(ගයාන් සූරියආරච්චි)
තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 සහ 50 වියේ පසුවන කොළඹ 10 සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා වෙඩික්කරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධතා පවත්වමින් මියගිය පුද්ගලයා එම ස්ථානයට රැගෙන ඒම සඳහා වෙඩික්කරුවන්ට ආධාර අනුබල දී ඇති බව පොලිසිය පවසයි .
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මට්ටක්කුලිය මිහි ජය සෙවණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස් හයක පුද්ගලයෙකු එම විවිධ බීමෙන් මියගොස් තිබුණි.
එම පුද්ගලයාට වෙඩි ප්‍රහාර හතක් පමණ තබා තිබූ අතර ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් විසින් හිස් පතොරම් කොපු හතක් සොයා ගනු ලැබීය.
මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් එම පුද්ගලයාට වෙඩි තබන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදුවී නොතිබුණු බවද පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත එම පුද්ගලයන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ඝාතනය සම්බන්ධයෙන් සුළු මුල හෙළි වී ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි
මියගිය පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි.
කොළඹ උතුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට