්නේ අපි දිහා අසෝක රජතුමාගේ දෘෂ්ඨියෙන් දකින එකක් නැහැ (නදී)