ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් කළ මාධ්‍ය නිවේදනය හේතුවෙන් මාධ්‍ය ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (29) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පැහැදිලිව කියනවා. නැත්නම් ඉල්ලා අස්වී යන්නට සිදුවන පරිදි ඉදිරියේදී මැයි රැලියෙන් පසු පියවර ගන්නවා. සදාචාරාත්මකව දැන්ම ඉල්ලා අස්වී ගෙදර යන එක හොඳයි. මේ අද එන හෙට යන ලේකම්වරුන්ට ඕන විදියට රටේ නීතිය උල්ලංඝනය කරන්න බෑ‘ යැයි ද ඒ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ කාලේ මාධ්‍යයට කළ දේවලුත් අපිට තවම මතකයි (නි)
දිලීපගෙයි තිලක්ගෙයි මතය එකම වෙලා. බලන්නකෝ ඒකෙත් හැටි. (නි)
ඔහොම ඉල්ලලා අස්වෙනවා නම් අස්වෙන්න ඕනෑ, කිසිම සුදුසුකමක් නැති අය මොනතරම් ඉන්නවද? (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
අපිට පව් දෙන්නේ නැතුව පිනක් දහමක් කරගෙන ඉන්නවා නම් හොඳයි. (නි)
අපිත් පිළිගන්නවා ඒ කතාව. වහාම ඉල්ලා අස්විය යුතුයි (නි)
පුදුම පාලනයක් දැන් තියෙන්නේ. මේ වගේ අයට ඡන්දෙ දීලා රජ කරවපු අපිම තමා, එයාලව බිමට ඇදලාත් දාන්නේ (නි)
දන්නේ නැති හින්දයි අහන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියලා සංවිධානයක් නීත්‍යානුකූලව ලියාපදිංචි කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ නමින් පෙනීසිටීම වැරදියි නේද? ඕනෑම කට්ටියකට එකට එකතුවෙලා ඔය නම් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් නේද? (නි)
මෙහෙම ඉතින් කියන කියන පළියට අස්වෙන්න ගියොත් හොඳට හිටීවි. (නි)
මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුත්තේ ඔහු වැරද්දක් කළානම් නේ. ඔහු ලියපු දේ කාටත් තේරෙනවා ඇත්ත කියල. ඒ නිසා දිනේශ් මෙතැන ලොක්කා නොවී, නීතිපති ගෙන් ඒ සදහා වෙනම නිර්වචනය ගන්නා තුරු ඉන්න එක හොදයි. නැත්නම් වෙන්නේ කරත්තේ රෝදේත් නැතුව යන්න. (බ)
මාධ්‍ය ලේකම් විතරක් නොවෙයි, ඔය ලියුම මාධ්‍ය ලේකම් ලවා ලියවපු අය ගැනත් අපිට නම් ඇත්තේ අප්‍රසාදයක් (නි)
ඇත්ත කියනකොට විපක්ෂයට හොඳටම කේන්ති යනවානේ. (නි)
මාධ්‍ය ලේකම් ලකුණු දාගන්න ගිහින් වෙච්ච දෙයක්. (ර)
වගකිව යුතු තනතුරු වලට සුදුස්සන් පත් නොකිරීමේ අනිටු ඵල අප ඉදිරියේ දකින්නට අසන්නට ඇත. (ර)
මගේ මතයත් මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතුයි කියලයි. (ර)
මගේ මතයත් මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතුයි කියලයි. (ර)
ඉල්ලා අස්වෙන්න සුදුසු කම් තිගෙන අය නම් ඕන තරම් ඉන්නවා. අපේ කරුමෙටද මන්දා, ඔය එක්කෙනෙක් වත් ඉල්ලා අස්වෙන්නේ නැති එකනේ අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? (ර)