IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


'මදාරා' සිනමාවට නැගීම තාත්තාට තිබුණු ලොකුම හීනයයි

2017-01-06-ent-01

මී පැණි රහසක් ගැලූවා සූකිරි කන්දෙන්

සීතල පහසක් දැණුනා සීතල නින්දෙන්

කොපුල දෑල හාදු ගලායා....

කුමරි ළඟින් සුවඳ සලායා....

 

කිත්සිරි ජයසේකරයන්ගේ හඬින් ගැයෙන මෙම ගීතය මතකයේ නොරැුඳුණු කෙනෙක් නැත. එපමණක් නොව, හුදෙකලා විරාමයේදී, ඔබගේ හද මාගේමයි, හිතපුරා මල් පිපෙන වසන්තය ඇවිදින් ප‍්‍රාර්ථනා.

2017-01-06-ent-02වැනි රසික හදවත් තුළ ලැගුම්ගත් තවත් ඔහුගේ ගීත බොහෝය. ඔහුගේ හදින් ගැලපුණු පදවලට ස්වර ඇමුණු තාලයට විකසිත වුණු හදවත් ගණනින් නිම කළ නොහැක. ඔහු නම් ගේය පද රචක සුනිල් විමලවීර නම් අපුරු නිර්මාණශීලි හදවත් තිබු සොඳුරු මිනිසාය. ඔහු නව පරපුරේ දක්‍ෂ ගායිකාවක් වන අභිෂේකා විමලවීරගේ ආදරණීය පියාණන් සේම ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණියක් වන දමයන්ති විමලවීරගේ ආදරණීය සැමියාය. ගීත ක්‍ෂේත‍්‍රයේ දශක ගණනාවක් පුරා රැුඳී සිටි සුනිල් විමලවීරයන් කැසට් ගීත පමණක් නොව චිත‍්‍රපට පසුබිම් ගීත ක්‍ෂේත‍්‍රයේද මහා යෝධ වෘක්ෂයක් විය. එහෙත් තාලයට ගෙතු පද පමණක් හදවතෙහි ඉතිරි කරමින් ඔහු දැන් අප අතුරින් නික්ම ගොසිනි. ඔහුගේ එකම දියණිය සිය පියාගේ මතකය අප හමුවේ තැබුවේ මෙලෙසය.

සිංහල වචන කිහිපයකින් මගේ තාත්තා ගැන කියන්න තරම් මම පොහොසත් නැහැ. සරලව කියනවා නම් මෙලොව මා දුටු සුන්දරම සංවේදීම හදවතක් උරුම වුණ එකම කෙනා මගේ තාත්තා. බෝගසක් වගේ අපේ ජීවිත සුවපත් කළ මගේ තාත්තා නොසිටින්නට මාවත් අම්වත් මේ ගෙන්දගම් පොළවේ මං මුලා වෙලා. මගේ තාත්තා පුංචි කාලේ ඉඳලා මාව ඉගෙනීමට යොමු කරපු කෙනෙක් මිස සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා උගන්වන්න හදපු කෙනෙක් නොමෙයි. තාත්තට ඕන වුණේ මට හොඳට උගන්වන්න සහ සංගීත කලාව පැත්තෙන් මම හොඳ තැනක ඉන්නවා දකින්න.

මට මතකයි මට අවුරුදු දහයේදී විතර තාත්තා මාව සරත් අබේසේකර සර් ළඟට එක්ක ගියා. සංගීත විශාරද ඉගෙන ගන්න. එතකොට අපේ තාත්තට තිබුණේ බයිසිකලයක්. මහ වැස්සෙත් බයිසිකලයේ මාව සංගීත පන්ති එක්කරගෙන ගිය හැටි මට මතකයි. ඒ වෙලාවට තාත්තා මට කියනවා. ‘‘පුතේ ඔයා මගේ පිට මැද්දට තුරුළු වෙන්න කියලා’’ එදා ඒ පිට මැද්දට ගුලිවෙලා දැනුණු උණුසුම අදටත් මට දැනෙනවා. මම අද අම්මා කෙනෙක් වුණත් මගේ තාත්තාට අදටත් මම එයාගේ ‘‘පුංචි බේබි’’

 

ඔබ ගායිකාවක් කළා වගේම නිවේදිකාවක් කළෙත් තාත්තා නේද?

තාත්තා ෂඔභ එකට මාව එක්ක යනකොට මට අවුරුදු එකළොහයි. ළමා වැඩසටහන් නිවේදිකාවක් විදියට ගිය ඒ ගමන වසර පහළවක් මම නිවේදිකාවක් ලෙස සේවය කළා. ඒ අතර ගුවන් විදුලියේ ගීත ගායනා කළා. තාත්තා මට ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්න ගත්තේ මට අවුරුදු දහයේ ඉඳලා. මගේ තාත්තට හැම දෙයක් ගැනම හොඳම දැනුමක් තිබුණා. මගේ ජීවිතේ ගුරු දෙවියා වුණේ මගේ තාත්තා. සාමාන්‍ය කෙනෙක් කතා කරන දේවල් වලට වඩා හරිම ලස්සන සුන්දර සිතුවිලි ටිකක් මගේ තාත්තට තිබුණා. නිවේදනය ගායනය කියන ක්‍ෂේත‍්‍ර දෙකේම මගේ ගුරුවරයා වුණේ තාත්තා. මේ වෙනකොට මම චිත‍්‍රපට දහයක් සහ ටෙලිනාට්‍ය පහළවක විතර ගීත ගායනා කරලා තියෙනවා. ඒ හැම අවස්ථාවක්ම මට ලැබුණේ මගේ තාත්තා නිසා.

‘‘මගේ තාත්තට හීන ගොඩක් තිබුණා. ලොකුම හීනය වුණේ මම කැම්පස් යනවා බලන්න. ඒ හීනය මම ඉෂ්ඨ කළා. අනෙක් හීනය වුණේ මම සංගීත පැත්තෙන් ඉදිරියට යනවා බලන්න. තාත්තයි මමයි අන්තිමට ගිය සුන්දරම ගමන වුණේ පසුගියදා පැවතුන සරසවි සම්මාන උළෙල. ඒ යද්දි තාත්තා කවදාවත් නැතුව මාත් එක්ක ගොඩක් දේවල් කතා කළා.

‘‘මම ආසයි ඔයා කවදාහරි මියුසික් වලින් සම්මානයක් ගන්නවා බලන්න. දුවේ මනුස්සයෙකුට තැනකට එන්න ලොකු කාලයක් යනවා. එහෙම නැතුව සම්මාන ගන්න බැහැ. ඔයා ඒ තැනට එනකොට සමහර විට මම ජීවත් වෙන එකක් නැති වේවි. ඔයා තවම මේ ක්‍ෂේත‍්‍රයට පොඩියි. දුවේ’’ කියලා කියපු වෙලාවේ මගේ පපුව පිච්චිලා ගියා. මට තාත්තගේ හීන වලින් ඉෂ්ඨ කරන්න බැරි වුණ එකම දේ ඒක. තාත්තා කියපු තැනට කවදාහරි ගිහින් සම්මානයක් අරගන්න මම උත්සාහ කරනවා.

 

තාත්තාගේ කලා ජීවිතේ එයා වැඩියෙන්ම සතුටු වුණ අවස්ථා මතකද?

එයා කරපු හැම කලා කටයුත්තක්ම කළේ හරිම සතුටින්. තාත්තාට ලොකු ආසාවක් තිබුණා චිත‍්‍රපටයක් කරන්න. සුමිත‍්‍රා පීරිස් අධ්‍යක්‍ෂණයෙන් ‘‘මදාරා’’ කියලා චිත‍්‍රපටයක් කරන්න ගත්තා. සියලූම ගීත ලියලා තිබුනා. ඒත් චිත‍්‍රපටය කරන්න කලින්ම ඔහු අපිව දාලා ගියා. ඒත් තාත්තා වෙනුවෙන් අම්මයි මමයි ඒ චිත‍්‍රපටය ඉක්මනට කරනවා.

 

අන්තිමට තාත්තා ලීවෙත් චිත‍්‍රපට ගීතයක් නේද?

ඔව්. උදයකාන්ත වර්ණකුලසූරියගේ වස්සානේ සැඳෑ කියන අලූත් චිත‍්‍රපටයට ගීතය කියන්නේ මමයි. අමල් පෙරේරයි. තාම ඒ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වුණේ නැහැ. මගේ තාත්තා නිතරම කිව්වේ අවුරුදු අනුවක් විතර ජීවත් වෙලා තමයි යන්නේ කියලා. මගේ අම්මා තාත්තට වඩා අවුරුදු 20ක් බාලයි. සමහර වෙලාවට තාත්තා අම්මට කියනවා. ‘‘අනේ ළමයෝ මට ඔයාගෙන් අවුරදු 10ක් දෙන්නකෝ මට තව කල් ඉන්න ඕනා කියලා’’

 

තාත්තා කලාකරුවෙක්. අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක්. මේ ක්‍ෂේත‍්‍ර දෙක ගෙදර ඇතුලේ ගලපා ගන්නේ කොහොමද?

හරිම සුන්දර විදිහට ඒ දෙන්නා ඒ දේවල් ගලපා ගත්තා. මගේ අම්මා තාත්තව බඳිනකොට අම්මට අවුරුදු දහඅටයිලූ. අම්මා නිතරම කියන්නේ එයාගේ තාත්තා වුයේ ස්වාමියා කියලා.? මගේ තාත්තා කියන්නේ මේ ලෝකෙ ඉන්න විශ්වාසවන්තම බිරිඳ ඉන්නෙ එයාට කියලා. මගේ අම්මා ලස්සනයි. තරුණයි, තාත්තා වයසයි. ඒත් මගේ තාත්තා කියන්නේ මගේ අම්මා සුදු රෙද්දක් වගේ පිරිසිදු චරිතයක් කියලා.

ඒ වගේම මගේ තාත්තා කවදාවත් කලා ක්‍ෂේත‍්‍රය ඇතුලේ කතාවක් හදාගෙන නම කැත කරගත්ත කෙනක් නෙමෙයි. ඒ තාත්තගේ දුවක් වීම ගැන මට හරිම ආඩම්බරයි. තාත්තා මැරෙන මොහොතේ මට කිව්වේ. ‘‘පුතේ කවදාවත් මේ ක්‍ෂේත‍්‍රයේ නරක කතාවක් හදාගන්න එපා. මිනිස්සු ඕන තරම් කතා හදයි. හැබැයි ඒ කතාවල් ඇත්ත කරන්න එපා කියලා. මම ප‍්‍රාර්ථනා කරන්නේ මගේ තාත්තා ඊළඟ භවයෙත් මගේ තාත්තා වෙන්න කියලා.

නෙමෙයි තාත්තා මගේම දරුවෙක් වෙලා මගේ කුසේ උපදින්න කියලා.

තාත්තා දකින්න අකමැති වුණ එකම දේ තමයි මගේ ඇස්වල කඳුළු. මම තාත්තට පේන්න අඬලා තියෙන්නේ ජීවිතේට දෙපාරයි. සතියක්වත් එයා ජීවත්වෙන්නේ නැහැ කියලා මරණය දැක දැක හිතෙන් පුදුම විදිහට වේදනා වින්දා. එයාට පේන්න අඬන්න බැහැ. එයා ලෙඩ ඇදේ ඉද්දී කාටවත් නොපෙනන තැනකට ගිහින් මම හොරෙන් අඬපු වාර අනන්තයි. මගේ තාත්තා මට කරන්න පුළුවන් හැමදේම කළා. තාත්තාගේ මිනියට කර තියන්න තරම් පුතෙකුට වඩා හැමදේම ඉදිරියට කරගෙන යන්න තරම් මට හොඳ ශක්තියක් දීලයි ඔහු ගියේ.

 

නදීෂා අතුකෝරළ

 



අදහස් (0)

'මදාරා' සිනමාවට නැගීම තාත්තාට තිබුණු ලොකුම හීනයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1321 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2353 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9574 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site