මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමන කොල්ලුපිටියේදී විසිරැවූ පොලිසිය මාධ්‍යවේදීන්ට ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ඇරැඹීය.
පොලිස් කැරලි මර්දන ඒකකයේ ප්‍රධානී, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස්පති වගඋත්තරකරුවන් කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය අරම්භ කර තිබේ.
ජායාරූප - දර්ශන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු හොය හොයා යන මාධ්‍යවේදීන්ට නාගන්නවත් වෙලාවක් නැති නිසා පොලිසියට දුක හිතිලා නාවන්න පටන් ගන්න ඇති (බ)
මේ මාධ්‍යවේදියා මාස ගණනකට නාලා නැහැයි කියල පොලිසියට හිතුනද මන්ද , නේද (බ)
යහපාලනයේ ජන මාධ්‍ය නිදහස (බ)
මුන්ට ඔහොම ගහල මදි.. ඊර්සියා කාරයෝ ..රට ගිහින් ඉගෙනගෙන අාවනම් කිසිම දෙයක් බලන්නේ නැහැ . දොස්තර විදිහට වැඩ කරන්න පුළුවන්.. ලංකාවේ ඉගැන්නුවහම තමයි මෙයාලට අමාරු. පුද්ගලික විශ්ව විද්‍යාල වල තත්වය මදි නම් ඒක උසස් කරලා සල්ලි තියන කට්ටියට ඉගෙන ගන්න දුන්නහම අපෙන් පිටරට යන සල්ලිත් ඉතුරු වෙනවා. (බ)
මාධ්‍යවේදීන් දැන ගත යුතුයි මේ වගේ වෙලාවට බේරිලා තමන්ගේ රාජකාරිය කරගන්න. (ර)
කණගාටුයි,ඒත් මෙය කිව යුතුයි,මේ තීරුවට ලියන සමහරුකිසිවක් තේරුම්ගත නොහැකි මෝඩ අඳබාල පිරිසකි. (බ)
මේ මාධ්‍යවෙදියත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වගේ කියල තේරුනේ මට පොලිසියටයි මටයි විතරද මන්දා.(අ)
සමන්, එම්බීබීඑස් පිට රටක කළත් ඒ අයට ලංකාවේ වෛද්‍ය වරයෙක් විදිහට වැඩ කරන්න බෑ.ජී.එම්ඕ. එකේ පවත්වන විභාගය සමත් වෙන්න ඕන.(අ)
ලංකාවේ තවත් ඕනෑතරම ආයතන තියනවා මුදලට උගන්වන, ගිය සති අන්තේත් තිබුන ජොබ් ෆෙයාර් එකක්, එකෙත් සල්ලි වලට වෛද්‍ය විද්‍යව උගන්වන ආයතන කිහිපයක්ම තිබුනා. (ර)
බොරු .බොරු.යහපාලනය යටතේ මාධ්‍ය නිදහසට කෙස් ගහකින්වත් හානියක් වෙන්නේ විදියක් නැහැ නේද ? (අ)
තුසිත, එම විභාගය කලත් ඉතින් පිටරට ගිහින් සල්ලි දීලා ගත්ත උපාදිය නොවේද? මෙහෙ අයටත් එම විභාගය දෙමු (අ)
තුසිත, නොදන්නා දේවල් කතානොකර ඉන්න. (නි)
විදෙස් යුදපිටිවල මාධ්‍යවේදින් අපමණ කරදර වලට ලක්වෙනවා. මෙය අවදානම් රැකියාවක් බව දතයුතුයි. මීටපස්සේ අන්තරේ පස්සේ යනවිට වැහිකබායක් අරන් යන්න, නාගන්න වෙනවා සිකුරුයි. (නි)
යුද්ධයෙන්වත් බිම දාන්න බැරිවුණු අපේ රටට වෙන්න යන දේ හොඳින් පේනවා. කමක් නැහැ ලක්ෂ 62 කගේ බලපොරොත්තුවනේ! (නි)
සමහර අය හිතන්නේ සල්ලි තිබුණහම දොස්තරලා වෙන්න පුළුවන් කියලා. දුකත් හිතෙනවා (නි)