විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය ලෙස පත් කරනු ලැබ සිටින මහීෂිනී කොලොන්නේ මහත්මිය සිය ප්‍රථම මාධ්‍ය හමුව එම අමාත්‍යංශයේ දී අද පැවැත්වූ අතර ඒ සඳහා සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත එවා තිබූ ආරාධනා පත්‍රය මගින් මාධ්‍යවේදීන්ට කොන්දේසි ගණනාවක් පනවා තිබිණි.
සජීවී වාර්තාකරණ කැමරා රැගෙන ආ නොහැකි බවත්, රූපවාහිනී ආයතනවල හා එසැණින් ප්‍රවෘත්ති පළ කරන වෙබ්අඩවිවල වාර්තාකරුවන්ට හා ප්‍රවෘත්ති කර්තෘවරුන්ට ඊට සහභාගී විය හැකි වුවත් කැමරාකරුවන්ට සහභාගී විය නොහැකි බව එහි දක්වා තිබිණි.
මාධ්‍ය හමුව ආරම්භ වන්නේ පෙරවරු 11ට නමුත් මාධ්‍යවේදීන්ගේ පැමිණීම පෙරවරු 9.30ට පෙර තහවුරු කළ යුතු බව ද එහි සඳහන් විය.
මාධ්‍ය හමුව අතරතුරදී මාධ්‍යවේදීන් අමාත්‍යංශය හා සම්බන්ධ කරුණු පිළිබඳව ප්‍රකාශකවරියගෙන් ප්‍රශ්න කළ අතර එම ඇතැම් ප්‍රශ්නවල දී ඇය පැවසුවේ තමන් එම කරුණු පිළිබඳ තවමන් අධ්‍යයනය කරමින් සිටින බවයි.
අමාත්‍යංශ තොරතුරු ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඇගේ ජංගම දුරකතන අංකය ඉල්ලූ අවස්ථාවේ දී ‘මට අමාත්‍යංශයේ තවත් රාජකාරි තිබෙනවා. ඒ නිසා නිතර මාධ්‍යවලට පිළිතුරු දෙන්න හැකියාවක් නැතිවේවි.‘ යනුවෙන් පවසා අංකය ලබා දීම ප්‍රතික්ෂේප කළාය.
ඇය මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
ලංකාවේ මාධ්‍යවේදීනට මෙවැනි නීතී දැමුවත් ඇමෙරිකා දවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක හෝ තොරතුරු දැන ගැනීමේ අයිතියි ඉහළින්ම ගරු කරන බවත් කිසිම තහංචියක් නොපනවන බවත් විදෙස් මාධ්‍යවේදීහු කියති.
(ඡායාරූපය ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙයාව අස් කරන්න. (හේ)
ඉංග්‍රීසියෙන් හිතන ඡන්දේ දාන අපි මාධ්‍ය සාකච්ඡාත් සුදු බසින් කරමු (ම)
නියමයිනේ කරේ නැග්ගොත් ඉවරයිනේ (බ)
මේක යහපලනේනේ දැන් දැන් මාධ්‍ය වස පාලනයක් වෙන්න එන්නේ මේවා බලන්න කවුරුත් නැද්ද ඉක්මනට තොරතුරු දැන ගැනීමේ පනත ගෙන එන්න (බ)
ඉන්න සහ හිටපු ඔය කොයි කොයි මාධ්‍ය ප්‍රකාශ කළත් කළේ මාධ්‍යවේදින්ට කොකාපෙන්නපු එක තමයි එදා ඉඳලම. මටනම් මහලොකු විශේෂත්වයක් නැහැ මෙයාගෙත්.(ම)
මෙතන එතුමියගේ පැත්තෙත් සාධාරණතාවයක් තියෙනවා. (බ)
ලුමිබිනි හමුදා මාධ්‍ය ප්‍රකාශක ඔය විදියට කෙළ් නැහැනේ මොකක් හරි අවුලක්ද හමුදාව එක්ක (බ)
මේ පත් කිරීම යහ පාලකයන් කර ඇත්තේ ඇඳුනුම් කමටද නැත්නම් දක්ෂ කමටද නැත්නම් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨත්වය මතද ? (නදී)
මාධ්‍ය සාකච්ඡාවක් තියෙනකොට එම නිලධාරියා එය කරන ආකාරය දැනගෙන කළ යුතුවේ. මාධ්‍යයද එම නිලධාරියා අපහසුතාවයට පත් නොකළ යුතුයි. කැමරාකරුවන්ට තහනම් කරලා මොන මාධ්‍ය සාකච්ඡාද ? (බ)
මෙයාල මහාන්සි වෙලා කර ගන්න ඕනි දේවල් "ම" අයින් කරලා කර ගන්න දක්ෂ අය නේ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. (බ)
රාජ් විදේශ කටයුතු මොන භාශාවෙන් කරත් බහුතර සිංහල මිනිස්සු ඉන්න රටේ මාධ්‍ය සාඛච්ඡා සිංහලෙන් වෙන්න ඕනේ. ඒ අතරේ දෙමළ කතා කරන මිනිස්සුන්ට තේරෙන්න දෙමළෙන් කතා කරාට කමක් නෑ. දැන් මට කියන්න කොහේද ලංකාව ඇතුලේ ඉංග්‍රීසීන් ඉන්නේ? මේ නෝනට කියන්න නිකං ලොකු සීන් නැතුව සිංහලෙන් කරන්න කියලා. නැත්තන් මාධ්‍ය මහත්තුරු මේ සාකච්ඡා වර්ජනය කරන්න.(හේ)
කියන්න වචන නැහැ. (හේ)
යහපාලනයේ මාධ්‍ය නිදහස! පට්ට පට්ට මහින්දගේ කාලේ නැති , යහපාලනයෙන් පුදුම නිදහසක්නේ මාධ්‍යවලට දෙන්නේ, වෙලාවට දත් කටේ විතරක් තිබුනේ. (බ)
තව ටික දවසක් යනකොට හරි යයි.(හේ)
මුලින්ම රූපවාහිනියට මූණ පෙන්වන්න ලැජ්ජ වෙන්න ඇති.(හේ)
මොළයක් නැති අය ආයතනවලට දාගෙන මෝඩ ඇමැතිවරු රට කනවා. අදාළ තනතුරුවලට ඒ සම්බන්ධ දැනුමක් ඇති අය පත් කළ යුතුයි. (බ)
උසස්පෙළ පාස් වෙලාද චෙක් කරන්න (බ)
විනාඩි තිහක දර්ශන රූගතකළ හැකි ඔරලෝසු තිබෙනවා. එවැන්නක් අතේ බැදගන යන්න තරම් අපේ මාධ්‍යවේදීන්ට හැකියාවක් නොතිබීම ගැන කනගාටු වෙන්වා. (බ)
මුන් ඉතින් මෙම නපුංසක අධ්‍යාපන ක්‍රමයෙන්ම බිහිවුන විදේශීය රටවලට කත් අදින උන් අපේ රටේ සිදු වෙන දේ අපේ රටේ මාධ්‍ය වලට අන් සේරටම කලින් දැනගන්න ඕනේ කියන එක මුන්ට තේරෙන් නැහ පරගැති මනසිකත්වේ තමා...(බ)
යහපාලනයේ මුලික හරයන් කිසිවක් ගැන දැනුමක් නැති මේවගේ මනුස්සයෙක් මෙතනට දැම්මේ මොකටද? (ම)
මේ පික්පොකට් කාරයින්ගේ අවශ්‍යතාවය ඉටු කරන මාධ්‍ය සංකල්පයයි අර කවුරුන් හෝ කෙනෙක් පැවසූ විදියටම 77න් පස්සේ ආපු මාධ්‍ය මෙහෙයුම තමයි ඔය ,ඔලුව ඉදිමුණු මේ රටේ නොවේ වාගේ ජීවත් වන කට්ටියනේ, (බ)
මෙතනට විදේශ මාධ්‍යවේදියොත් එන නිසා ඉංගිරිසියෙන් කරන්න ඇති .මාධ්‍ය සංදර්ශන නැතිවුනාට කියපු දේ හරිම සාධාරණයි. යු එන් ඕ එකේ නිත්‍ය නියෝජිතයන් සිටිත්දී වෙනම කට්ටිය යවන්නේ නැහැ කියලා තියෙනවා. මාධ්‍යකරුවන්ට ඕනනම් ස්වකිය වියදමින් යන්න පුළුවන් කියලා . වෙනදා යන්නේ පවුල් පිටින් නේද? (බ)
ලැජ්ජාවේ බෑ.(හේ)
මෙයා පත් කල යුත්තේ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසයි. (නදී)
මෙයා තවම මේ ජොබ් එකට කොඩුකාරියෙක් නේ. පහුවෙනකොට මේ මනස්ගාත නැතිවෙලා යාවි.(හේ)
මේ වගේ අය තමයි රට කන්නේ. එලවලා දාන්න ඕනේ (නදී)
මෙයා ඇමෙරිකාවට එවල පොඩි පුහුණුවක් දෙන්න (නදී)
ඒ ජා.ප ය "යහපාලනයේ" කොටස් කාරයෙක් උනත් තමන්ට අයිති අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා පවත්වාගෙන යන්නේ ජේ. ආර් ගේ කාලයේ සිටන් තමන් ට උරුම වූ විශේෂ සම්ප්‍රදායක් ක්‍රියාත්මක කරන අන්දමටයි. සිංහල බහුතරයක් ඉන්න රටේ සිංහලෙන් වැඩ කරන බැරි කිසිකෙනෙකුට මාධ්‍යය හසුරුවන්න තබා පාර්ලිමේන්තුව අතුගාන්න වත් දෙන්න නරකයි.(නදී)
තව ටික කාලයක්නෙ ඔහොම තියෙන්නේ කට්ටිය ඉවසගෙන ඉමු (නදී)
බලයක් නැතුව ඔහොම නම් බලේ ලැබුනොත් කොහොම වැඩ කර ගෙන යනවා ඇතිද (නදී)
මෙම ක්‍රියාව මාද්‍ය කරණයට නොගැලපෙනවා නම් මෙය පෙන්වා දෙන වෙලාවේම විසදන්න කටයුතු කල යුතුයි. එහෙම නොකලාම තමයි කඳුළු ගෑස්, ජල ප්‍රහාර සංදර්ශන පවත්වන්නේ (නදී)
මෝඩ ගැහැණුන් කරන වැඩ (නදී)
මාධ්‍යවේදීන්ට තිබුනේ මේක වර්ජනය (නදී)
ඒක හරි, එය නිවරදියි. මොකද කලින් කියපු දෙයක් මෙ මම කිව්වේ නැහැ කියා කියන්න පුලුවන් එතකොට. (නදී)
එහෙම කෙනෙක් මාධ්‍ය ප්‍රකාශිකාවට ගැලපෙන්නේ නෑනේ.(හේ)
ජනමාධ්‍ය ට ගරු නොකරන මෙවන් අය පත් කරන්නේ මොකටද ? (නදී)
මේ වගේ අය තමයි රට කන්නේ. එලවලා දාන්න ඕනේ (නදී)
තව ටික කාලයයිනේ ඉන්න වෙන්නේ. අනුකම්පා කරමු. යහපාලනේ ආනිසංස තමයි ඔය. (නදී)
මාස 5 ඉවසපු එකේ , තව චුට්ටක් ඉවසගෙන ඉමු. (නදී)
සත්‍යා මෙතනට සිංහලෙන් වැඩ කමක් නැහැ . එ්ත් හැම තැනටම ඕක හරියන්නේ නැහැ. අපේ විදේශ තානාපති කාර්යාලවල සේවය කරන බහුතරයක් දන්නේ ඔබ ඔය කියන භාෂාවෙන් වැඩ කරන්න විතරයි. ඒ නිසා එම රටවල ශ්‍රී ලාංකිකයනුත් ඒ රටේ අනෙකුත් ආයතනත් මේ මිනිස්සු එක්ක දුරකතනයෙන් කතා කරන්න ගියත් ඉංග්‍රීසියෙන් ලිය කියවිලි වැඩක් කරගන්න ගියත් හරිම අපහසුතාවකට පත් වෙනවා. සිඩ්නි නුවර කොන්සුලර් අංශයට ගිහින් බලන්න. වැඩක් කරගන්න ගියාම පිස්සු හැදෙනවා. (නදී)
ඉක්මන් ගමන් යන්න මෙයා හරිම දක්ෂයෙක්. යහපාලනේටත් මෙයා රිංගුවා. ජනවාරි අටවෙනිදට කලින් අන්තිම දවස් ටිකේ මෙයා කොහෙද හිටියේ කවුරු එක්කද කියල අපි නම් දන්නවා. (නදී)
මාධ්‍ය ප්‍රකාශක වෙන්නේ පළමු වෙනි පන්තියේ නිලදාරීන් නේද ? (නදී)
සිංහල සහ ද්‍රවිඩ රාජ්‍ය භාෂා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වී ඇත. ඉංග්‍රීසි සම්බන්ධිකරණ භාෂාවයි. ඇයට සිංහල හෝ ද්‍රවිඩ බසින් පිළිතුරු දිය නොහැකි නම් අඩුම තරමේ භාෂා පරිවර්තක සේවාවක් හෝ ලබා දිය යුතුය.(බ)
මම හිතන්නේ අපේ ලංකාවේ ගොඩක් මාධ්‍යවේදීන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ සැහෙන අඩු පාඩු සහ පරස්පරතාවයන් තියෙනවා. එකම පුවත පුවත්පත් කිහිපයක පලවන්නේ එකිනෙකට බොහොම වෙනස් ආකාරයටයි. පුවත් වාර්තාකරණයට වඩා මේගොල්ලෝ කරන්නේ පුවත් වෙළදාම කියල තමයි පාඨක අපට හිතාගන්ට වෙලා තියෙන්නේ. ඒ තරමට ලොකු තරගයක් තියෙන්නේ. කොයි පුවත්පතද ඇත්ත කියන්නේ කියල හිතාගන්ට බැරි තරමට පැටලිලි සහිතයි. ගුණාත්මක වාර්තාකරණයකට යන්ට ඕනේ නම් මේ ක්‍රමයන් වෙනස් විය යුතුයි. (බ)
ඉහළින් ලැබෙන නියෝග අනුව ප්‍රකාශවරිය වැඩ කරන්න ඇති. (බ)