IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මුදල් අමාත්‍යංශය නිදිමතේ වැඩ - එස්. බී.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5000ක් පමණ ඇතත් ඒවා පිරවීමට මුදල් අමාත්‍යංශය ඈලි මෑලි ගතියක් දක්වන බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන ඇමැති  එස්.බී දිසානායක මහතා පැවසීය.

දුප්පත්කම තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයාට ඇති ඉලක්කය සපුරා ගැනීමේ වැඩි වගකීමක් ඇත්තේ තම අමාත්‍යංශයට වන බවත්, එය ඉටුකිරීමට නම් එම පුරප්පාඩු පිරවිය යුතුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් දක්වන ඈලි මෑලි ගතිය පිළිබඳ  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්වත් කර තිබෙන බව ද කී   දිසානායක මහතා මුදල් අමාත්‍යංශයේ ප්‍රමාදය පිළිබඳ කණගාටු වන බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ 2017 වසරේ අමාත්‍යංශ ඉලක්ක පිළිබඳව  නිලධාරීන් සමඟ අද (2) පැවැත්වූ සාකච්ඡාවකදීය.
 



අදහස් (0)

මුදල් අමාත්‍යංශය නිදිමතේ වැඩ - එස්. බී.

සම්පත් පතිරණ Tuesday, 03 January 2017 03:02 AM

මම නම් හිතන්නේ මුළු කැබිනට් මණ්ඩලයම ඉන්නේ නිදිමතේ (නි)

:       0       0

චින්තක Tuesday, 03 January 2017 03:18 AM

ලොකු ලොකු අය පිටරට යනවා, එනවා. ගෝලයෝ නිදි . ඔන්න යහපාලනේ! (නි)

:       0       0

දිමුත් Tuesday, 03 January 2017 04:50 AM

මෙයාට ඕනෙ මෙයාගෙ 5000ක් දාගෙන නැතිවෙච්ච ඡන්ද පදනම හදාගන්න... ‍අනේ මහත්තයෝ ඔහොම නෙමේ ඔයා ලංකාවේ ඔක්කොටම ඔය විදිහට හොර පාරෙන් ‍රස්සා දෙන්න හැදුවත් ඔයාට ඔයා‍ගෙ ගෑණිගේ ඡන්දෙවත් හම්බුවෙන්නනෙ නැහැ. (බ)

:       0       0

ජබාර් Tuesday, 03 January 2017 05:49 AM

සේනගේ කටේ මසුරන් දාන්න ඕනේ (බ)

:       0       0

ගැමුණු Monday, 02 January 2017 02:03 PM

දැන්ද තේරෙන්නේ ? (අ)

:       0       0

ලියනගේ Monday, 02 January 2017 02:45 PM

මුදල් නැති වෙනකොට දෙන්න . (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 02 January 2017 03:28 PM

සමුර්ධි සංවර්ධනය කෙසේවෙතත් මේ මහත්වරු තම ආර්ථිකය සීග්‍රයෙන් සංවර්ධනය කරගන්න දක්ෂ අය, මුදල් අමාත්‍යංශය දුන්න නිසා වෙන්න ඇති පස්ස ගහන්නේ (අ)

:       0       0

සේන Monday, 02 January 2017 03:41 PM

මේවට වැඩක් නැතව ඉන්න වෙනත් රජයේ ආයතනවල සේවකයෝ අනුයුක්ත කරගන්න. මෙහිදී මුදල් ඇමති හරි කියල මට නම් හිතෙන්නේ. එතුමා දැනටත් විශාල බරක් වන අකාර්යක්ෂම රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කර මුදල් ඉතිරි කරගන්න බලන කොට ඡන්දෙන් පැරදුනු එස්. බී. ඇමති තුමා දේශපාලන පත්වීම් දීල ඡන්ද වැඩි කරගන්න හදන බව තමා පෙනෙන්න තියෙන්නේ.(අ)

:       0       0

ලුසේනා Monday, 02 January 2017 06:37 PM

පරාජිතයන් ගිය උඩ! (නි)

:       0       0

සුජීව Monday, 02 January 2017 06:38 PM

ජනතා ඡන්දයෙන් මනාපයක් ගන්න නොලැබුණ මේ කට්ටිය නියමෙට පරිප්පු කනවා. යන්න, යන්න, යහපාලනයට කඩේ ගිහින් ලබන ඡන්දෙන් අපිව හමුවන්නකෝ! දෙන්නම් උත්තරය නියමෙට අපි. (නි)

:       0       0

සෑම් Monday, 02 January 2017 08:32 PM

මහජනතාව නියෝජනය කරන දේශපාලනඥයෙක් මෙවැනි දෙයක් කිව්වට වරදක් නැහැ. නමුත් මහජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යවපු කෙනෙක් පස්සා දොරෙන් විත් මේවා කියනකොට නම් දුක හිතෙනවා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 02 January 2017 08:33 PM

ඔය සමෘද්ධිය කියන්නේ නිෂ්පල වියදමක්. ඕක පටන් අරන් දැන් අවුරුදු 30ක් විතර වුණා. ලංකාවේ දුප්පත්කම නැතිවුණාද? ඕකෙන් පොහොසත් වුණේ නිලධාරීන්, කබල් දේශපාලකයෝ. ඔය වැයකරන මුදල් වලින් අර ඉස්සර වගේ දිළිඳු පවුල් වලට සලාක ක්‍රමයට බඩු දුන්නා නම් වඩා හොඳ බව මගේ වැටහීමයි (නි)

:       0       0

වින්සන්ට් Monday, 02 January 2017 08:39 PM

ද සිල්වා කියන දක්ෂකම අද වගේම එදත් අපි දුටුවෙමු. (නි)

:       0       0

සිරි Monday, 02 January 2017 09:50 PM

ඉතින් ඇහැරවලා ගන්න එපායැ. එ්කටනේ ඔයාලා වගේ ඡන්දයකින් එන්න බැරි අය අරගෙන ඇමතිකම් එහෙමත් දුන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 4 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 265 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5046 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4197 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6820 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 949 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site