(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ 2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (15) පෙරවරුවේ සටහන් කළ බව කතානායක කාර්යාලය පවසයි.
මේ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඉකුත් 7 වැනිදා සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 44ක් පමණි.
මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට ඡන්දයක් ලබා දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. එම ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මෙම මුදල් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක නායකයෝ මුල සිටම සිය විරුද්ධත්වය පළ කළහ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදිකරුවන්වන පුද්ගලයන්ට මෙම පනතින් සුජාතභාවයක් ලැබෙන බව එම නායකයෝ එලෙස විරෝධය පළ කරමින් සඳහන් කළහ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් පනත අද සිට බලාත්මකයි
de silva Wednesday, 15 September 2021 06:13 PM
කුඩු කාරයින්ට රජ මගුල්... 1%ක බද්දක් ගෙවලා ඔක්කොම කලු සල්ලි සුදු කරගන්න පුළුවන්. කොළඹ 07 ගෙවල්වල මිල ඉහළ යාවි..